Pages

Pages

In Box...

සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයන් දෙදෙනා ලෙස සැලකෙන බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහයින් එකිනෙක සමීප වෙන දුර්ලභ ආකාශ දර්ශණයක්

සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයන් දෙදෙනා ලෙස සැලකෙන බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහයින් එකිනෙක සමීප වෙන දුර්ලභ ආකාශ දර්ශණයක් අද පස්වරුවේ මෙරට ජනතාවට දැකබලා ගත හැකියි.
වසර 397 කට පසුව එළැඹෙන මෙම දුර්ලභ ග්‍රහ පිහිටීම අද පස්වරු 06.30 ත් 07.30 ත් අතර කාලයේ දී බටහිර අහස නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිව දැකගැනීමට හැකියි. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටියේ බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයා එකිනෙක ලංවීම ඉලිප්සාකාර8 හැඩයෙන් යුත් ගිනි බෝලයක ස්වරූපයෙන් පියවී ඇසට දැකගත හැකි බවයි. නැවතත් මෙවැනි දර්ශනයක් දැක ගැනීමට හැකිවනුයේ 2080 වසරේදී බවද ඔහු සඳහන් කලා.

No comments:

Post a Comment