කෝපි බොනවට අමතරව කෝපිවලින් ගතහැකි වෙනත් ප්‍රයෝජන 7 ක්
කෝපි බොනවට අමතරව කෝපිවලින් ගතහැකි වෙනත් ප්‍රයෝජන 7 ක්
ලෝකය පුරාම වැඩිපුර පිරිසක් තේ වලට වඩා කෝපි රසට කැමතියි. ඇත්තටම කෝපි තියෙන්නෙ බොන්න විතරද? නෑ… කෝපිවලින් අපිට හිතාගන්නවත් බැරි තරම් ප්‍රයෝජන ගොඩාක් ලබාගන්න පුලුවන්. ඒ අතරින් ලොකුම ප්‍රයෝජනයක් තමයි, රූපලාවණ්‍ය කටයුතු වලට කෝපි භාවිතා කිරීම. රූපලාවණ්‍ය ගැන කතා කරනකොට අපි වැඩිපුරම හිතන්නෙ අපේ හිසකෙස් හා සම ගැනනේ. ලොකු මුදලක් වියදම් කරලා, එක එක වර්ගවල රූපලාවණ්‍ය නිෂ්පාදන මිලදී ගත්තට සමහර විට ඒවාගෙන් අපිට හොඳ ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ. වියදම් කරපු සල්ලිත් අපරාදේ. ඒ වෙනුවට ගෙදරදී පහසුවෙන් හොයාගන්න පුලුවන් කෝපිවලින් ලස්සන වෙන්න පුලුවන් කියලා ඔයා දැනගෙන හිටියාද?
ඉතින් අද අපි ඔයාට කියන්න යන්නේ ගෙදරදි පහසුවෙන්ම හොයාගන්න පුලුවන් කෝපිවලින් හිසකෙස් හා සම ලස්සන කරගන්නෙ කොහොමද කියලයි.
සම වයසට යාම
අඹරාගත් කෝපි හෝ වියළි කෝපි කුඩු සමාන ලුණු ප්‍රමාණයක් සමඟ මිශ්‍ර කරන්න. ඒකටම ඔලිව් තෙල් බින්දු කිහිපයක් එක් කරන්න.
හුමාලය ඇල්ලූ සම මත, මේ ස්ක්‍රබ් එක ආලේප කරලා හෙමින් රවුම් අතට ඉහළට පිරිමදිමින් මසාජ් කරන්න.
සතියකට 1 or 2 වතාවක් මෙය නැවත කරන්න.
හිසකෙස් යාම
රත් වූ ඔලිව් තෙල් අවුන්ස 3ක් සමඟ සිහින් හෝ මධ්‍යම ප්‍රමාණයේ කෝපි කුඩු තේ හැදි 2 ක් මිශ්‍ර කරන්න.
තෙත් හිසකෙස් වලට මේ මිශ්‍රණය ආලේප කරන්න. ඔයාගෙ කොණ්ඩයේ මුළු දිග දිගේ ආලේප කරලා, ෆොයිල් වලින් කෙස් ආවරණය කරන්න. මිනිත්තු 30 කට පසු, හිසකෙස් ෂැම්පූ කරන්න.
මේ මාස්ක් එක සතියකට 1 or 2 වතාවක් සති 6ක් විතර, ඒ කියන්නෙ 12 වතාවක් විතර මේ සත්කාරය කරන්න.
ඇස් යට ඉදිමීම
අඹරාගත් කෝපි ඇට හෝ නැවුම් කෝපි කුඩු තේ හැඳි ½ , පොල්තෙල් තේ හැඳි 1/2, අඹරාගත් කළු ගම්මිරිස් ස්වල්පයක් හා වතුර බින්දු කිහිපයක් එකට මිශ්‍ර කරන්න.
හදාගත් මිශ්‍රණය ඔයාගෙ ඈස් යට ප්‍රදේශයේ ආලේප කරන්න. ආලේපය වියළී ගිය පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
වියළි හෝ ඉරිතැලුණු තොල්
කෝපි කුඩු තේ හැඳි 1/2 ක් හා මී පැණි තේ හැඳි 1/2 ක් එකට මිශ්‍ර කරන්න.
ඔයාගෙ වියළි හෝ ඉරිතැලුණු තොල්වල මේ මිශ්‍රණය ආලේප කරලා තප්පර 30ක් මසාජ් කරන්න. ඉන්පසු තෙත් කපු පුළුන් කැබැල්ලකින් ආලේපය ඉවත් කරන්න.
05. බ්ලැක් හෙඩ්ස්
1: 1 අනුපාතයකින් වියළි කෝපි කුඩු හෝ සිහින් ව කුඩුකරගත් කෝපි කුඩු තේ හැඳි 2 ක් කිරි සමග මිශ්‍ර කරන්න.
හුමාලය ඇල්ලූ සම මත මෙය ආලේප කරලා විනාඩි 2 ක් මසාජ් කරන්න. ඉන්පසු තවත් විනාඩි 10 ක් තියෙන්නට හැරලා උණුසුම් ජලයෙන් සෝදන්න.
සතියකට වරක් මෙය නැවත කරන්න.
06. තෙල් සහිත සම
යෝගට් තේ හැඳි 1 ක් සමඟ නැවුම් කෝපි කුඩු මිශ්‍ර කරන්න.
මිශ්‍රණය ඔයාගෙ මුහුණට ආලේප කරලා විනාඩි 1 or 2 ක් මසාජ් කරන්න. ඉන්පසු සිසිල් වතුරෙන් සෝදා ඉවත්කරන්න.
07 . මුහුණේ සම අඳුරු වීම
කෝපි කුඩු තේ හැඳි 1, ඇඹුල් ක්‍රීම් තේ හැඳි 1, මී පැණි තේ හැඳි 1 ක් හා බිත්තර 1 ක් ගන්න.
අමුද්‍රව්‍ය ඔක්කොම හොඳින් කලවම් කරලා මුහුණට ආලේප කරන්න. විනාඩි 15 කට පසු සිසිල් ජලයෙන් සෝදන්න.
මේ සත්කාරය සතියකට 1-2 වතාවක් කරන එක හොඳටම ප්‍රමාණවත්.
Comments