Pages

Pages

In Box...

විජයබා කොල්ලයේ සීයගෙ���ි මුනුබුරාගෙයි සිද්��ිය

 
 
 
 
 
 




 
"සීයේ කතාවක් කියන්නකෝ

හැමදාමත් වාගේ තම ඇට්ටර මුනුබුරාගේ ඉල්ලීමට එකඟ වනු හැර කලහැකි යමක් සීයාට නැත.

"
ම්......හරි ඉබ්බගෙයි හාවගෙයි කතාව කියන්නංකො අද....."

"
මොකද්ද සීයේ ඕක කොචිචර නං කිව්වද! මට අහලම එපා වෙලා.... අනෙක මෙදා ඉබ්බෙක් නෙවේනෙ අැවිල්ල තියෙන්නෙ තරගෙට..... දැං ඉබ්බ රේස් එක ආපු ගමං හාව මොකද්ද කරන්නෙ කියල සීය දන්නවද?"

"
මොකද්ද හරුපෙ? කියපං බලන්න"

"
අයියෝ සීය ඕකවත් දන්නෙ දැද්ද, තරගෙට ආපු ගමං හාව අර හංගල තියන පයිල්ලෙක අදිනව..."

"
අනේ මංදන්නෑ උඹේ කුනුහබ්බ! එහෙනං නරියයි මිදිවැලයි කතාව?"

"
අපෝ..... ඒකත් කොච්චර කිව්වද? හරි, නරියට මිදි කන්න බැරිවුනාම නරිය මොකද්ද කරන්නෙ කියල සීය දන්නවද?"

"
නරිය මිදි තිත්තයි කියල යනවනෙ?"

"
හූ හූ..... ඉස්සර නරි! දැං නරිය කරන්නෙ මිදි කන්න ඕනුනාම වෙන නරියෙකුට කියනව උඹට මට වැඩිය උඩ පනින්න පුළුවන් නිසා උඹ උඩ පැනපං පැනල මිදිටික මට කඩල දියං කියල"

"
උඹත් එක්ක බෑ කියන්නෙ ඕකනෙ.... උඹේ අපබ්රසං මට තේරෙන්නෙ නෑ බං... හරි! මං උඹට කියන්නං කොටිය කාපු කතාව!"

"
හෑ! මොකද්ද සීයේ.... අර හැමදාම ඡන්දෙ කාලෙට එන කොටිය ගැනද කියන්නෙ?"

"
පන්ඩිතකං නැතුව ඕං අහගනිංකො!"

"
හරි කියහංකො

"
ඔන්න ඉස්සර කාලෙ කොහේදෝ රටක හිටිය බැටළුවො බලාගන්න කොල්ලෙක්.... මූ හෙන ඇට්ටරය හරියට උඹ වගේමයි, මූ හැමදාම බැටළුවො ටිකත් අරගෙන කැලේට යනව"

"
එතකොට උෟ ඉස්කෝලෙ යන්නෙ නැද්ද? ටියුෂන් යන්නෙ නැද්ද? මේව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වන වැඩ සීයේ.... කියන්න ඕන දහනමෙයයි විසි නමෙයට වහාම!"

"
කාලෙ ඔය විකාර නෑ බං... ඔන්න කොල්ලට කම්මැලි හිතුනම මූ කෑ ගහනව කොටිය ආවෝ කොටිය ආවෝ කියල"

"
ඉතිං?"

"
ගමේ මිනිස්සු කඩු පොලු අරගෙන එනව කොටිය පතබාන්න හිතාගෙන, මොන! කොටියෙක් නෑ නෙව..... "

"
අම්මප මූ නං අර ආඩම්බරකාර තාත්තගෙ පරම්පරාවෙද කොහෙද හැමදාම කොටිය එනව කියන්නෙ එයාලනෙ"

"
හා හා කට කට දැං උඹ උස්සං ගියාම මට උඹත් නෑ"

"
හරි කතාව කියහංකො"

"
ඔන්න ඔය විදියට දවස් ගානක් මූ ගමේ මිනිස්සු රැවැට්ටුව! මේ අතරෙ දවසක් මූ බැටළුවො එක්ක ඉන්නකොට ඇත්තටම කොටිය ආව!"

"
නෑ!"

"
නෑ නෙවේ ඔව්.... කොටිය දැක්ක ගමං කොලුවට තරු පෙනුන.... ගමන කෑගහන්න ගත්ත කොටිය කෑවෝ කොටිය කෑවෝ කියල"

"
එ් ගමන නං කොටියට වැඩේ වරදින්න අැති නේද?"

"
නෑ බං.... කොලුව බොරුවට කෑ ගහනව කියල හිතපු ගමේ එවුන් ආවෙ නෑ එකෙක්වත්..... අන්තිමට කොටිය ඇවිල්ල කොලුවව කෑව. බොරුකලාම කාට කාටත් වෙන වැඩේ තමයි ඔය!"

"
ඒකත් හරියට මෛත්රීපාල මහත්තයට වෙච්ච වැඩේ වගේ නේද සීයේ?"

"
මොකද්ද මයිත්තිරි මහත්තයට උනේ?"

"
ඇයි සීයේ හැම එකාම ඡන්දෙට කලිං රතු මාමලට කියනව විදායකේ අහෝසි කරනව කියල.... රතු මාමල ඉස්ටේජ් නැගල ගිරිය කඩාගෙන කෑගහනව එයාල දිනවන්න...."

"
ඉතිං?"

"
කලිං වතාවෙං පාඩං ඉගනගත්ත රතු මාමල මෙදා සැරේ සපෝට් එකට ඉස්ටේජ් නගින්නෙ නැහැල්ලුනෙ! අන්තිමට මෛත්රී මාමට උනේ අර කොල්ලට වෙච්ච දේ නෙව"

නියම ඔරිජිනල් රාජ් ස්ටැයිල්ස් කතා   මේවා 
 


__._,_.___

 

No comments:

Post a Comment