මහින්ද ගෙදර යැවූ ෆේස්බුක් විප්ලවය

මහින්ද ගෙදර යැවූ ෆේස්බුක් විප්ලවය
2015 පෙබරවාරි මස 24 15:07:57 | . , රත්නපාල ගමගේ
 
නත්තල හමාරයේ එළඹි දුරුත්ත සීතල වුවද මේ වසරේ ජනේරුව නම් උණුසුමෙන් අඩුවක් නොවීය. ඒ නිසාය. ජනාධිපතිවරණයේ තිබූ කුහුල වූයේ කවුරුන් ජය ලබයිද යන්න පිළිබඳවය.
ඡන්ද විමසීම හමාරවීමත් සමගම ජනතාව ලහිලහියේ නිවෙස් තුළම ගාල් වූයේ ප‍්‍රතිඵලය දැන ගැනීමටය. එදින මධ්‍යම රාත‍්‍රිය එළඹෙත්ම ඡන්ද ප‍්‍රතිඵල මන්දගාමී ස්වරූපයෙන් නිකුත් වෙමින් තිබිණි.
මැතිවරණයට ඉදිරිපත් වූ ප‍්‍රධාන පක්‍ෂ දෙකේ මූලස්ථානවලදී ඡන්ද ප‍්‍රතිඵල නිරීක්ෂණය  කරමින් සිටි පිරිස් ද වූහ. ඒ අරලියගහ මන්දරයේ සහ සිරිකොතේය.
ජනවාරි 9 දින අරුණෝදයට හෝරා කීපයක් ඉතිරීවී තිබියදී විද්‍යුත් මාධ්‍ය හරහා හඹා ගිය අනපේක්‍ෂිත ප‍්‍රවෘත්තිය වූයේ රාජපක්‍ෂ ජනාධිපතිවරයා තම පදවියෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය. මෙය ජනතාවට අදහාගත නොහැකි වූයේ  ඒ වනවිටත් සමස්ත ප‍්‍රතිඵලයෙන් බහුතරයක්වත් ප‍්‍රකාශයට පත් නොවී තිබීම නිසාය.
ඊළඟට නිකුත් වූ ප‍්‍රවෘත්තිය වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයෙන් හිමිදිරියේ පිටව ගිය බවය.
හිටපු ජනාධිපතිවරයාගේ මේ අභිනිෂ්ක‍්‍රමණයන් සමගම නූතන මහා වංශයේ ලියැවී තිබූ අතිශය බල සම්පන්න චරිතයක් ඉතිහාසයට එක් කරමින් බොඳවී ගියේය.
දශක 3ක් තිස්සේ මෙරට පැවැති සාහසික ජන ඝාතක යුද්ධයත් අවසන් කිරීමේ ‘වීරයා’යයි විරුදාවලි ලැබූ මහින්ද රාජපක්‍ෂ රාජධානිය පෙරලා දැමිය හැකි ජගතෙකු තවත් මිහිපිට නැතැයි සිතූ බොහෝ දෙනෙකුට මේ ප‍්‍රවෘත්තිය විශ්වාස කළ නොහැකි විය. එහෙත් යුද ජයග‍්‍රහණයෙන් අඩුම වශයෙන් වසර 5 පිරෙන්ටත් කලින් මහින්දට කේතුමති රාජධානිය අහිමි වූයේ ඔහුගේම අවාසනාවටය.
මහින්දට මේ පාඩම ඉගැන්වූයේ මෙරට ඡන්දදායකයින්ගෙන් බහුතරයක්ය. ලොව භයානකම සහ කිසිදු පරාජයට පත්කළ නොහැකි ත‍්‍රස්තවාදීන් පරාජය කර තමන්ව පරාජය කිරීමට කිසිවෙකුත් නැතැයි යන අභිමානයක් ඇති කළ මහින්දව මේ රටේ ජනතාව විසින් පරාජයට පත් කළේ ඇයි?
මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනයේ මුල් අවදිය 2005x2010 වකවානුව ඔහුගේ ධුර කාලයේ ස්වර්ණමය යුගය විය. ඊට හේතුව වූයේ 30 වසරක යුද්ධය නිමා කිරීමේ මානුෂික මෙහෙයුම ක‍්‍රියාත්මක කිරීමත් 2009 මැයි මස 19 දින එල්ටීටීඊ ත‍්‍රස්තවාදය සහමුලින් පරාජයට පත් කිරීමත් නිසාය. යුද්ධය වෙනුවෙන් අධික මිලක් ගෙවන්නට ජනතාවට සිදුවුවත් ජනතාව ඒවා විඳ දරා ගත්තේ ඒ අධික මිල සතුටින් ගෙවා දමමිනි.
යුද්ධය අවසන් වීමෙන් පසුව 2010 න් පසු ආරම්භ කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලය විවේචනාත්මක විය. මේ කාලය තුළ යුද්ධයට අධික මිලක් ගෙවූ සාමාන්‍ය ජනතාවට සාමය වෙනුවෙනුත් අධික මිලක් ගෙවීමට සිදු වීම විඳ දරා ගැනීමට නොහැකි තරමටම අපහසු විය.
මේ අපහසුතාවයන් පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන විපක්‍ෂය රටේ ජනතාව දැනුවත්කළේ නාස්තිය දූෂණය හොර කම් වංචාවලින් රාජ්‍ය පාලනය යුක්ත වීම නිසා සිදුවන බවය.
කොළඹ නගරය ක‍්‍රමවත් ලෙස අලංකාර ලෙසත් සංවර්ධනය කිරීම ජනතාවගේ සතුට ඇති කළ නමුත් ඒවා සඳහා වැය  වූ අධිත මිල ජනතාවගේ කර පිටින් ගොස් ඇති බව විපක්‍ෂය මනා ලෙස ජයග‍්‍රහණයට අනුගත කළේය.
මේ සියලූ කාර්යයන් ඉටු කළේ රාජපක්‍ෂ පවුලේ ප‍්‍රධාන පුරුක් 3ක් ඒකාබද්ධ වීම නිසා එය රටට මුලින් හඳුන්වා දුන්නේ රාජපක්‍ෂ සහෝදර සමාගම ලෙසිනි. පසුව එය රාජපක්‍ෂ රෙජිමය ලෙස හඳුන්වා දුන්නේය.
මේ රාජපක්‍ෂ රෙජිමය විසින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනය ආරක්‍ෂා කිරීම සඳහා මනා සැලැස්මකින් යුත් ආරක්‍ෂිත දැලක් නිර්මාණය වී තිබුණි. මේ ආරක්‍ෂිත දැල බැසිල් රාජපක්‍ෂ ගෝඨාභය රාජපක්‍ෂ මහින්ද රාජපක්ෂ යන තුන් බෑයන්ගෙන් සමන්විත විය.
මේ ආරක්‍ෂිත දැලෙන් මෙපිටට එන්නට කිසිවකුටවත් නුපුළුවන් වූ අතර මේ ආරක්‍ෂිත දැල ඉතා සූක්‍ෂම ලෙස කපා දමා ඉන් රිංගා ගියේ මහින්ද රාජපක්‍ෂ මහතා සභාපතිධුරය දැරු ශ්‍රීලනිප මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතාය. මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මේ ආරක්‍ෂිත දැල කපාගෙන රිංගා එළියට පැමිණීම පිටුපස සිටියේ බණ්ඩාරනායකවරුන්ය.
බණ්ඩාරනායක වරුන් නියෝජනය කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරලා දැමීමට ඉදිරිපත් වූයේ ඇයි.
මෛතී‍්‍රපාල සිරිසේන මහතා කියන විදියට 2005 දී මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්වීමෙන් පසු බණ්ඩාරනායකවරුන් අමතක කළ බවය. ශ්‍රීලනිප රැස්වීම් ආරම්භයේදී එහි නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සිහිකිරීම සඳහා පවත්වන නිශ්ශබ්දතාවය රකින අවස්ථාවේදී බණ්ඩාරනායක යන නම වෙනුවට පක්‍ෂයේ නිර්මාතෘවරුන් සිහිකිරීම යනුවෙන් වෙනස් කිරීම සහ පක්‍ෂයේ සභාපති ධුරය දැරු හිටපු ජනාධිපතිනිය එම තනතුරින් ඉවත් කිරීම සඳහා පක්‍ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සහ ඇය ඉවත් කිරීමේ දිනය ඇයගේ උපන්දිනය දවසටම යොදා ගැනීම යන කරුණු මෛත‍්‍රිපාල සිරිසේන මහතා චෝදනාත්මකව පැවැසීය.
ජනාධිපතිවරණය පැවැත් වූ දිනය දෛවෝපගත බවත් එදින දිවංගත අගමැති බණ්ඩාරනායක මහතාගේ ජන්ම දිනය යෙදී ඇති නිසා එදිනට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ මුළු රටතුලම බණ්ඩාරනායක දර්ශනය යළි උපදින බව ප‍්‍රකාශ කිරීමෙන්ම බණ්ඩාරනායකවරුන්ව රාජපක්‍ෂ පාලනය විසින් අමතක කර තිබූ ආකාරය මැනවින් පැහැදිලිය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් පසුගිය දිනක රූපවාහිනි සංවාදයකදී කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව සුභ පැතීම සඳහා දුරකතනය ඔස්සේ කතා කළ අවස්ථාවේදී විනාඩි 19 ක් ඇයට කුණුහරුපයෙන් බැන වැදුණු බවය. තමන්ට හිරිහැර කළ බවත් ඇය කීවාය.
මේ ප‍්‍රකාශයන් එලෙස පැවැසෙද්දී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් හිටපු ජනාධිපතිනියට ලබා දුන් ආරක්‍ෂක භට සංඛ්‍යාව අඩුකළ බවක්ද වාර්තා වී තිබුණි. එමෙන්ම පසුගිය අයවැයෙන් හිටපු ජනාධිපතිනිය සඳහා වෙන්කරනු ලබන ප‍්‍රතිපාදනවල අඩු වීමක්ද දක්නට ලැබුණි.
චන්ද්‍රිකා මහින්ද හබය මහින්ද රජයේ ඇමැතිවරයෙකු වූ ඩලස් අලහප්පෙරුම මහතා විසින් ව්‍යංගයෙන් හඳුන්වා දී තිබුණේ ‘‘ඇගේ වෛරය’’ ලෙසය.
චන්ද්‍රිකා මහින්ද පරාජය කිරීමට දියත් කළ මෙහෙයුම බෙහෙවින්ම තීරණාත්මක එකක් විය. එමෙන්ම එය ඉතා අවදානම් සහගත ක‍්‍රියාවක්ද විය. ජනාධිපතිවරණ රැස්වීම් පවතින අතර තුර දී ඇමැති එස්.බී. දිසානායක මහතා කළ ප‍්‍රකාශයකින් චන්ද්‍රිකාට කල් ඇති බව අනතුරු ඇඟවෙන රතු එළිසංඥා නිකුත් වෙමින් තිබිණි. ප‍්‍රතිඵලය නිකුත් වූවාට පසුව චන්ද්‍රිකා නිරුවතින් පාරේ දිව යනු ඇති බව ඔහු ප‍්‍රසිද්ධියේම පැවැසීය.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පොලොන්නරුවේදී ඔහු පිළිගැනීම සඳහා පැවැති රැස්වීමකදී කියා සිටියේ බැරිවෙලාවත් ජනාධිපතිවරණය පරාජය වූවානම් තමන්ට ඉන්න සිදුවන්නේ ‘‘මහ පොළොව යට’’ බව කීමෙන් ඔහු දැරූ අවදානම පැහැදිලි වේ.
මේ රැස්වීමේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා පක්‍ෂයෙන් එළියට ඇවිත් කළ අවදානම් සහගත පරිත්‍යාගයේදී ඔහුට තෝරා ගැනීමට තිබුණේ එක් අන්තයක් පමණක් බවත් ඒ රජගෙදරද නැත්නම් සිරගදෙරද යන්න බවත් කීමෙන්ම මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ භයානකකම මැනවින් පැහැදිලි විය.
ජනාධිපතිවරණයේදී මෛත‍්‍රිපාල සිරිසේන මහතා පරාජය වූවා නම් ඔහුට සිදුවිය යුතු දේවල් පිළිබඳව කල් ඇතිවම කරලියටද පැමිණ තිබිණි.
ඒ එක්තරා නිවසක තිබූ විදේශ  මුදල් තොගයක් රහස් පොලිසිය විසින් කල් ඇතිවම සොයා ගැනීමය. එහි ස්විස්ප‍්‍රැන්ක් ලක්‍ෂ 10 ක් තිබූ බවත් එම මුදල් තොගයෙන් කොටසක් මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ පුත‍්‍රයා විසින් රැගෙන ගොස් ඇති බවටත් අනාවරණය වූ බව ඒ දිනවල මහත් ප‍්‍රසිද්ධියක් ඉසිලූ කතාවකි.
