Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක් එයි! - neth

 
 
 
 
 
P Save a tree, Don't print this e-mail unless it's really necessary.

ෆේස්බුක් සමාජ ජාලය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුයේ දිනෙන් දින එයට එකතුවන නිර්මාණ (Content) හේතුවෙනි. ෆේස්බුක් පරිශීලකයන් විසින් එක් කරන ලද ඡායාරූප, වීඩියෝ, වෙනත් නිර්මාණ හරහා ජනප්‍රියත්වයට පත් ෆේස්බුක් ඒ තුලින් විශාල වශයෙන් ආදායම් ඉපයියුවද පරිශීලකයන්ට කිසිදු මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමට උත්සුක වී තිබුනේ නැත.

 

එම අඩුපාඩුව පෙන්වා දෙමින් ඔබේ නිර්මාණ වලට (Content) වලට වටිනාකමක් ලබාදෙන නවතම සමාජ ජාල වෙබ් අඩවික් මේවනවිට සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබේ. මෙම සමාජ ජාලය හඳුන්වා ඇත්තේ TSU නමිනි. මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිශීලකයන්ගේ නිර්මාණ මගින් උපයන මුදලින් 90% ක් ම පරිශීලකයන්ට ලබාදීමට TSU කටයුතු කිරීමයි.  

මෑතකදී පැමිණි ෆේස්බුක් තරඟකරුවා වන Ello ට වඩා මෙහි මුහුණත ඉතා දැකුම්කළු හා හැසිරීමට පහසු එකක් වේ.

 

මෙම සමාජ ජාලයේ ඔබට ෆේස්බුක් මෙන්ම Status දැමීම, ඡායාරූප එක්කිරීම කල හැකි අතර ඒවාට Like, Comment, Share, වටෙන් විට ඔබට ගෙවීමක්ද සිදුකරනු ලැබේ. මෙහි ඔබ බෙදාහැරිය යුත්තේ ඔබගේ නිර්මාණ පමණි. වෙනත් අයගේ හිමිකාරිත්වය සහිත ඒවා දැමු විට ඒවා ඉවත් කිරීමට මෙම සමාජ ජාලය කටයුතු කරනු ලැබේ. 

 

2013 දී TSU ආරම්භ කොට ඇත්තේ Sebastian Sobczak, Drew Ginsburg, Thibault Boullenger, සහ Jonathan Lewin විසිනි. TSU වෙබ් අඩවිය අන්තර්ජාලය වෙත එක්කොට ඇත්තේ පසුගිය 13 වනදාය. සාමාජිකයන්ට මුදල් ගෙවීම සඳහා මෙහි ඩොලර් මිලියන හතක අරමුදලක් දැනටමත් තිබේ. 

 

වෙබ් අඩවියට පිවිසීම මගින් මෙහි සාමාජිකයෙකු වීමට නොහැකි අතර වෙනත් TSU පරිශීලකයෙකුගේ ගිණුමක් හරහා TSU ගිණුමක් ඇරඹීමේ පහසුකම තිබේ.

 

TSU ගිණුමක් අරඹන්න පිවිසෙන්න පහත සබැඳියෙන් 

http://tsu.co/inwar


 

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි