Gangam style - PSY ගේ කෙල්ලන්ව බයිට් වෙන වීඩියෝවත් වාර්තාගත වෙයි.


ගන්ගාන්ම් ස්ටයිල්  මගින් යූ ටියුබ් වෙබ් අඩවියේ නව වාර්තාවක් තැබූ දකුණු කොරියානු පොප් තරුව පර්සි  තවත් අළුත් නිර්මාණයක් මගින් එම වාර්තා කුඩු පට්ටම් කිරීමට සමත්ව තිබෙන බව වාර්තා වේ. කතාව මෙසේය. පර්සි  විසින් නිර්මාණය කර තිබෙන ඔහුගේ නවතම ගීත වීඩියෝව වන ජෙන්ලිමන්ට්  පසුගියදා ඔහු යූ ටියුබ් වෙබ් අඩවියට ඇතුළත් කළා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වීඩියෝව එක් දිනක් තුළදී මිලියන 38 ක නරඹන්නන් පිරිසක් බලා තිබූ බවත් එය යූ ටියුබ් වෙබ් අඩවියේ දිනක් තුළ වැඩිම පිරිසක් නැරඹූ වෙබ් අඩවිය ලෙස වාර්තා අතරට මේ වනවිට එක්වී තිබෙන බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් යූ ටියුබ් හි, ප‍්‍රධානියෙකු පවසා තිබෙන්නේ මීට පෙර එක් දිනක් තුළ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව ලෙස වාර්තාව තබා තිබුණේ 2102 වසරේදී KONY නැමති කෙටි චිත‍්‍රපටය බවත් මිලියන 30 ක පිරිසක් එක් දිනක් තුළ එම වීඩියෝව නරඹා තිබූ බවයි.

මේ අතර, යූ ටියුබ් හි, මේ දක්වා වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව ලෙස වාර්තා තබා තිබෙන්නේද PSY ගේ Gangnam Style වීඩියෝවයි. එය නරඹා තිබෙන පිරිස බිලියන 1.5 කි.

Gentleman වීඩියෝව මුල් දින හතරේදී මිලියන 100 ක පිරිසක් නරඹා තිබෙන අතර Gangnam Style වීඩියෝව මිලියන 100 ක පිරිසක් නැරඹීමට දින 50 කට වැඩි ගණනක් ගොස් තිබුණා.


No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි