ශ්‍රී ලන්කන්, මිහින් ලංකා ගුවන් යානා 30 දක්වා වැඩි කිරීමට සැලසුම්


ශ්‍රී ලන්කන්, මිහින් ලංකා ගුවන් යානා 30 දක්වා වැඩි කිරීමට සැලසුම්ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ගුවන් සමාගම සතු පැරණි ගුවන් යානා ඉවත් කර ඒ වෙනුවට නවීන පහසුකම්වලින් සමන්විත ගුවන් යානා හයක් එක් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා පැවැසීය.
ඉදිරියේදී ශ්‍රීලන්කන් ගුවන් සමාගම හා මිහින් ලංකා ගුවන් සමාගම සතු ගුවන් යානා සංඛ්‍යාව 30 දක්වා වර්ධනය කර ගැනීම අරමුණු කොට පස් අවුරුදු සැලැස්ම ක‍්‍රියාත්මක කර ඇතැයි පැවැසූ සභාපතිවරයා එහි වසර දෙකක් ගෙවා ඇතැයිද සඳහන් කළේය.
ලබන වසරේ ඔක්තෝබර් මාසය වන විට ගුවන් යානා හය එක් කරන බව පැවැසූ සභාපතිවරයා 2017 සිට 2023 දක්වා කාලය තුළ තවත් ගුවන් යානා හතක් එක් කරන බවද සඳහන් කළේය.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ පස් අවුරුදු සැලැස්මේ දෙවැනි අදියර යටතේ නවීකරණය කිරීම අරඹා ඇතැයි පැවැසූ ඒ මහතා ඒ අනුව එයාර් බස් සමාගමෙන් නව ගුවන් යානා එක් කරන බවත් එය සමීක්ෂණයක් මගින් තීරණය කරනු ලැබූ බවද පැවැසීය.


make-money-468x60-2

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි