Windows 7 සහ 8.1 පරිශීලකයින් හට Windows 10 සඳහා free upgrade එක තවදුරටත් ලබාදීමට Microsoft සමාගම කටයුතු කරන බව අනාවරණය වෙයි

Windows 7 සහ 8.1 පරිශීලකයින් හට Windows 10 සඳහා free upgrade එක තවදුරටත් ලබාදීමට Microsoft සමාගම කටයුතු කරන බව අනාවරණය වෙයි TechNews.LK - Tech News සිංහලෙන් / Prabodha Lakshan  මීට වසර කිහිපයකට පෙර Microsoft Windows 7 සහ Windows 8 භාවිතා කරන්නන්ට ඔවුන්ගේ මෙහෙයුම් පද්ධතිය Windows 10 වෙත නොමිලේ upgrade කිරීමට හැකියාව ලබාදී තිබුණා. මෙම upgrade කිරීමේ වැඩසටහන genuine license keys ඇති පරිශීලකයින්ට අමතර වියදමකින් තොරව නවතම Windows OS එක වෙත upgrade කිරීමට ඉඩ ලබා දුන් අතර මේ වැඩසටහන නිළ වශයෙන් 2016 වර්ෂයේදී දී අවසන් වූවා. කොහොම නමුත් XDA-Developers වෙබ් අඩවිය විසින් වාර්ථා කරන අන්දමට එම offer එක තවමත් වලංගුව පවතින බව සඳහන් වන අතර තවමත් මෙම free upgrade එක ලබාගතහැකි ක්‍රමයක් පිළිබඳව ඔවුන් වාර්තා කර තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් Microsoft සමාගමෙහි සේවකයෙකු පවසා තිබුණේ free upgrade එක වසරක් සඳහා පමණක් සීමා කිරීමේ තීරණය හුදෙක් වෙළඳ ප්‍රචාරණය සඳහා පමණක් භාවිතා කළ දෙයක් වන බවත්, Windows මෙහෙයුම් පද්ධතිය තවදුරටත් Microsoft සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගයක් නොවන බැවින් මේ පිළිබඳව ඔවුන් වැඩි අවධානයක් යොමු නොකරන බවත් ය.

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...