මෝරතෙල් රෝග තත්ත්වයන් රැසකට

මෝරතෙල් රෝග තත්ත්වයන් රැසකට තෙල් අධික ලෙස භාවිතයට නුසුදුසු ය. එහෙත්, ශරීර සෞඛයට හිතකර තෙල් වර්ගවලින් අප නොසිතන ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන. මෝර තෙල් (Cod Liver Oil) යනු ද එවැනි තෙල් වර්ගයකි. මේවා මිනිසාට වඩාත් ප්‍රයෝජනවත් ය. මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට හිතකර ප්‍රතිඑල රාශියක් ලැබේ. ස්වභාවික මෝරතෙල් ඔබේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔබේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව නම් ඔබට කොහෙත්ම අමතක කළ නොහැකියි. අපි මුහුණ දෙන රෝග තත්ත්වයන් රැසකට මෝරතෙල් ගුණය ලැබෙන හැටි ගැන අද අපි ටිකක් කතා කරමු. 1.ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කරයි මෝර තෙල්වල අන්තර්ගත විටමින් D මඟින් ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් වේ. වියපත් වන කාන්තාවන්ගේ ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කිරීම සඳහා මෝර තෙල් ඉතාමත් ම ගුණදායක ය. බටහිර වෛද්‍යවරු ප්‍රකාශ කරන ආකාරයට, ක්‍රීඩා කරන පුද්ගලයන් සඳහා ද මෝර තෙල් භාවිතය සුදුසු ය. 2. පියයුරු පිළිකා මර්දනය කරයි Nurses නමැති සෞඛ්‍ය අධ්‍යනය මඟින්, පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩු කර ගැනීම සඳහා මෝර තෙල් ගුණදායක බව හඳුනාගෙන තිබේ. එමෙන් ම, බටහිර වෛද්‍ය විද්‍යානුකූලව කාන්තාවන්ට විශේෂයෙන් ම ගුණදායක තෙල් වර්ගයක් ලෙසින් ද මෙය හඳුන්වයි. පියයුරු පිළිකා මර්දනය සඳහා දීර්ඝකාලීන ප්‍රතිකර්මයක් ලෙස ද මෝර තෙල් සුදුසු බව වෛද්‍ය මතය වේ. බටහිර වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ, පිළිකා සෛල නැති කිරීමේ හැකියාවක් මෙහි ඇති බව ය. 3.හෘදයාබාධ වැළඳීමේ අවදානම අවම කරයි මෝර තෙල්වල, ඔමේගා 3 මේද අම්ල අඩංගුව ඇති බැවින්, ඒවා භාවිතයෙන් හෘදයාබාධ ඇති වීම අවම කෙරේ. එසේ ම, කොලෙස්ට්‍රරෝල් මට්ටම සමබරව පවත්වා ගැනීමට ද එමඟින් හැකි ය. එම නිසා, අනෙකුත් තෙල්වලට සාපේක්ෂව මෝර තෙල් ශරීර සෞඛයට හිතකර ය. 4. මානසික ‍සෞඛ්‍යයට හිතකර ය ඔමේගා 3 පෝෂණ සංඝටකය මඟින් මනසෙහි සංකූලතා අවම කරයි. සාමාන්‍ය සුළු මානසික රෝග වැළඳීමේ ප්‍රවණතාව ද මෝර තෙල් භාවිත කරීමෙන් අඩු කර ගත හැකි ය. එසේ ම, දියවැඩියාව හේතුවෙන් මනසෙහි ඇතිවන ව්‍යාකූල බව පාලනය කිරීමට ද මෙය දායක වේ. 5. දියවැඩියාව ඇතිවීම පාලනය කරයි බටහිර වෛද්‍ය අධ්‍යයන මඟින් හෙළිවී ඇත්තේ, මෝර තෙල් භාවිතයට ගැනීමෙන් දියවැඩියාව පාලනය කළ හැකි බව ය. ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය කිරීම සඳහා ඔමේගා 3 පෝෂණ සංඝටකය වැදගත් ය. මෝර තෙල්වල අඩංගු විටමින් A මඟින්, පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරයි. 6. අසාත්මිකතා සහ ශ්වසන රෝග අවම කරයි. අද වෙනකොට ලංකාවේ බොහොමයක් කුඩා දරුවන් මුහුණ දෙන ප්‍රධාන රෝග තත්ත්වයක් තමයි මේ අසාත්මිකතා සහ ශ්වසන රෝග. ඔමේගා 3 වගේම විටමින් A.D සහ E යන ගුණයෙන් පිරිපුන් ස්වභාවික මෝරතෙල් කරල් මේ වගේ අසාත්මිකතා, ඉදිමුම් වගේම ප්‍රදාහයන් වැනි තත්ත්වයන්වලට එරෙහි බව විවිධ අධ්‍යයන වලින් තහවුරු වෙලා තියෙනවා. ඔමේගා 3 මේද අම්ලය ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් කරන අතර, විටමින් A,D සහ E සෛල වර්ධනයට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට මනා දායකත්වයක් ලබාදෙනවා. ඒ නිසාම දැනට සිදුකර ඇති විවිධ පරීක්ෂණවලින් ස්වභාවික මෝර තෙල් කරල් නියමිත මාත්‍රාවෙන් ලබාදීමෙන් අසාත්මිකතා වැනි තත්ත්වයන් අවම මට්ටමකට ගෙනඒමට හැකියාව ලැබී ඇති බව අනාවරණය වේ. 7. අස්ථි සම්බන්ධ ආබාධයන්ට හිතකරයි ස්වභාවික මෝරතෙල් කරල් සෞඛ්‍ය සම්පන්න සන්ධි සඳහා උපකාරී වන අතර ආතරයිටිස් සහ ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි සම්බන්ධ රෝග සඳහා පිළියම් කිරීම සඳහා ද බෙහෙවින් උපකාරී වෙනවා. ආතරයිටීස් රෝගීන්ගේ සන්ධි ඉදිමුම් වේදනාව අවම කරනවා විතරක්ම නෙවෙයි. අස්ථිවල අඩංගු කාටිලේජ හානියට පත්කරන රෝගී තත්ත්වයන් සමඟද හොඳින් සටන් කරනවා. 8. ඔබේ තරුණ පෙනුම රැකදෙයි මෑතකදී සිදුකළ පර්යේෂණවලින් අනාවරණය වෙලා තියෙන කරුණුවලට අනුව මෝරතෙල් වල අඩංගු ඔමේගා 3 පෝෂකය ඔබ වියපත් වීමේ ක්‍රියාවලියෙන් ඈත් කරනවා විතරක් නෙවෙයි, ඔබව සෞඛ්‍ය සම්පන්න, නිරෝගී පුද්ගලයෙකු බවටත් පත් කරනවා. විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව අපේ DNA වල අඩංගු ටැලෙමොරේස් අණු, කල්යාමේදී අවම වීමේ තත්ත්වයෙන් මෝරතෙල් ආරක්ෂා කරනවා. ඒ කියන්නේ ඔබේ වයස්ගතවීමට බලපාන ටැලොමෙරේස් අංශු හීන වීමේ වේගය අවම කරන එක. ඒ නිසා වයසට යනකොට ලෙඩරෝග රුසකට උත්තර හොයන්න මෝරතෙල් සමර්ථයි.

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...