මේ සියලූ කාරණාවලින් ගම්‍ය වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා සමග තරගයට ඉදිරිපත්වීම ජීවිතයත් මරණයත් අතර සටනක් බවට පරිවර්තනය වී තිබීම නිසාය. හොඳම නිදසුන වූයේ 2010 ජනාධිපතිවරණයේදී ප‍්‍රතිවාදී අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකාට සිදුවූ ඇබැද්දියයි. අවසානයේ ජෙනරාල් ෆොන්සේකා නැවතුනේ වැලිකඩ බන්ධනාගාරයේය. ඔහු එළියට පැමිණියේ කිසිදු හමුදා සේවයට නොගිය ප‍්‍රජා අයිතිය පවා අහිමි වූ පුද්ගලයෙකු ලෙසය.
මේ සියලූ අවදානම් තත්ත්වය මැද චන්ද්‍රිකා ඇයගේ මහින්ද පරාජය කිරීමේ මෙහෙයුමට මෛත‍්‍රිපාල සිරිසේන මහතාට අමතරව සම්බන්ධ කරගත්තේ රටේ ප‍්‍රදානතම විපක්‍ෂය වන එක්ස්ත් ජාතික පක්‍ෂයයි. මේ තාක්කල් එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ දේශපාලන බලවේග දෙකක් වූ ශ්‍රීලනිපය සහ එක්සත් ජාතික පක්‍ෂය එකට එක්වීම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමත් ශ්‍රීලනිප අපේක්‍ෂකයකුද එක්සත් ජාතික පාක්ෂියකන්ගේ ඡන්දවලින් බලය ලබා ගැනීමට සැරසීමත් මෙරට දේශපාලනයට අමුතු අත්දැකීමක් විය. මේ අමුතු අත්දැකීම මෙරට දේශපාලනයට චන්ද්‍රිකා විසින් එකතු කරනු ලැබුයේ මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමේ ඒකායන මාර්ගය වෙනුවෙනි.
මේ කාර්යය සඳහා තවත් සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන්ගේ ප‍්‍රධානතම සේවා පාඨය වූයේ ‘රාජපක්‍ෂ පලවා හැරීමය’’ 2005 ජනාධිපති වරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළේය. එකල ජනතා විමුක්ති පෙරමුණේ හඬ ජනතාව අතර සන්නිවේදනය වුණේ එහි ප‍්‍රචාරක ලේකම්ව සිටි විමල් වීරවංශ මහතා මගිනි. ඔහු ජනතා විමුක්ති පෙරමුණත් සමග එක්ව නැගූ හඬ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණයට ඉවහල්විය. ඔවුන් ඒ සඳහා ආකර්ශනීය සටන් පාඨයක්ද නිර්මාණය කර තිබිණි. ඒ ‘‘රට පෙරට’ යන්නයි.
සමස්ත ජනතා විමුක්ති පෙරමුණම මහින්ද රාජපක්‍ෂ සමග එකට රොද බැඳ තබා ගැනීමට මහින්දට නොහැකිවීම මහින්ද පරාජයේ මුලාරම්භය විය. මහින්ද රාජපක්‍ෂ මහතා කල්පනා කරන්නට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණෙන් ලබාගත යුතු සේවය ඔවුන් නැති වූවාට විමල් වීරවංශ මහතාගෙන් ලබාගත හැකි බවය. නමුත් වැරදුනේ එතැන බව 2015 ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය ඉතා හොඳින් පෙන්නුම් කළේය.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි ධුර කාලය අතිශයින්ම ප‍්‍රශ්නකාරි විය. විශේෂයෙන්ම අධිකරණ පිළිබඳ කටයුතු කළ ආකාරය නිසා බුද්ධිමත් ප‍්‍රජාව මහින්ද අනහැර යෑමට පටන් ගත්හ.
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට නිදිමරාගෙන ඇරඹූ ශීඝ‍්‍රගාමී මෙහෙයුමක් ඇය ධුරයෙන් ඉවත් කළ දිනයේම අනුකම්පා විරහිත ලෙස නිල නිවසින් පලවා හැරීමත් මේ බුද්ධිමතුන්ගේ දෝෂ දර්ශනයට ලක්විය.
ඊට අමතරව තමන්ට ඉතාම කිට්ටු අන්නේවාසියෙකු ලෙස ප‍්‍රකට සිටි මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත් කිරීමෙන් නීතිඥ ප‍්‍රජාව සහමුලින්ම මහින්ද පාලනය අතහැර ගියහ. අධිකරණයට ඇඟිලි ගැසීම ඔහුගේ පාලනය තුළ කුප‍්‍රකට රහසක් ලෙස ජනතාව තේරුම් ගෙන සිටියහ.
2010 ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව 17 වන සංශෝධනය අහෝසි කොට 18 වන සංශෝධනය හරහා තම ධුර කාලය ඉදිරියටත් ගෙන යෑමට හැකි වන ලෙස කරනු ලැබූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මහින්ද රාජපක්‍ෂ මහතා පාරා වලල්ලක් විය. ජනාධිපති වරණයකට වසර දෙකක් ඉතිරිව තිබියදී ජනාධිපතිවරණය කැඳවනු ලබන බවට කල් ඇතිව ඉඟි පල වන විට මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහි බලවේග සියල්ලම සන්නද්ධ විය.
2010 ජනාධිපතිවරණය ජයගත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා ලැබූ යුද ජයග‍්‍රහණයේ ආශ්වාදයත් සමගය. ඒ ආශ්වාදයත් සමග පැවැත්වූ මධ්‍යම වයඹ සමරගමු පළාත් සභා ඡුන්ද විපක්‍ෂය දැඩි පසුබැමකට ලක්කරමින් රාජපක්‍ෂ මහතා පහසු ජයක් ලැබීය. උතුරු මැද පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ යුද්ධය තීරණාත්මක අවස්ථාවකට එළඹෙමින් තිබියදී වුවත් එම පළාත් සභාවත් ජයගැනීමට රාජපක්‍ෂ මහතාට හැකි විය.
නමුත් පසුබැසීම ආරම්භ වන්නේ බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණවල දීය. එම මැතිවරණ ප‍්‍රතිඵල වලින් පෙන්නුම් කළ යථාර්ථය වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා රජයට ඇති ප‍්‍රසාදය දිනෙන් දින අඩු වන බවය.
එම මැතිවරණවලදී එජාපය ජීවන වියදම් බර හොරකම නාස්තිය, දූෂණ චෝදනා රජයට ඉදිරිපත් කළ අතර මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයෙන් ජනතාවට ඉදිරිපත් කළ මූලික කරුණු අතර ජීනීවා අර්බුදය සහ විදුලි පුටු ප‍්‍රශ්නයයි.
ජනාධිපතිවරණයට ආසන්නව පැවැති ඌව පළාත් සභා මැතිවරණයේදී එහෙත් 25% ක පමණ ඡන්ද ප‍්‍රතිශතයක් ලබා සිටි එක්සත් ජාතික පක්‍ෂය 43% ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් ක‍්‍රමයෙන් ඉදිරියට පැමිණෙන බව පෙන්නුම් කළේය.
මේ තත්ත්වය තවත් උග‍්‍රකල ප‍්‍රශ්නයක් සමාජයේ දැඩි අවදානයට ලක්ව තිබුණි. රාජපක්‍ෂ මහතාගේ පුත‍්‍රයන් වූ නාමල් රාජපක්‍ෂ මහතා සහ යෝෂිත රාජපක්‍ෂ මහතාගේ දායකත්වයෙන් පැවැති රාත‍්‍රි මෝටර් රථ රේස්ය. මේවා සඳහා යන වියදම් පිළිබඳව දැඩි කථා බහක් එකල නිර්මාණය වී තිබූ අතර මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ දැඩි විරෝධතාව මධ්‍යයේ මහනුවර දළදා මාලිගාව වටරවුම රාත‍්‍රි මෝටර් රේස් සඳහා යොදා ගැනීම තදබල විවේචනයට ලක්විය.
මෙලෙසින් රජයට විරුද්ධව පාවිච්චි කළ හැකි සියලු තුරුම්පු රජය විසින් විපක්ෂයට ලබාදී තිබූ මොහොතේ ජනාධිපතිවරණය කැඳවිණි.
මේ ජනාධිපතිවරණය මුළුමනින්ම ජ්‍යොතිෂය මත ගොඩනැගුණු මැතිවරණයක් ලෙස අතිශය ප‍්‍රසිද්ධියක් ඉසිලීය.
මෙවර ජනාධිපතිවරණයේදී ජාතික බලවේග වලින් මහින්ද රාජපක්ෂ මහතාට වේදිකාව තුල ඉතිරිවී සිටි එකම කථිකයා වූයේ ජනතා විමුක්ති පෙරමුණෙන් කැඞී ගොස් ජාතික නිදහස් පෙරමුණ පිහිටුවා එහි නායකයාවූ ඇමැති විමල් වීරවංශ මහතා පමණි. ඔහුට සහායට සිටියේ ඉතාම අඩු ඡන්ද ප‍්‍රතිශතයක් වාර්තා කළ සම සමාජ කොමියුනිස්ට් මහජන එක්සත් පෙරමුණු නායකයින් පමණි. ඔවුන්ගේ පක්ෂ අභ්‍යන්තරයේද මත ගැටුම් ඇතිවී ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ඔවුන්ගෙන් වෙන්වී විපක්ෂයට එක්වූහ.
ජනාධිපතිවරණය ආරම්භ වීමටත් කලින් මහින්ද රාජපක්ෂ මහතා දැවැන්ත ප‍්‍රචාරණයක් දියත් කළ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.
නවක ඡුන්ද හිමි තරුණ පරපුර මේ වන විට ඔවුන් අනුගත වි සිටින තාක්ෂණය ඔස්සේ සමාජජාල වෙබ් අඩවි ෆේස්බුක් හරහා මහින්ද රාජපක්ෂ මහතාගේ මේ දැවැන්ත ප‍්‍රචාරණය අවඥාවෙන් බැහැර කළ බව හොඳින් දැකගත හැකිවිය. ෆේස්බුක් ගිණුමක මෙසේ දිස්විය. ”නිවසක් විකිණීමට තිබේ.... මාර්ග අංක.... බස් රථයෙන් පැමිණ.. හන්දියෙන් බසින්න. එතැන් සිට ‘මහින්ද ලයිට් කණු‘ 10 ක් පසුකර වමට හැරෙන පාරෙ දිගේ දෙවැනියට ඇති නිවස” වශයෙනි.
තවත් ෆේස්බුක් ගිණුමක පාරේ යමින් සිටි පුද්ගලයෙකුට පාරේ වැටී තිබූ රුපියලක් හමුවූ මොහොතේ ඔහු එය තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනේ ”මහින්ද අපෙන් හොරකම් කරපු රුපියලක්” ලෙසය.
මුහුණු පොතේ මේ සටහන් දෙක කියාපෑවේ මැතිවරණ වේදිකාවේ විපක්ෂය මොරදුන් නාස්තිය හා සොරකම පිළිබඳ සංකේතාත්මක ප‍්‍රකාශයන්ය. විපක්ෂය එයින් ගොඩනැගූ මහින්දට එරෙහි හොරකම සහ නාස්තිය පිළිබඳ තේමා පාඨය තරුණ පරපුර නියෝජනය කළ ෆේස්බුක් සමාජ ජාලය කොතරම් තදින් වැළඳගෙන තිබුනාද යන්න පිළිබඳ තවත් සාක්ෂි අවශ්‍ය නැත.
හොරකම, නාස්තිය, දූෂණය, පවුල්වාදය මහින්ද රාජපක්ෂ මහතාගේ යුද ජයග‍්‍රහණය අභිබවා ඉදිරියට රැගෙන යෑමට විපක්ෂයට හැකිවිය.
2005 වකවානුවෙන් ඔහු ජනාධිපති වන්නට පෙර තරුණ මන්ත‍්‍රීවරයෙක්, ජනතා හිතවාදී උද්ඝෝෂකයෙක් විපක්ෂ නායකයෙක් ලෙස සිටි අවදියේදී මහින්ද රාජපක්ෂ මහතා මානව හිතවාදියෙකු මෙන්ම අතිශය සුන්දර මිනිසෙකු විය. එවන් සුන්දර මිනිසෙකුගේ වර්තමානය මෙලෙස හොරකම, නාස්තිය දූෂණය වංචාව යන ක්ෂේත‍්‍රයන්ට කොටුවීම තරම්  ඛේදාන්තයක් තවත් ඇත්ද?
මේ සියල්ලේම අග‍්‍ර ඵලය ඔහු පරාජයට පත්වීමය. මේ ජනාධිපතිවරණයේදී ඔහුගේ නියත ජය සඳහා ප‍්‍රධාන බලකොටු 3 ක් ගොඩනගා තිබුණි.
ඒ හම්බන්තොට, ගම්පහ සහ කොළඹ වශයෙනි.
බළකොටු වලින් ගම්පහ සහ කොළඹ බළකොටු බාරව සිටියේ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂය. 2005/2010 ජනාධිපතිවරණවලදී මේ බළකොටු සියල්ලම හොඳින් රැකගැනීමට හැකිවිය. විශේෂයෙන්ම 2005 ජනාධිපතිවරණයේදී උතුරේ දෙමළ ඡන්ද පාවිච්චි නොකළ අවස්ථාවේත් මහින්ද ජයගත්තේ මේ බලකොටු 3 න් ලබාගත් වැඩි ඡන්ද හේතු කොටගෙනය. එහෙත් 2015 ජනාධිපතිවරණයේදී මහින්දට රැකගත හැකිවූයේ හම්බන්තොට බලකොටුව පමණි.
2010 ජනාධිපතිවරණයේදී ගම්පහ බලකොටුව වැඩි ඡන්ද ලක්ෂ 380000 කින් ජයගත් අතර කොළඹ බලකොටුව වැඩි ඡන්ද ලක්ෂ 2 කට වැඩියෙන් රැකගත හැකිවිය.
නමුත් 2015 දී ගම්පහ බලකොටුව වැඩි ඡුන්ද 5000 කින් පරාජයට පත්විය. කොළඹ ලක්ෂයකට වැඩි ප‍්‍රමාණයකින් පරාජයට පත්විය.
මේ බලකොටු දෙකේම (කොළඹ ගම්පහ) සාපේක්ෂ වශයෙන් අඩුම වැඩි ඡන්ද ලක්ෂ 2 1/2 කින් රැකගත්තා නම්, උතුරේ ඡන්ද නොමැතිවත් මහින්දට ජයගැනීමේ හැකියාව තිබුණු බව 2005 ප‍්‍රතිඵලය සමග සැසඳීමේදී පෙනී යනු ඇත.
මහින්දගේ පරාජයට හේතුවූ ඉහත කරුණු වලට අමතරව තවත් ප‍්‍රධාන සාධකයක් වූයේ ජනාධිපතිවරණය අත ළඟට පැමිණෙමින් තිබියදී බේරුවලදී සිදුවූ මුස්ලිම් ප‍්‍රහාරයයි. මේ පිටුපස බොදුබල සේනාව සිටි බවට ඇඟිල්ල දික්වූ අතර බොදුබල සේනාව පිටුපස ගෝඨාභය සිටි බවට ප‍්‍රචලිත විය. මේ නිසා මුස්ලිම් ඡන්ද අති බහුතරයක් මහින්දට අහිමිවූ බව කොළඹ නගරය ආශ‍්‍රිත ඡන්ද ප‍්‍රතිඵල වලින් පෙනීයයි.
මේ අතර තවත් ප‍්‍රබල කරුණක් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට හේතුවිය. ශ්‍රී ලනිපයේ සැලකිය යුතු පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මගහැර සිටීමය.
මේ පිරිස් බොහෝමයක් ඔවුන්ගේ යටි සිතින් රාජපක්ෂ මහතාගේ පරාජය ප‍්‍රාර්ථනා කළහ. එය ඉතා හොඳින් පැහැදිලි වූයේ මැතිවරණ පරාජයත් සමගම ශ්‍රීලනිපයේ ඇතිවූ ක්ෂණික බෙදීමය.
මේ බෙදීම පක්ෂය දෙකඩවී යෑමට පවා තුඩුදෙමින් සිටියදී පක්ෂයේ සභාපති ධූරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබාදීම හැරෙන්නට වෙන විකල්පයක් හිටපු ජනාධිපතිවරයාට නොමැති විය.
එය එසේ වූවානම් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ආණ්ඩු පිහිටුවීම වෙනුවට කළ හැති වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පමණය.
මේ කරුණු පිළිබඳ විමර්ශනය කිරීමේදී මහින්ද රාජපක්ෂ මහතා ශාස්ත‍්‍රකරුවන්ගේ උපදෙස් මත තව වසර දෙකක් ඉතිරිව තිබියදීත් හදිසි ජනාධිපතිවරණයකට යෑම සියදිවි නසාගැනීමක් වැනි යයි ඔහුට නොසිතුනා නම් පුදුමය.
වර්තමාන තරුණ පරපුර නියෝජනය කරන සමාජ ජාල වෙබ් අඩවි සහ ෆේස්බුක් සමාජජාල මහින්දගේ අනාගතය උඩුයටිකුරු කළේය.
මේ ෆේස්බුක් සමාජ ජාලය බලසම්පන්නය. ලිබියාවේ ගඩාපි පාලනය පෙරලා දැමුවේ සන්නද්ධ විප්ලවයකිනි. ඒ එක්තරා තරුණයෙකු තම ෆේස්බුක් ගිණුමේ සටහන් කළ විප්ලවීය ආරාධනය ලැව් ගින්නක් සේ පැතිරයාමය. ඒ විප්ලවීය ආරාධනය වැළඳගත් ලිබියානු තරුණ පරපුර එය අවසන් කළේ අරාබි වසන්තය මැද පෙරදිගට කැඳවමින් බලසම්පන්න ගඩාපි මහ පොලොව යට සඟවමිනි. ඊජිප්තුවේත් සිරියාවේත් එසේමය. එහෙත් ඒ ෆේස්බුක් ජාලයම ශ්‍රී ලංකාවේදී කළේ වෙනත් අයුරකින්ය. එය බැලට් එන මාර්ගයෙනි.
තිස් අවුරුද්දක් තිස්සේ සාපලත් යුද්ධයකින් බැටකා ජනතාව ඉන් මුදා ගෙන ත‍්‍රස්තවාදය මුළුමනින්ම තුරන් කළ මහින්ද රාජපක්ෂ වැනි ඉතිහාසගත පුද්ගලයෙකු රටේ බහුතර ජනතාවකගේ විරෝධාකල්පයකට ගොදුරුවීම දෙස බලන විට මෙරට අනාගත දේශපාලනඥයින්ටද එය මහඟු පාඩමකි.
නිදහසින් පසු බලයට පත් සෑම දේශපාලනඥයකුම කළේ පොරොන්දු දේශපාලනය මගින් රටේ ජනතාව රැවටීමය.

සීතල දුරුත්තේ ජනවාරි 8 දින ඇතිවූ ඒ ගිනියම් උණුසුම කියා පාන්නේ මින් ඉදිරියට දේශපාලනඥයින්ට ජනතාව රැවටිය නොහැකි බවය. කොතරම් ජගතෙකු වුවත් ජනතාවගේ දඬුවම අනුකම්පා විරහිතය.

How To Find Noise Control Consultants In Florida

 
 
 
By Earlene McGee


Searching for the best expert has become simple and fast in the Internet age. This is because it has provided a platform through which various confirmations can be made. It is also crucial to realize the professionalism which is adopted by every client. This platform has been known to offer a wide variety of benefits. Therefore one should be aware of them which is quite beneficial at all times. In this case while searching for the finest noise control consultants in Florida, the following factors should be considered.

The professionals in Miami have been known for their ability to work in the right way. This has become a great advantage as they will offer the needed value in every task. Many people have also come to appreciate the quality of their services. Therefore one feels that the cost incurred is worth.

It is beneficial to hire these experts as they will always deliver the results on time. They have also been known to work at any time. Upon being contacted they will deliver the finest quality of work. They also ensure delays are not realized at any time they are working. Through this benefit clients find it easy to rely on them all the time.

It is helpful to contract these masters on the grounds that they have been wide and far. They accordingly work in a manner that will secure their notoriety no matter what. Through the finest master one is additionally certain that the best choice will be made. This is on the grounds that all the time the administration is intended to fulfill a customer.

Many people who have been in need have come to appreciate the work done by these specialists. This is because before they start the work they always like to know what the client expects. The expectations of the customers serve as their starting point. This has attracted maximum satisfaction to the professionals. It is also satisfying because they always ensure that the expectations are given a professional look.

The finest professionals in the market are also many. It is thus recommended that one gets the specific needs which will amount to satisfaction. Through this it becomes easy to make a choice in the market. It is also beneficial when a person will have to be sure of the work the specialist has performed in the past. This has been used as a gauge to measure the level of satisfaction to be offered.

Professionals who are highly skilled will be preferable. The word highly skilled in this case will define a professional who is able to satisfy all the needs of the client. Therefore before the work starts one should confirm the professionalism to be adopted. When the expert is able to explain how the work will be performed there is a hope of getting the finest satisfaction.

