Telegram හරහා Radio Station එකක් පවත්වාගෙන යාමේ හැකියාව ලබාදෙන Telegram Voice Chat 2.0 පහසුකම එළිදක්වයි

 


අනෙකුත් messaging platform වලට දැඩි තරගයක් ලබාදෙමින් නිතර නිතර අලුත් පහසුකම් සමඟින් updates නිකුත් කරන Telegram විසින් මෙවරද තම පරිශීකලයන් හට messaging platform ඉතිහාසයේ වාර්තාවක් තබමින් සාමාජිකයන් අසීමිත ප්‍රමාණයක් දක්වා සහභාගි විය හැකි Voice Chat 2.0 පහසුකම එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.



අසීමිත පරිශීලකයින් ගණනකට සහභාගී වීමේ හැකියාවට අමතරව Voice Chat පටිගත කිරීම , Telegram නාලිකා, එහෙමත් නැතිනම් Telegram channel හරහා ආරම්භ කල හැකි Voice Chat ද ඇතුලුව තවත් නව අංග කිහිපයක් ද මේ සමඟින් නිකුත් කිරීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.



මේ update එක නිකුත්වීමත් සමඟම Telegram ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හා නිර්මාතෘ වන Pavel Durov විසින් ඔහුගේ නිල Telegram නාලිකාව හරහා පණිවිඩයක් තබමින් පැවසුවේ Telegram හි මීලගට නිකුත් වීමට නියමිත updates සමඟ Group Video Call සහ Video Streaming යන පහසුකම් ද ඇතුලත් වන TV station නම් පහසුකමක් බලාපොරොත්තු වියහැකි බවයි.


මේ අනුව ඉදිරියේදී නිකුත් වීමට නියමිත එවැනි යවත්කාලීන සලකා බලන කල Telegram සේවාව Messenging platform වලට පමණක් නොව Zoom වැනි Video Conferencing යෙදුම් වලටද හොද තරගකරුවෙකු වන බව අනුමාන කළ හැකි වෙනවා.


No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...