හවස “බුරවි” ලංකාවට ඇතුල්වේ – සුළි කුණාටුවකට සූදානම් වෙන්න!!
හවස “බුරවි” ලංකාවට ඇතුල්වේ – සුළි කුණාටුවකට සූදානම් වෙන්න!!
News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka / Staff Writer / 1 hour ago
2020 දෙසැම්බර් මස 01 දින සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ අනාවැකිය මෙසේය,
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රී (30) 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී. 590 ක් දුරින් ස්ථානගතව ඇත. මෙම පද්ධති ඉදිරි පැය 06 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී ඊට පසුව එළඹෙන පැය 12 තුල සුළි කුණාටුවක් දක්වා වර්ධනයව වනු ඇත. මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ මුලතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට (02) සවස් කාලයේදී ඇතුළුවිය හැක.
නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැක.
වයඹ පළාතේ තැනින් තැන වැසිද ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින පුරා අහස වලාකුලින් බරව පවතීවි.
උතුරු, උතුරු මැද, නැගෙනහිර ,වයඹ සහ බස්නාහිර පළාත්වල විටින් විට පැ.කි.මි.(30-40) පමණ දක්වා වන සාමාන්‍යයෙන් තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ
Subscribe to:
Post Comments (Atom)
Channel FIVE
Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,
Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...
-
Apple Inc. (NASDAQ: AAPL) on Monday announced earnings for its fourth fiscal quarter (third calendar quarter) of 2013. Reuters ...
-
නින්ද නොයාම පරාජය කිරීමට පහසු ක්‍රමයක් නින්ද නොයාම පරාජය කිරීමට පහසු ක්‍රමයක්... ව්‍යායාම: අධ්‍යයනයට අනුව සතියකට දෙවරක් පමණක් ව්‍යාය...
-
දවස පුරාම වාඩි වී සිටින විට ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ඔබට කළ හැකි කුඩා දේවල්: ඔබ අපෙන් බහුතරයක් මෙන් නම් , බොහෝ විට ඔබ ඔබේ ...
No comments:
Post a Comment