Pages

Pages

In Box...

එදා දිවුවේ මරණ බය දැනිලා.. බොදු බල සේනාව ත‍්‍රස්තවාදී සංවිධානයක්

එදා දිවුවේ මරණ බය දැනිලා.. බොදු බල සේනාව ත‍්‍රස්තවාදී සංවිධානයක්පසුගියදා තමන් ප්‍රදේශීය සභා රැස්වීමට සහභාලී වීම සඳහා යද්දී බොදු බල සේනා ත‍්‍රස්තවාදී විසින් වට කර සිටියදී දුවන්නට සිදු වූයේ තමාද පෘථග්ජන බැවින් යයි ජාතික බල සේනා සංවිධානයේ ප‍්‍රධානී මහියංගනය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියෝ පවසති.
උන් වහන්සේ පවසන්නේ එසේ දිව යන්නට සිදුවීම පිළිබඳ ඇතැමුන් විවේචනාත්මකව අදහස් බල කලද ඒ අවස්ථාවේ තමාට මරණ බය දැනුණ බවයි.
බොදුබල සේනා ත්‍රස්ත සංවිධානය මේවන විට රටේ නීතිය අතට ගෙන නිල නොලත් පොලීසියක් බවට පත්ව ඇති බවත්, තමන් නිල නොලත් පොලීසියක් බව ඔවුන් පුන පුනා සඳහන් කරන බවත් පවසන උන් වහන්සේ එය ඉතාමත් භයානක තත්ත්වයක් බවද සඳහන් කරති.
මෙම ත‍්‍රස්තවාදීන්ගේ ක‍්‍රියා නිසා සිදුවන්නේ රටත්, සම්බුද්ධ ශාසනයත් තව තවත් විනාශ මුඛයට දැක්කීම බවත් එමගින් බුදු දහමත් රටත් ලෝකය ඉදිරියේ තව තවත් හෑල්ලුවට ලක්වන බවත් විජිත හිමියන් වැඩිදුරටත් කියා සිටිති.

No comments:

Post a Comment