අද උදේ සිට ‘බස්නාහිර පළාතෙන්’ පිටවීම තහනම්.

 

අද උදේ සිට ‘බස්නාහිර පළාතෙන්’ පිටවීම තහනම්.

On: October 29, 2020 7:13 am

අධිවේගී මාර්ගයේ පවා වාහන ගමනා ගමනය අද මධ්‍යම රාත්‍රියේ සිට සීමාවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රුපවාහිනී වැඩසටහන වෙත එක්වෙමින්.

ඒ අනුව බස්නාහිර පළාතට කෙසේ හෝ ඇතුල් වුවද අත්‍යාවශ්‍ය කරුණකට හැරුණුකොට ඉන් පිටවීමට කිසිදු අවසරයක් හිමි නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ අතර අද උදෑසන 6 සිට බස්නාහිර පළාතේ සිට පිටවන සියලුම රථවාහන විශේෂ සෝදිසි කිරීමකට ලක්කරන බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ සඳහා බස්නාහිර පලාතට ඇතුල්වන සහ පිටවන ස්ථානවල විශේෂ මාර්ග බාධක යොදා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

එහිදී අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධ කරුණකට හැරුණුකොට බස්නාහිර පළාතේ සිට රථවාහන පිටත්වීම අත්හිටුවා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එම අවස්ථාවන්හිදී සිය සේවා හැඳුනුම්පත භාවිත කළ හැකි බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එසේම සති අන්තයේ බස්නාහිර පළාතේ නොවුනද වෙනත් පළාත්වල ජනතාවට එක්රැස්ව සිදුකරන කිසිදු කටයුත්තකට අවසර හිමි නොවන බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...