හම්බන්තොට නගරාධිපති සෙල්ලම් පිස්තෝල දහසක් රැගෙන මැයි පෙලපාලියට

හම්බන්තොට නගරාධිපති සෙල්ලම් පිස්තෝල දහසක් රැගෙන මැයි පෙලපාලියටහම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා සෙල්ලම් පිස්තෝල දහසක් රැගෙන සිය පාක්ෂිකයන් සමග මෙවර මැයි දින රැළියට සහභාගි වන බව පවසයි.
ඉකුත් 17 වැනිදා හම්බන්තොට වරාය බැලීමට ගිය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට මැරයන් විසින් තර්ජනය කොට පහර දුන්නැයි කියන සිද්ධියේ දී එරාජ් ප්‍රනාන්දු මහතා පිස්තෝලයකුත් රැගෙන දිව එන දර්ශනයක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා අනාවරණය කෙරිණ. 
මෙම පිස්තෝලය, සෙල්ලම් පිස්තෝලයක් බව එරාජ් ප්‍රනාන්දු මහතා පසුව පැවසුවේය. මෙම පිස්තෝල සිද්ධිය ගැන වරින්වර ජනමාධ්‍ය මගින් තමන්ගෙන් ප්‍රශ්න කරන බව පවසන හම්බන්තොට නගරාධිපතිවරයා සෙල්ලම් පිස්තෝලරැගෙන ඕනෑම තැනකට යාමට කිසිවෙක්ට නීතියෙන් බාධාවක් නැතැයි කියයි. එබැවින් මෙවර කොළඹ දී පැවැත්වෙන එජනිස මැයි දින පෙළපාලියේ තමන්ගේ ආධාර කරුවන් දහසකට සෙල්ලම් පිස්තෝල ලබා දී පෙළපාලියේ ගමන් කරන්නට සලස්වන බව නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පවසයි. 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසා සිටියේ සිද්ධිය වූ අවස්ථාවේ හම්බන්තොට නගරාධිපතිවරයා අත තිබුණේ සෙල්ලම් පිස්තෝලයක් නොවන බව පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි. 
කෙසේ වෙතත් සෙල්ලම් පිස්තෝලයකින් වූවත් මරණ බිය තව අයකුට ඇති වුවහොත් එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි අපරාධයක් යැයි අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.
- ලක්බිම

No comments:

post

The Great Retreat: Decoding Lukoil’s $22 Billion Global Divestment.

The global energy landscape shifted on its axis in late January 2026. PJSC Lukoil, Russia’s second-largest oil producer and a long-standing ...

Popular Posts ජනප්‍රිය ලිපි