Pages පිටු

Pages

In Box...

හොර DIG ඇත්ත DIGට කෝල් එකක් දීලා හිරේ


හොර DIG ඇත්ත DIGට කෝල් එකක් දීලා හිරේනියෝජ්‍ය පොලිස්පති මහේෂ් පෙරේරා මහතා ලෙස පෙනී සිටිමින් ඒ මහතාටම දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයකු පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාස 6 ක සිරදඬුවමක් ලබා දී ඇත.
මේ පුද්ගලයා පෑලියගොඩ ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක සේවය කරන 70 හැවිරිදි අයෙකි. මොහු සේවය කරන ස්ථානයේ පුද්ගලයකු රථවාහන නඩුවකට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා බේරා ගැනීම සඳහා මේ පුද්ගලයා දුන් දුරකථන ඇමතුමේ සඳහන් කර ඇත්තේ ’තමා ඞී.අයි.ජී.මහේෂ් පෙරේරා බවත්, වහාම වැඬේ ෂේප් කර දමන ලෙසත්ය.’ එහෙත් මේ පිළිබඳ සැකසිතූ පොලිස් නිලධාරින් නියෝජ්‍ය පොලිස්පති මහේෂ් පෙරේරා මහතාට දුරකථන ඇමැතුමක් ලබා දී මේ පිළිබඳව දන්වා තිබේ.

No comments:

Post a Comment