අඟහරු මත ගංඟා ?

අඟහරු මත ගංඟා ?නාසා ආයතනය විසින් අගහරු ග‍්‍රහයා මතට යවා ඇති කියුරියෝසිටි රෝවර් යානය විසින් එවන ලද ඡයාරූප රැසකින් එහි ජලාශ හෝ ගංගා පැවැති බවට විශ්වාස කළ හැකි යයි ‘නාසා’ ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වේ.
රෝවර් යානය විසින් එවන ලද මේ ඡයාරූප මගින් දැක්වෙන ජලාශ හෝ ගංපතුලක් යැයි විශ්වාස කරන ප‍්‍රදේශ ‘හොටාහ්’ යැයි අගහරු ග‍්‍රහයා පිළිබඳ පරීක්ෂණ පවත්වන විද්‍යාඥයන් විසින් නම්කර ඇත.
හොටාහ් ලෙස නම් කරන්නට හේතු වී ඇත්තේ ඡයාරූපවලට සමාන කැනඩාවේ පවතින ‘හොටාහ්’ ජලාශය නිසා බව පැවැසෙන අතර පෘථිවිය මත පවතින ජලාශවල පෘෂ්ඨයට සමාන පෘෂ්ඨයක් අගහරු ග‍්‍රහයා මත දක්නට ඇතැයිද නාසා විද්‍යාඥයන් අනාවරණය කර ගෙන තිබේ.
අගහරු මත මෙවැනි ස්ථාන 5ක් දක්නට ඇති බවත්, ගංගා ගලාගිය ස්ථාන යැයි විශ්වාස කරන ස්ථාන කැඞී ගිය අඩි පාරවල් මෙන් අගහරු ග‍්‍රහයා මතුපිට දක්නට ඇති බවත් පවසන නාසා විද්‍යාඥයන් මේ ස්ථාන විශාල දිය දහරා ගලාගිය ස්ථානවල පවතින විශේෂ ලක්ෂණ දක්නට ඇතැයිද සඳහන් කරයි.
17,544 Viewers

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි