විදුලි බිල වැඩිකලේ සාමූහිකවයි, මට විතරක් තනි ව නාන්න බෑ

විදුලි බිල වැඩිකලේ සාමූහිකවයි, මට විතරක් තනි ව නාන්න බෑ ‘විදුලි බිල වැඩි කිරීමට ගත් තීන්දුව රජයේ සාමූහික තීන්දුවක්. එහි වගකීම රජය දරනවා. මට විතරක් තනිව ම නාන්න  ඕනෑ නෑ’ යැයි කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
‘මේ සඳහා වසර දෙකක පමණ කාලයක් සාකච්ඡුා කළා. එහි දී උපකල්පන කිහිපයක් තිබුණා. සැමට විදුලිය වැඩසටහනින් 60% කට තිබූ විදුලිය 94% දක්වා වැඩි කළා. එසේ නො කළානම් ගාස්තු වැඩිකිරීමට අවශ්‍ය නෑ.
‘ඉන්දියාව, පකිස්තානය ආදී රටවල අවම වශයෙන් දිනකට පැය 08ක් විදුලිය කප්පාදු කරනවා. ලංකාවේ එසේ කළා නම් විදුලි බිල වැඩි කළ යුතු නෑ’ යැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
‘සමහරු චෝදනා කරන්නේ විදුලිබල මණ්ඩලයේ අක‍්‍රමිකතා නිසා පාඩු සිදුවන බවයි. ඒත් 1993 පැවැති රජය ජාත්‍යන්තර ණය ලබාදීමේ සංවිධානය සමඟ ඇතිකරගත් දිගුකාලීන ගිවිසුම නිසා පෞද්ගලික අංශයෙන් රු. 25 ට 30 ට ලබාගත් විදුලි ඒකකය ජනතාවට රු. 7.50 ට ලබාදීමට සිදුවුණා. එයින් විශාල පාඩුවක් මණ්ඩලයට දැරීමට සිදුවූවා.
එම ගිවිසුම් ප‍්‍රකාරව රජයට කිසිදු විදුලි ව්‍යාපෘතියකට මුදල් යෙදවිය නො හැකි වුණා. ඒ වෙනුවට පෞද්ගලික අංශයෙන් වැඩිමිලට විදුලි ඒකක ලබාගැනීමට සිදු වුණා. දැන් දැන් එම ගිවිසුම්වල කාලසීමාව ඉකුත් වෙමින් පවතිනවා. නොරෙච්චෝලේ, ඉහළ කොත්මලේ සහ සාම්පූර් බලාගාරවලින් තව තවත් මෙගා වොට් ඒකක ප‍්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු වීමට නියමිතයි. ඉදිරි වසර වනවිට එය ජාතික පද්ධතියට එකතු වේවි. ඉන්පසු ඉන්ධන ගැළපුම් ගාස්තුව ඉවත් කර විදුලි බිල අඩුකිරීමට හැකි වේවි’’ යැයි අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
මෙම විදුලි බිල වැඩි කිරීම තාවකාලික බවත්, ලබන ජනවාරි මස වනතෙක් කිසිදු අයුරකින් විදුලි බිල අඩු නො වන බවත් අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේ ය.

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි