Pages

Pages

In Box...

මං තීරු නීති පෙරහුරුව සිකුරාදා තෙක්ම. සඳුදා සිට නීතිය අකුරට

මං තීරු නීති පෙරහුරුව සිකුරාදා තෙක්ම. සඳුදා සිට නීතිය අකුරට

දැනට හඳුන්වා දී ඇති රථවාහන මංතීරු නීතිය පෙරහුරුවක් ලෙස ලබන සිකුරාදා තෙක්ම ක්‍රියාත්මක කෙරේ.

ලබන සඳුදා සිට එම නීතිය අකුරට ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානයේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කෙරිණ.

දැනට පවතින අඩුපාඩුද මඟහරවා ගනිමින් මෙම වැඩසටහන දිගටම ක්‍රියාත්මක කරන බවද එහිදී පැවසිණි.

බස් රථ සංගම් සටන් කරන්නේ එක් කොටසක් වෙනුවෙන් වුවත් පොලීසිය සමස්ත ප්‍රජාවම ගැන යහපත ඉටු කරන බවයි එහිදී සඳහන් කෙරුණේ.

කොළඹ තදබදය අඩු කිරීමට පාක් ඇන්ඩ් රයිඩ් ක්‍රමය හඳුන්වා දෙන බවද අනාවරණය විය.

No comments:

Post a Comment