මත්තල පළමු රන් ජාවාරම්කරුට දඩය ලක්ෂ 25යි

මත්තල පළමු රන් ජාවාරම්කරුට දඩය ලක්ෂ 25යිමැණික හා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන ඒමේ දී මත්තල ගුවන්තොටේ රේගු වැටලීමකදී අත්අඩංගුවට  පත්වූ සැකකරුට රුපියල් ලක්ෂ 25ක දඩ මුදලක් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් නියම කර ඇත .
ඊට අමතරව අත්අඩංගුවට  පත් වූ මැණික හා ස්වර්ණාබරණ තොගය රාජසන්තක කිරීමටද එහි පරීක්ෂණ පැවැත්වූ රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ.
තායිලන්තයේ බැංකොක් නුවර සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගා වූ එම පුද්ගලයා කොළඹ  ප‍්‍රදේශයේ මැණික හා ස්වර්ණාබරණ ව්‍යාපාරිකයෙකු බව ද වාර්තා වේ.
එම ස්වර්ණාභරණ හා මැණික් සම්බන්ධයෙන් අවසන් වශයෙන් කරන ලද  ගණනය කිරීමේදී එහි වටිනාකම රුපියල් 30,025,787.00 ක් බව ද රේගු මධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.

No comments:

post

The Great Retreat: Decoding Lukoil’s $22 Billion Global Divestment.

The global energy landscape shifted on its axis in late January 2026. PJSC Lukoil, Russia’s second-largest oil producer and a long-standing ...

Popular Posts ජනප්‍රිය ලිපි