ලොව වේගවත්ම සුපිරි පරිඝනකය චීනයෙන්

ලොව වේගවත්ම සුපිරි පරිඝනකය චීනයෙන් ක‍්‍රියාත්මකව පවතින ඇමරිකානු සහ ජපාන සුපිරි පරිඝනක වලට වඩා දෙගුණයක වේගයෙන් ක‍්‍රියා කළ හැකි නවතම සුපිරි පරිඝනකයක් චීනය විසින් නිපදවා තිබේ.  ටියැංජි(ක්ෂීරපථය)-2 ලෙස නම් කර ඇති මෙහි වේගය නිල අත්හදා බැලීම් වලට පෙරදීම තත්පරයට පෙටාෆ්ලොප් 30.7ක් (ගණනය කිරීම් ක්වොඩි‍්‍රලියන) වැනි විශිෂ්ඨ තත්වයක පවතින බව ආරක්ෂක තාක්ෂණය පිළිබඳ චීන විශ්වවිද්‍යාලයට ගොස් සිදුකරනු ලැබූ නිරීක්ෂණයකින් පසු ටෙනසි විශ්වවිද්‍යාලයේ ජැක් ඩොන්ගාරා විසින් සනාථ කර තිබේ.
ඊට ආසන්නතම ඇමරිකානු තරගකරුවා වන ටයිටන් සුපිරි පරිඝනකය වාර්තා කර ඇති වේගය තත්පරයට පෙටාෆ්ලොප් 17.6ක් පමණි.  ඉන්ස්පර් නම් චීන සමාගමක් විසින් නිෂ්පාදනය කර ඇති මෙය ඉන්ටෙල් සමාගම නිපදවන නවීනතම ප්‍රොසෙසරයන් මිලියන 3ක් පමණ චීන තාක්ෂණය සමග මුහුකරමින් සකසා තිබේ.  පණගන්වා ඇති විටදී මෙගාවොට් 24ක විදුලියක් මෙම යෝධ පරිඝනක පද්ධතිය විසින් උකහා ගනු ඇති අතර උපදින අධික තාපයෙන් එය ආරක්ෂා කිරීම සඳහා විශේෂ ද්‍රව සිසිලන පද්ධතියක්ද නිර්මාණය කර තිබේ.
ඉන්ස්පර් සමාගම පවසන ආකාරයට ටියැංජි සුපිරි පරිඝනකයේ අපේක්ෂිත වේගය පෙටාෆ්ලොප් 54ක් වැනි ඉහළ අගයක් වන අතර පෙටාබයිට් 12ක ධාරිතාවකින් එය සමන්විත වනු ඇත.  බුද්ධි තොරතුරු රැස්කිරීම, ගුවන් යානා සැකසුම සහ අත්හදා බැලීම ආදී කටයුතු වලදී ටියැංජි චීන ආරක්ෂක තාක්ෂණය සවිබල ගන්වනු ඇතැයි සැලකේ.
ලොව ඉහළම සුපිරි පරිඝනක 500 අතර පෙරමුණ ගනු ඇතැයි පැවසෙන මෙම නිර්මාණය විසින් වසර ගණනාවක් යන තුරු තාක්ෂණික තරගයේදී චීනය නොසැලෙන ලෙස පෙරමුණෙන් තබනු ඇති බවත් මෙමගින් ඇමරිකාවට නින්දෙන් අවදි වීමට බලකර ඇති බවත් ජැක් ඩොන්ගාරා පසුගියදා සහභාගි වූ සම්මුඛ සාකච්ඡවකදී පවසා තිබේ.

Comments

Popular Post

The Chokepoint Crunch: What a Strait of Hormuz Crisis Means for the Global Economy..

The Evolution of the Tech Workforce: How AI is Reshaping Careers for Software Engineers and Specialists...

The Architect of Modern Vietnam: How Phạm Nhật Vượng Built an Empire from Instant Noodles to Global Electric Vehicles

Trading Is Hazardous to Your Wealth: Why the Individual Investor’s Worst Enemy Is in the Mirror

Southeast Asia's Largest Economies: Growth, Transformation, and the Road Ahead..