ලොකුම ලොන්ඩරියේ පන්සීයක් වැඩ
 | . , චමින්ද මඩවල මුම්බායි සිට
 
ලෝකයේ ලොකුම ලොන්ඩ්රි කර්මාන්ත ආයතනය ඇමරිකාවේ පිහිටා තිබුණත් ලෝකයේ ලොකුම එළිමහන් ලොන්ඩරිය පිහිටා තිබෙනුයේ ඉන්දියාවේ මුම්බායි නුවරයි. මහාලක්ෂ්මි දුම්රිය පොළ ආසන්නයේම පිහිටා ඇති එම ලොන්ඩරි ආයතනයට පසුගියදා එසැණ ගියේය.
 විදේශිකයින්ට මග පෙන්නන්නෙකු වශයෙන් එහි සිටින අමීර් සලීම් මහතා බුම්බායි ලොන්ඩරිය මෙසේ හඳුන්වයි.
අවුරුදු 150 ක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට මේ මිනිස්සුන් රෙදි හෝදනවා. මෙතන පන්සියක් පමණ වැඩ කරනවා. මේ කුඩා කොන්ක්‍රීට් ටැංකි වලට අයිතිකරුවන් සිටිනවා. ඔවුන්ගේ සේවකයෝ තමයි මේ වැඩ කරන්නේ.
ඔවුන් වෙන වෙනම වැඩ බාරගන්නවා. එක් සේවකයෙකුගේ මාසික වැටුප ඉදියානු රුපියල් 6000යි. දවසකට රෙදි කැලි ලක්ෂයක් මෙතන හෝදනවා. රෝහල්වල හෝටල්වල වගේම පෞද්ගලික අයගෙත් රෙදිත්  මෙතනට ගෙනාවා. පැය 24ක් ඇතුළත නැවත බාරදෙනවා. සියයට අනුවක් පිරිමි තමයි වැඩ කරන්නේ. ඔවුන්ගේ ජිවිත හරිම දුකයි.    විශේෂ ස්තුතිය ඉන්දියා ආර්නෙග් කර්මාන්ත ආයතනයේ  කළමනාකාර අධ්‍යක්ෂ ෆාබියෝ ලුප්පි මහතාට.
IMG_6884 IMG_6886 IMG_6888 IMG_6893 IMG_6896 IMG_6897 IMG_6900

No comments:

Channel FIVE

Ceylon Herbal Flat Tummy Tea

  Ceylon Herbal Flat Tummy Tea  Unlock the power of nature with our Ceylon Herbal Natural Flat Tummy Tea. Crafted from 100% natural ingredie...