මට රටවල් පහක ගෙවල් තියෙනවා.. සිදුහත් කුමරුට මාලිගා තුනක් තිබුණා..

මට රටවල් පහක ගෙවල් තියෙනවා.. සිදුහත් කුමරුට මාලිගා තුනක් තිබුණා..තමාට ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්තය සහ ස්විට්සර්ලන්තය යන රටවල් පහේ ගෙවල් පහක් තිබෙන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
ඔහු එසේ කීවේ පසුගියදා ඇමෙරිකාවට ගිය ගමනේදී ඇමෙරිකානු ඩොලර් දසලක්‍ෂයකට එරටින් නිවෙසක් මිලදී ගැනීමට යන බවට මාධ්‍යවල පළවූ පුවත සත්‍යයක්දැයි කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
රටවල් පහකින් ගෙවල් පහක් මිලදී ගන්නට තරම් මුදල් කොහෙන්දැයි ‘මව්බිම’ විමසූ විට ඇමැතිවරයා කීවේ ඒ රටවල සිටින තමාගේ මිතුරන් හා ඥාතීන් තමාගේ ආරක්‍ෂාව සඳහා එම ගෙවල් තමාට ලබාදී තිබෙන බවයි.
‘ආරක්‍ෂාව’ සඳහා යැයි කියන්නේ ජීවිතයට කිසියම් අනතුරක් හෝ තර්ජනයක් තිබෙන බවක්දැයි ප්‍රශ්න කරද්දී ඇමැති මර්වින් සිල්වා මහතා පැවැසුවේ කරදරයක් වුවහොත් කියායි. එහෙත් තමාට කාගෙන්වත් තර්ජනයක් හෝ ප්‍රශ්නයක් නැති බවද ඔහු කීය.
සිද්ධාර්ථ කුමාරයාට රම්‍ය, සුරම්‍ය හා සුබ නමින් මාලිගා තුනක් තැනුණු අතර මර්වින් සිල්වාට රටවල් පහක මාලිගා පහක් ඇතැයිද ඔහු කීවේය.
හිත හොඳ මිනිසුන්ට, මනුස්සකම් දන්නා මිනිසුන්ට මනුෂ්‍ය ලෝකයේ පරිත්‍යාග ලැබෙන බව පැවැසූ ඇමැතිවරයා අනේපිඬු සිටුතුමා බුදුන් වහන්සේට ජේතවනාරාමය පූජා කළ අතර විශාඛා දේවිය මේල පලඳනාව විකුණා වේළුවනාරාමය පූජා කළ බවද කීවේය.
ලෝකය පුරා මගේ මිත්‍ර, ඥාති චේන් එකක් තියෙනවා. මට ලංකාවේ ප්‍රශ්නයක් නෑ. මම මැරෙන්නෙත් ලංකාවේ. මළාට පස්සේ යළි රුහුණේ ඉපදිලා කැලණියට එනවා යැයි මර්වින් සිල්වා මහතා පැවැසීය.
- මව්බිම
30,257 Viewers



No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි