පේරාදෙණිය සරසවියේ පුදුම හත
01. වළ මහාචාර්ය එදිරිවීර සරස්චන්ද්‍රන් විසින් බොහෝ රඟදක්කවීම් කල සරච්චන්ද්‍ර වළ ලංකාවේම රසික හදවත් සිප ගන්න තවත් සාදකයක් මුල් බැස ගත්තා. ඒ රොබ රෝසියා ගස. අද රොබ රෝසියා මිහිදන් උනත් ඈ පේක්ෂකයන් 7000කට අසුන් ගත හැකි වළේ 1500 දෙනෙකුට රඟහලේ සියුම් දසුන් නොපෙනන්නට ආඩම්බර වී උන්නා. වල වූ කලි කෙතරම් සියුම් ස්වරයන් පවා මහා ජනකදට අඩුවක් නැතිව සවන් පත් මත පිරිසිදුව ලැගුම් දීමට නිහතමානී වූ අතර එය නිර්මාණාත්මක අතින් ඉතා අලංකෘතව වෑයමක් ලෙස පේනවා. වැසි සමයේ පවා දෙවියන්ගෙන් අවසර ගෙන රඟහල මත රංග රංගනවියෝ මනහර රැඟුම් පානවා... 02. අක්බාර් බරාදය අධ්‍යන අංශ විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරමින් සෘජුව හැල්මේ දුවන කොරිඩෝව පෙම්වතියට තම ආදරණිය පෙම්වතා එකවර හදුනා ගැනීමට බැරි තරමට දීර්ඝ ලෙස නිමවී තිබීම මේ කථා බහ තවත් රසවත් කරනවා... 03. අක්බාර් පාලම මහවැලි ගඟ එගොඩ අනිත් පීඨයන් වෙත සිසුන් මාරුවෙන පාලම අක්බාර් පාලමයි. මෙය නිර්මාණය කල අක්බාර් නැමැත්තාගේ තවත් සුන්දර නිමැවුම් වෑයමක්. කොන්ක්‍රීට් ලෑලි 3කින් නිමවා ඇති පාලම මැදට ගොස් උඩ පැන්නහොත් පාලම පැද්දෙන ආයුරු තවත් අරුමයක්......