The specialists have proven their ability to handle any need by a customer. The level of research they have been carrying out has really been helpful. Through this they are able to know the best way to about diverse needs of the people.




About the Author:



Google Inc. Announces Phase One Of Its Plan To Kill Travel Sites Like Expedia Inc.

RTR2IWQ6
Google Inc. has finalized its Google Flights service with a major update, it announced Wednesday. The search giant will likely roll out even more travel deal products this fall. (Pictured is a Street View camera in front of the Matterhorn) 
Google Inc. has officially unveiled its new service that had travel sites merging in fear of obsolescence -- Google Flights. The tech giant said Wednesday that it has finalized the service, which will display flight costs and travel deals right on a tab within its main search page.
Travel site company Expedia Inc. announced a $1.6 billion acquisition of its rival Orbitz, reportedly over concerns about competition from Google. 
Google Flights has a calendar that can be used to find the lowest fare for each day, much like other travel sites, but also includes a graph of data about how prices fluctuate during different seasons and holidays. The service will also suggest to users flights on different days or from alternative airports if it means a lower price.
The search giant had made a deal with the Department of Justice to protect competition in the travel marketplace after it bought ITA Software in 2010, an airfare search software. The deal imposed a number of restrictions on how Google could offer travel services, but it expires in October.
Google Flights also incorporates the company’s mapping products, allowing consumers to see airfare prices around the globe. It also includes Google Search's “I’m Feeling Lucky” button, which offers vacation suggestions based on a user’s search history and the popularity of a destination.

Secret Service Is Testing Fleet Of Drones To Protect The White House

white house drone
Following the crash landing of a toy drone on the White House lawn, the Secret Service says it will test a UAV fleet of its own. 
The Secret Service will be test-flying a fleet of drones in Washington, D.C. in the “coming days and weeks,” it said on Tuesday. But, the agency did not elaborate on why it was testing the “unmanned aircraft systems.”
The new drones are likely meant to protect the White House from unauthorized Unmanned Aerial Vehicles (UAVs), according to Ars Technica, following an incident last month where a government employee crashed a helicopter drone on the lawn of the White House. The Secret Service said it's coordinating its efforts with other agencies because the tests will be conducted in no-fly zones.
Following the incident at the White House, the Department of Homeland Security has been conducting tests on how to respond to scenarios where toy drones are modified to carry remote weapons or explosives, according to Wired. The manufacturer of the drone that crashed at the White House introduced a software update to restrict its products from flying into restricted airspaces, like the one surrounding the White House, but later pulled back the update for introducing a number of bugs, according toThe Verge.
The Federal Aviation Administration has said it hopes to continue allowing small consumer drones to operate under model-aircraft rules, with stricter restrictions on commercial UAVs.
The White House incident was not the first time a model drone had a close call with a world leader. In 2013, a drone crashed within a few feetof German Chancellor Angela Merkel and Defense Minister Thomas de Maizière at a protest rally in Germany.

★ airline, Mickind left a message for you

Mickind left a message for you
 
 
You can instantly reply using our message exchange system.
Some other people in the area:

 
 




You have received this email from Badoo Trading Limited (postal address below). If you do not wish to receive further email communications from Badoo, please click here to opt out.
Badoo Trading Limited is a limited company registered in England and Wales under CRN 7540255 with its registered office at Media Village, 131 - 151 Great Titchfield Street, London, W1W 5BB.

Tips On Finding The Right Hotels

 
 
By Earlene McGee


You have to go on a trip. You have been looking forward to this for a long time and you want to make sure that you'll get everything set and ready before the big day. Making sure to, that you get to find the best accommodation is very important.

Choosing the right accommodations should not be that hard to do these days since the options that are present for you are plenty. Still, you would want to be sure that you get to find the right hotels in Abuja Nigeria. Despite how you have a number of options to select from, you must remember that not every one of these providers can be truly expected to get every single one of your needs addressed.

Making the right choice is always a lot easier to do when you have an idea is the things that you would be expect to get out of the accommodation that you are signing up for. Finding these establishments would be easy, it is often in finding the right ones that can truly reflect your needs and your requirements that you might have some challenges with. So, always establish what it is that you want a head of time.

Consider where they are located. What you want is to be aiming for this time is a place that is going to be very accessible. It needs to be located somewhere strategic to. If you have already established an itinerary for the trip, then you'd prefer if the place that you want to go to and visit is closer to the establishment. This way, getting there is not going to be an issue.

The reputation that they have established over the years should be considered too. You need to see if those that have stayed in the same places in the pats were satisfied with what it is that they have to offer. It is easier to assess if you are dealing with the right providers or not based on the feedback that people who stayed here before has to say. Now, you would know what to expect from these places.

The services and amenities that they can offer should be taken note of too. If you want to be sure that you are going for providers that are not going to disappoint then learn all there is that you need to learn about the assistance they provide, the rooms they have, and the other features and services that they can extend. With this, you can get the most of what they can offer.

Consider how much the rates are going to be. See if the numbers that these providers are going to charge you with are figures that are considered reasonable and fair. This is important especially since this will help you gauge if you can actually afford what it is they have in store customers like you.

Book ahead of time too.Get an idea of the things you have to do to get the room of your choice reserved ahead of time. This is quite important so you're sure that you can easily get something truly appropriate for what you need and you can have it set and ready on the day that you will arrive in the place. So, check what the booking procedures are going to be too.




