රජගෙදර බේබිලා නිසා මගේ ලේ රත් වුණා – නදීෂා



රජගෙදර බේබිලා නිසා මගේ ලේ රත් වුණා – නදීෂාතමන් දේශපාලනයට පැමිණියේ රජගෙදර බේබිලා නිසා ලේ රත්වීමෙන් යයි දකුණු පළාත් සභාව සඳහා එජාපයෙන් තරඟ වදින රංගන ශිල්පිනී නදීශා හේමමාලී මෙනවිය පවසයි.
ඇයගේ පක්ෂ කාර්යාලය මාතර ඉසදින් නගරයේ ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඇය මෙසේද කීය.
‘ජීවිතයට තියෙන ආදරය නිසා කටවහගෙන ඉන්න වෙලා.හෘද සාක්ෂියට එකගව කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා. අපේ රසිකයන්ගේ දුක් වි`දින හිත් වලට කලාකාරයෝ විදිහට අපි හිනා වෙලා පුංචි වෙලාවකට හරි සන්තෝසයක් එකතු කරන්න උත්සාහ කළත් අපේ ජීවිත වලට මේ ආණ්ඩුව නිසා උරුම වෙච්ච දුක, කලකිරීම් සහ වේදනාව නිසාම අපි ළ`ග ඉතුරු වෙලා තිබ්බ හිනාවත් මැකිලා ගියා.
විශේෂයෙන්ම දේශපාලන භේදයකින් තොරවම මේ රටේ තරුණ තරුණියන්ගෙන් සියයට අනූ පහකටම ජීවිතේ කොහොමද පටන් ගන්නෙ.කියන ප‍්‍රශ්නෙට හරිහමන් උත්තරයක් නැහැඒත් රජගෙදර බේබිලාගේ තාරුණ්‍යට නම් හෙටක් උදාවෙලා තියනවා.
රජගෙදර ඒ බේබිලා කොච්ච සතුටෙන් ඉන්නවද කිව්වොත් බස් එකේ යන්න රු.10ක් හොයා ගන්න බැරිව අමාරුවෙන් මේ රටේ දස ලක්ෂ ගණක් තරුණ තරුණියන් දුක් විදිද්දිරජ ගෙදර බේබිලා රැට පාරවල් වහගෙන රුපියල් කෝටි ගණන් වටින ලැම්බෝගිනි කාර් වල නැගලා රේස් පදිනවා.ඒ විතරක් නෙමෙයි ඉස්කෝලෙට දාන සපත්තු දෙකක් ගන්න රු. 600ක් හොයා ගන්න බැරිකමට මීට සති කිහියකට කලින් වලපනේ දැරිවියක් බෙල්ලේ වැලලාගෙන මැරෙන කොට රජගෙදර එක බේබි කෙනෙක් ප‍්‍රසිද්ධියේ පම්පෝරි ගැහුවා එයා රුපියල් ලක්ෂ 1.5ක් වටින සපත්තු ජාති මිස වෙන එකක් දාන්නේ නැහැ කියලා.
මේවා අහනකොට ඔබේ වගේම දකුණේ ඉපදුණ මගේ ඇගේ ලේත් රත්වුණ නිසා තමයි මම තීරණය කළේ මෙම අසාධාරණයට අයුක්තියට හා බොරුවට එරෙහිව කි‍්‍රයාකාරී දේශපාලනයට එන්න. මම පරම්රාවෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයෙක් වුණත් මොන පක්ෂයෙන්ද මම දේශපාලනය කරන්නේ කියලා හොදින් හිතලා තීරණය කරන්න මට සිද්ධ වුණා’

No comments:

post

The Great Retreat: Decoding Lukoil’s $22 Billion Global Divestment.

The global energy landscape shifted on its axis in late January 2026. PJSC Lukoil, Russia’s second-largest oil producer and a long-standing ...

Popular Posts ජනප්‍රිය ලිපි