Pages

Pages

In Box...

කොරෝනා සලකුණු හඳුනාගැනීමට උණ පරීක්ෂාව ඵලදායි නැතැයි පර්යේෂණ මගින් සනාථවේ.


නව කොරෝනා වෛරස් වසංගතය ලොවට පැමිණි වකවානුවේ සිට බාහිර පාර්ශ්ව සඳහා ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් වශයෙන් යම් යම් ආයතනවලට ඇතුළුවීමේදී පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම සිදු කරනු ලැබූ අතර පසුව මෙම ක්‍රමය දැන් පුරුද්දකට ගොස් තිබෙයි. මේ පරීක්ෂාව කොරෝනා වසංගත පාලනයට හෝ අන්අයගේ ආරක්ෂාව පිණිස වැදගත් යමක් ඉටු කරාවිදැයි ලොව පුරා සිදු කළ පර්යේෂණ කිහිපයක ප්‍රතිඵල දැන් නිකුත්ව ඇති අතර ඒවා ගොනු කර නව එංගලන්ත වෛද්‍ය සඟරාවේ බදාදා ප්‍රකාශයට පත් කරන ලද ලිපිය අනුව මෙම පර්යේෂණ සියල්ලෙන්ම පාහේ ඔප්පුවී ඇත්තේ එම කටයුත්ත ඵලදායි කාර්ය භාරයක් වසංගතය වෙනුවෙන් ඉටු කර නැති බවයි.
පාසැල්වල සහ කාර්යාලවල භාවිතා කරන උෂ්ණත්වය මැනීම සහ COVID-19 රෝග ලක්‍ෂණ පරීක්‍ෂා කිරීම මගින් කොරොන වයිරස් ආසාදන හඳුනා ගැනීමට හැකිවී නැතැයි එහි නිගමනයයි.

No comments:

Post a Comment