ඊට ආසන්නතම ඇමරිකානු තරගකරුවා වන ටයිටන් සුපිරි පරිඝනකය වාර්තා කර ඇති වේගය තත්පරයට පෙටාෆ්ලොප් 17.6ක් පමණි. ඉන්ස්පර් නම් චීන සමාගමක් විසින් නිෂ්පාදනය කර ඇති මෙය ඉන්ටෙල් සමාගම නිපදවන නවීනතම ප්‍රොසෙසරයන් මිලියන 3ක් පමණ චීන තාක්ෂණය සමග මුහුකරමින් සකසා තිබේ. පණගන්වා ඇති විටදී මෙගාවොට් 24ක විදුලියක් මෙම යෝධ පරිඝනක පද්ධතිය විසින් උකහා ගනු ඇති අතර උපදින අධික තාපයෙන් එය ආරක්ෂා කිරීම සඳහා විශේෂ ද්‍රව සිසිලන පද්ධතියක්ද නිර්මාණය කර තිබේ.
ඉන්ස්පර් සමාගම පවසන ආකාරයට ටියැංජි සුපිරි පරිඝනකයේ අපේක්ෂිත වේගය පෙටාෆ්ලොප් 54ක් වැනි ඉහළ අගයක් වන අතර පෙටාබයිට් 12ක ධාරිතාවකින් එය සමන්විත වනු ඇත. බුද්ධි තොරතුරු රැස්කිරීම, ගුවන් යානා සැකසුම සහ අත්හදා බැලීම ආදී කටයුතු වලදී ටියැංජි චීන ආරක්ෂක තාක්ෂණය සවිබල ගන්වනු ඇතැයි සැලකේ.
ලොව ඉහළම සුපිරි පරිඝනක 500 අතර පෙරමුණ ගනු ඇතැයි පැවසෙන මෙම නිර්මාණය විසින් වසර ගණනාවක් යන තුරු තාක්ෂණික තරගයේදී චීනය නොසැලෙන ලෙස පෙරමුණෙන් තබනු ඇති බවත් මෙමගින් ඇමරිකාවට නින්දෙන් අවදි වීමට බලකර ඇති බවත් ජැක් ඩොන්ගාරා පසුගියදා සහභාගි වූ සම්මුඛ සාකච්ඡවකදී පවසා තිබේ.
No comments:
Post a Comment