සාක් චිත‍්‍රපට උළෙල 26 සිට කොළඹ දී


සාක් චිත‍්‍රපට උළෙල 26 සිට කොළඹ දීසාක් සංස්කෘතික මධ්‍යස්ථානය තුන්වෙනි වරට සංවිධානය කරන සාක් චිත‍්‍රපට උළෙල මෙම මස 26 සිට 31 දක්වා කොළඹ ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත් වේ.
දකුණු ආසියානු රටවල සංස්කෘතික අනන්‍යතාවය විදහා දැක්වෙන මෙම චිත‍්‍රපට සඳහා ලෝකයේ වෙනත් රටවල අවධානය යොමු කර ගැනීම අරමුණ වන අතර මෙම චිත‍්‍රපට උළෙල සඳහා සාක් කලාපීය රටවල නිෂ්පාදිත හොඳම චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කෙරේ.
මෙරට පවත්වන එකම ජාත්‍යන්තර සිනමා උළෙල මෙයයි. නොමිලේ පවත්වන මෙම චිත‍්‍රපට උළෙල සඳහා සාක් කලාපයේ රටවල් 08 වන බංගලාදේශය,භුතානය, ඉන්දියාව, නේපාලය, මැලදිවයින, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් චිත‍්‍රපට ඉදිරිපත් කෙරෙන අතර තානාපති කාර්යාලවල සහාය ඇතිව ඉරානය, වියට් නාමය, සිංගප්පූරුව වැනි රටවල චිත‍්‍රපට මෙරට ප‍්‍රදර්ශනය කිරීමට නියමිතය

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි