Nadungamuwa Raja

 
 
 



 
 

 

 





නැදුන්ගමුවේ රාජා ඇතා - Nadungamuwa Raja 
(
මෙවර සධාතුක කරඬුව වැඩම කල මිනිසුන්ට වඩා පින් මහිමය ඇති තේජස් සම්පන්න හස්ති රාජයා...)

පනහ දශකයේ මුල්භාගයේදී මානසික රෝගීන්ට රතිකාර කිරීමට රචලිත මෙරට භික්ෂුවක් ඉන්දියාවේ මයිසුර් රාන්තයේ - "මහරාජා" වරයකුට රතිකාර කිරීම සඳහා එහි ගියේය. හිමියන් ගේ රතිකාරවලින් නිට්ටාවට සුවය ලද "මහරාජා" පුද පඬුරු ලෙස අවශ් මොනවාදැයි හිමියන්ගෙන් විමසා සිටියේ ල්ලන ඕනෑම මුදලක් ගෙවීමට සූදානමිනි.

එම ස්වාමීන් වහන්සේ කිසිම මුදලක් ලබාගැනීමට රතික්ෂේප කළත් එක ඉල්ලීමක් මහරාජා වෙත ඉදිරිපත් කර සිටියේය. ඉන්දීය ඇතෙකි. එක් ඇතෙක් වෙනුවට ඇත් පැටවුන් දෙදෙනෙකුම ත්යාග ලෙස එම හිමියන්ට ලැබුණේය.

පිළියන්දල - නීලම්මහර විහාරස්ථානයක වැඩ වාසය කළ හිමියන් සතුව සිටි එක් ඇත් පැටවකු අද වන විට ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතාය. 2005 වසරේ සිට අඛණ්ඩව ශ්රී ලංකා දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ කරඬුව වැඩම කරලීමට වාසනාව ලද මේ හස්ති රාජයා ගම්පහ නැඳුන්ගමුවේ ඇත්රජුය. මෙවර ඇසළ පෙරහැරේ දළදා කරඬුව වැඩම කිරීම නැඳුන්ගමුවේ හස්තියාට භාරවී තිබේ.

දැනට පනස් අට වියේ පසුවන නැඳුන්ගමුවේ හස්තියාගේ විශේෂත්වය නම් පෙරහැරකට සහභාගී වීමට කිසිදිනක වාහනයකින් ගමන් නොකිරීමයි. ලංකාවේ පවත්වන ඕනෑම පෙරහැරක් සඳහා හස්තියා යන්නේ පා ගමනිනි. හස්තියාගේ වත්මන් හිමිකරු වන නැඳුන්ගමුව වෙද පරපුරේ වත්මන් නියෝජනය වන වෛද් හර්ෂ ධර්ම විජය මහතා පවසන පරිදි ඇතෙකු වාහනයක රැගෙන යාම එම සතාට කරන බලවත් වූ හිංසාවකි. තට්ටුව සහිත දිග ලොරිවල පටවාගෙන යෑමේදී එම සතා විවිධ දුෂ්කරතාවලට ලක්වෙයි. වාහනයේ ගැස්සීම්, තිරිංග තදකිරීමේදී ඇතිවන පීඩනය එම සත්ත්වයාට දරාගත නොහැක. තමාට ඇති අසීරුතාව පිළිබඳ පැවැසීමට සතාට නොහැකිය. තම දැවැන්ත ශරීරය පාලනය කර ගනිමින් ඉතා අයාසයෙන් යුතුව යන මේ ගමන්වලින් සත්ත්වයා විවිධ ලෙඩ රෝගවලට ලක්වී උගේ පරමායුෂද අඩුවේ.

නුවර දළදා පෙරහැර පමණක් නොව, රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, කැලණි පෙරහැර, ගම්පහ සාම විහාරයේ පෙරහැර, කඩුවෙල රන්කඩුදේවාල පෙරහැර හා වාද්දුව පෙරහැරටද සහභාගි වන හස්තියා එහි යන්නේ පා ගමනිනි. ඇත්ගොව්වා සමග පා ගමනින් යන හස්තියාගේ ගමන නිරීක්ෂණය කිරීම සඳහා හර්ෂ විජය වෙද රාළහාමිද වාහනයෙන් යයි.

මහනුවර දළදා මාලිගාවේ පෙරහැර පටන් ගැනීමට දින 5කට කලින් ගම්පහ - නැඳුන්ගමුවෙන් පිටත්වන හස්තියාගේ පළමු දින රාතී නවාතැන වන්නේ පස්යාලයි. දෙවැනි දින රාතිරය වරකාපොළ, නතරවන හස්තියා තෙවැනි දින කෑගල්ලේ නතර වෙයි. හතරවැනි දිනයේ මාවනැල්ල රදේශයේ රාතිරය ගතකරන හස්තියා තම ඇත්ගොව්වාද සමග පස්වැනි දිනයේදී මහනුවරට ළඟාවෙයි. අලූයම පිබිදී පා ගමනින් යන හස්තියා අව් රශිමිය දැඩි දහවල් කාලයේ විවේක ගනියි. නැවතත් හවස් යාමයේ ගමන පටන්ගෙන රාතී කාලයේ විහාරස්ථානයක නවාතැන් ගනියි.

හර්ෂ විජය මහතාට අනුව අලි ඇතුන් දැඩි අව් රශ්මියේ යාමට අකමැතිය.

අවස්ථාවේ හස්තියාගේ කටින් කෙළ පෙරෙයි. යම්කිසි පිඹීදීමක් කරයි. වාහනයක දමාගෙන යනවිට ඌට මෙවැනි දේ දැක්වීමට ඉඩකඩක් නැත. විවේක ගැනීමටද අවස්ථාවක් නැතිවීමෙන් විශාල වශයෙන් සත්ත්වයා දුර්වල තත්ත්වයට පත්වේ.

රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැරට සහභාගිවීමට යන්නට හස්තියා දින තුනක් තිස්සේ පා ගමනින් යයි. කැලයක සිටින අලියෙකු වුවද තම ආහාර සපයා ගැනීමට දිනකට කී.මී. 15ක් 20ක් පමණ පයින් ගමන් කරයි. උගේ ජීවන පැවැත්මට එය අනිවාර්යයෙන් අවශ් අංගයක් බවද පැවැසේ.

ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස පැවසෙන නැඳුන්ගමුවේ හස්තියාගේ උස අඩි 11 1/2කි.

සම්පූර්ණයෙන්ම ශාක භාක්ෂක සතෙකු වන අලියාට පළතුරු දීමට බොහෝ අය උත්සාහ කළත් පළතුරු විශාල රමාණයක් කෑ විට =B

__._,_.___

Attachment(s) from waruni

1 of 1 Photo(s)

Reply via web post Reply to sender Reply to group Start a New Topic Messages in this topic ()
Recent Activity:

    Rebirth of "Lanka_Friends"

    "Srilanka_Friends" is a friends email list, Join us and get Funny Pictures,Interesting Articles, Funny Video Clips, Audio Songs, Presentations, Links and a lots of Stuff Which you will Love to see in your InBox. [Srilanka_Friends], fluorishing and getting renowned day by day, people here feel so comfortable with entertaining and informative stuffs.


    **********************************************************
      Recieve intresting mails, Join with "Srilanka_Friends"
           IF you like to join us, send a blank mail to
            Srilanka_Friends-subscribe@yahoogroups.com 
               Or contact owner newkosala@yahoo.com
    ************* S R I L A N K A _ F R I E N D S ************
    **********************************************************
    .

    __,_._,___
     

    No comments:

    Channel FIVE

    Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

      Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...