Pages පිටු

Pages

In Box...

නවසීලන්තයෙන් විෂ කිරිපිටි ගෙනත් රේගුවේදී අසුවේ

නවසීලන්තයෙන් විෂ කිරිපිටි ගෙනත් රේගුවේදී අසුවේ නවසීලන්තයෙන් මෙරටට කිරිපිටි ආනයනය කරන ප‍්‍රධාන පෙළේ සමාගමක් විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි කිලෝ ග‍්‍රෑම් 16,000ක් මෙරටට ආනයනය කර ඇති බවත් තවත් ප‍්‍රධාන පෙළේ සමාගම් තුනක් සෞඛ්‍යයට අහිතකර ආහාර විශාල තොගයක් ආනයනය කර ඇති බවත් අනාවරණය වෙයි.
ඒ කැනඩාවෙන් ගෙන්වූ අපද්‍රව්‍ය සහිත සහ කැඩුණු ඇට සහිත පරිප්පු මෙටි‍්‍රක් ටොන් 25,000ක්, ඉන්දියාවෙන් ගෙන්වූ ප‍්‍රඹිතියට අනුකූල නො වූ ජෑම් හා කෝඩියල් සෑදීමට ගන්නා අඹ පල්ප් කිලෝ ග‍්‍රෑම් 18,600ක් හා සෝස් සෑදීම සඳහා උපයෝගී කර ගන්නා චීනයෙන් ආනයනය කළ තක්කාලි පේස්ට් අඩි 40ක කන්ටේනර් 4කි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පරීක්ෂක ඒකකය මඟින් සිදු කළ වැටලීම්වල දී මේවා සොයාගෙන තිබේ.
ප‍්‍රසිද්ධ පුද්ගලික සමාගම් 4ක් මඟින් ආනයනය කර තිබෙන මිනිස් පරිභෝජනයට නුසුදුසු එම ආහාර තොග රේගු භාරයෙන් මුදා නො හරින ලෙස ආහාර පනතේ ප‍්‍රධාන බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.
4,664 Viewers

No comments:

Post a Comment