'ඡන්දෙ නොදුන්නොත් අකමැති කෙනෙක් පාර්ලිමේන්තු යන්න පුළුවන්' - කැෆේ

'ඡන්දෙ නොදුන්නොත් අකමැති කෙනෙක් පාර්ලිමේන්තු යන්න පුළුවන්' - කැෆේ

'ඡන්දෙ නොදුන්නොත් අකමැති කෙනෙක් පාර්ලිමේන්තු යන්න පුළුවන්' - කැෆේ
ඡන්දය ප්‍රකාශ නොකර සිටීමෙන් අකමැතිම පුද්ගලයාට පාර්ලිමේන්තු යාමේ වැඩි අවස්ථාවක් හිමිවන බව කැෆේ සංවිධානය සඳහන් කරයි. 
ඒ හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යයෙන් කළ යුතු බව එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
මේ වනවිට මැතිවරණ ක්‍රියාදාමයේ සමස්ත බලය පොලීසිය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව අතට පත් වී ඇති බවත් ඒ හේතුවෙන් නිදහස් හා සාධාරණ වටපිටාවක් මැතිවරණ ක්‍රියාවලිය තුළ නිර්මාණය වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
දිගු කාලීන නිරීක්ෂකයින් 340 දෙනෙක් මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ පටන් යොදවා තිබුණ ද මැතිවරණය ආසන්න දිනය සහ මැතිවරණ දිනයවන හෙට (16) සහ අනිද්දා (17) දිනවල මැතිවරණ නිරීක්ෂණය සඳහා 9,000 ක පිරිසක් යොදවන බවත් මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතු පිළිබඳ අදහස් දක්වන තෙන්නකෝන් මහතා පවසයි.
තව ද මැතිවරණ නිරීක්ෂණ ජංගම සේවා 400 ක් පමණ දිවයින පුරා යෙදවීමට නියමිත බව ද ඔහු පෙන්වා දෙයි.

Comments

Popular posts from this blog

නින්ද නොයාම පරාජය කිරීමට පහසු ක්‍රමයක්

Apple (AAPL) Earnings Release Q4 2013: Results Exceed Wall Street Expectations

දවස පුරාම වාඩි වී සිටින විට ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ඔබට කළ හැකි කුඩා දේවල්: