ශරීරයේ උෂ්ණත්වය මැනිය හැකි නව විශේෂාංගයක් සිය Flagship උපාංග වලට එකතු කිරීමට Huawei සමාගම කටයුතු කරයි

ශරීරයේ උෂ්ණත්වය මැනිය හැකි නව විශේෂාංගයක් සිය Flagship උපාංග වලට එකතු කිරීමට Huawei සමාගම කටයුතු කරයි TechNews.LK - Tech News
සමස්ත ලෝකයම මේ වන විට කොරෝනා වෛරස තත්ත්වයෙන් පීඩා විඳින බව ඔබ දැනටමත් දන්නා කාරණාවක් වෙනවා. මේ නිසා ශරීර උෂ්ණත්වය පිළිබඳව බොහෝ දෙනා වෙනදාට වැඩි අවධානයකින් සිටින අතර, ඒ නිසාම විවිධ ස්ථාන වලදී ඔබේ ශරීරය උෂ්ණත්වය මනින අත්දැකීම් වලට ඔබ මේ වන විටත් මුහුණ දී ඇතිවාට සැකයක් නැහැ. නමුත් ඔබට Huawei flagship ජංගම දුරකථනයක් තිබෙනවා නම්, ඉදිරියේදී ඔබේ ශරීර උෂ්ණත්වය ඔබටම මැන ගැනීමේ හැකියාව ලැබෙන අතර එයට හේතුව, Huawei Mate 40 Pro ඇතුළු සිය flagship උපාංග සඳහා ශරීර උෂ්ණත්වය මැනිය හැකි නව විශේෂාංගයක් එකතු කිරීමට Huawei සමාගම කටයුතු කර තිබීමයි. Huawei සමාගම පවසන පරිදි, දුරකථනයේ පිටුපස කැමරා පද්ධතියට එකතු කර ඇති මෙම මෙම Infrared Thermometry Sensor එක, ඔබේ අතේ මැණික් කටුවට හෝ නළලට තබා ගෙන සිටීම මඟින් තත්පරයකටත් අඩු කාලයක් තුළ ඔබේ ශරීරය උෂ්ණත්වය මැන ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. මෙම තාක්ෂණයට පුද්ගලයෙකුගේ හෝ යම්කිසි වස්තුවක තිබෙන උෂ්ණත්වය -20 °C (-4°F) සිට 100°C (212°F) පමණ පරාසයක් තුළ මැනීමට හැකියාව තිබෙනවා. Huawei සමාගම විසින් මේ සම්බන්ධයෙන් වන තාක්ෂණය සඳහා Patent බලපත්‍රයක් මීට පෙර ලබාගෙන තිබූ අතර, පෙනෙන ආකාරයට එය මේ වන විට Huawei දුරකථන සඳහා එකතු කර තිබෙනවා. නමුත් මෙම විශේෂාංගය Huawei Mid-range දුරකථන සඳහා පැමිණේ ද යන්න සැක සහිත බව මේ වන විට වාර්තා වන අතර Huawei හා Honor ඉහළ පෙලේ මාදිලි වලට මෙම පහසුකම ලැබෙනු ඇති බව විශ්වාස කළ හැකි වෙනවා.

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...