Pages පිටු

Pages

In Box...

සිරියානු හැකරුන් ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ වෙබ් අඩවියට පනී


සිරියානු හැකරුන් ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ වෙබ් අඩවියට පනීමෙම සතිය පුරාවටම බටහිර මාධ්‍ය එකක වලට අයත් පරිගණක වෙත හැකර්වරු පහර එල්ලකර ඇත. මෙවර ඔවුන් ෆයිනෑන්ෂල් ටයිම්ස් ආයතනයේ වෙබ් අඩවිය වෙනස් කර ඇති අතර ඔවුන්ගේ සමාජ වෙබ් අඩවියේ පිටුවෙද සදහනක් කර ඇත.
මීට දින කිහිපයකට පෙර නිව්යෝක් ටයිම්ස් පුවත් පතටද මෙවැනිම දෙයක් මොවුන් විසින් සිදුකර ඇත. මොවුන් සිරියානු ඉලෙක්ට්‍රොනික් බලඇණිය නමින් හැදින්වෙන පරිගණක හැකර්වරු පිරිසක් වේ.
සිරියානු ජනාධිපති බසාර් අල්-අසාද් වැරදිකරුවෙකු කර ඇති ප‍්‍රධාන මාධ්‍ය ආයතන වෙත මෙසේ ප‍්‍රහාර එල්ල කර ඇත. එමෙන්ම ඔවුන් සිරියානු තස්ත‍්‍ර කණ්ඩායම්වලට පක්ෂපාති මාධ්‍ය වෙතද ප‍්‍රහාර එල්ල කර ඇත.
BBC, අල්-ජසීරා සහ අනියන් නැමති අන්තර්ජාල ප‍්‍රවෘති ඒකකයද මොවුන්ගේ ප‍්‍රහාරයන්ට ලක්ව ඇත. ෆයිනෑන්ෂල් ටයිම්ස් ආයතනයේ වෙබ් අඩවියට ඔවුන් ඇතුලූ වී ලිපි 12ක් පළකර ඇත. එහි ‘සිරියානු හමුදාව විසින් ඇතුලූ වන ලදී’ යන්න සදහන් කර තිබිණි.
ෆයිනෑන්ෂල් ටයිම්ස් ආයතනයේ ට්වීටර් වෙබ් ගිණුම මගින්ද ට්වීට් පණිවුඩයක් මොවුන්ගේ අනුගාමිකයන් වෙත යවා ඇති අතර සිරියානු හමුදාව මෙතැනද සිටි බව එහි අදහස් කර ඇත. මෙම පණිවුඩය සමග යූ ටියුබ් හී මනුෂ්‍ය ඝාතන වීඩියෝ එකක ලිපිනයක්ද සදහන් කර ඇත.

No comments:

Post a Comment