About the Author:



Expensive restaurants use embellished language in menus to charge more per meal

A group of scientists have analysed words used on restaurant menus to discover a variety of differences between cheap and more expensive restaurants.
Dan Jurafsky, a linguistics and computer science professor at Stanford University, found that fancier establishments filled their menus with embellished language and terms that many people may never have come across as a way to increase the price.
In a report titled The Language of Food, which was published in 2014, Jurafsky and his colleagues looked at the prices of 650,000 dishes on 6,500 menus, using statistical tools to learn which words were associated with higher and lower prices.
Restaurants were covered across seven cities in America (New York, Boston, Chicago, Philadelphia, Washington DC, San Francisco and Los Angeles), and software was created to check language used in the menus, as well as the number of references to farms, ranches, woodlands, gardens, heritage pork or heirloom tomatoes.
Additional details such as chickens being 'corn-fed' were seen more in expensive restaurants to increase the appeal and assumed quality of the foodThe team found that when a restaurant used longer words to describe a dish, it charged more for the dish itself. Each increase of one letter in the average length of words was associated with an increase of 18 cents in the price (10p).
So-called "appealing adjectives" like zesty, rich or crispy were seen to be used as a way of removing obligation for the meal and whether the consumer enjoyed it.
Equally, restaurant-goers were encouraged to check the use of the word "exotic" when describing a dish. Meals that boasted of "exotic spices" and "exotic vegetables" were found to raise the price of the dish.
Expensive food was also often described in sexual terms in online reviews of restaurants, while reviews of cheap restaurants or junk food were infused with drugs references.
Jurafsky told the American Association for the Advancement of Science annual meeting in San Jose on 15 February 2015 that people who liked the expensive restaurants referred to elements of a meal with terms such as "orgasmic" and "seductive".
He said that although it was unclear as to why sexual terms were used for expensive food, there was a clear link between the two because they were both oral pleasures.
"Maybe people at these flashy restaurants are on dates and already thinking about sex," he suggested.

Choose The Best Tour Packages

 
 
 
 
By Olivia Cross


What can be so memorable than spending time with your friends and loved ones at your favorite destination. Even the thought of it can make you blissful and excited. You can stir your vacation with happy moments once you opt for an ideal tour package. Package tour is a literary word today and most people prefer to go for tour packages instead of individual tour plans as it is safe, economical and well organized.

However, it is more enjoyable when you select the reliable tour packages. Usually, you are required to do some research before making your decisions. This is also the best way to enjoy machu picchu Galapagos packages you have chosen. So, before you make your plans for your vacation, you should consider necessary things to enjoy your trip.

Today, there are already many options to choose from. Picking this kind of tour is not that easy. This is especially if you are traveling to a place you are not familiar with. This would be considered as a once in a lifetime experience for travelers. Hence, booking the right tour makes everything a difference. You may also consider some helpful tips to weigh different things.

When you are traveling, it is important to consider the climate factor. It is always important to consider a pleasant climate because it can either make or break your vacation. It is also imperative to check the climate of destination before spending your vacation there. Once you have completed your research, you can hunt for the best packaged available.

Another thing is to choose the right package for you. A lot of travel operators offer several kinds of packages and thus you have to make the right choice. Check and analyze the offers they provide and select the most suitable deal that fits into your criteria of sightseeing, food joints, shopping and other related activities.

The cost is also another factor to consider. The costs of the pack will depend in the place of destination you choose. Bear in mind to always go for a comparison before making your decision. This is a great decision to make for the process. Some packages that are costly and some are not, so you should consider comparisons and assessed all factors like discount, number of days and other amenities.

It is better to get feedback. Do not depend on the words they have uttered and other claims without checking if they are telling the truth. It is better to ask feedback and insights from your relatives and friends to have depth information about the operators and their services. Only when you know certain information, you will be able to question and make the best decision.

You may also pick your itineraries or brochures. This is very important so that you will also know the details of your travel and tours. It is always imperative to have your plans on your finger tips. This is because, you will be traveling under the guidance of their staff and the safety of your family is your responsibility.

After scrutinizing the factors and finalize the travel package, you can now have a stress free vacation ahead of you. It is also the best experience you will have together with your family. Thus, you have to make your trip plans now and pick the right pack for you.




About the Author:



ලෝකාන්තයෙන් වැටුණු විදේශිකයා බේරාගත් ගුවන් මෙහෙයුම

නුවරඑළිය හෝර්ටන්තැන්න ලෝකාන්තය නැරඹීමට ගොස් ප්‍රපාතයට ඇද වැටී ගසක එල්ලී සිටි විදේශිකයෙකු අද දහවල් හමුදා කණ්ඩායමක් සිදුකළ වික්‍රමාන්විත මෙහෙයුමකින් බේරා ගැනුණා. නුවරඑළිය 3 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිසක් සිදු කළ  මෙම මෙහෙයුමට ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක්ද යොදවනු ලැබුවා.

 
මෙලෙස හමුදා සෙබළුන් විසින් දිවි බේරා ගනු ලැබුවේ තිස්පස් හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයෙකුගේයි. ඔහු සිය බිරිඳ සමග මෙරටට පැමිණ ඇත්තේ පෙබරවාරි 14 වැනිදායි. අද උදෑසන හෝර්ට්න් තැන්න ලෝකාන්තය අසල ඡායාරූප ගනිමින් සිටියදී එම නෙදර්ලන්ත ජාතිකයා පය ලිස්සා ප්‍රපාතයට ඇද වැටී තිබෙනවා. කෙටි දුරටත් පහළට ඇදවැටෙන විට ඔහු ගසක අත්ත එල්ලී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පැය 3ක පමණ කාලයක් ඔහු එම ගසේ එල්ලී සිට ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම නෙදර්ලන්ත ජාතිකයා එල්ලී සිටි ස්ථානයට කඹයක ආධාරයෙන් බැස ඔහු නිරුපද්‍රිතව ලෝකාන්තය දක්වා නැවත ගෙන එනු ලැබුවේ නුවරඑළිය 3 වැනි සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් සුදේස් ලලින්දයි. එම රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලූතිනන් කර්නල් අමිත පෙරේරා මහතාගේ අණදීම යටතේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා.  

දිවි බේරා ගත් නෙදර්ලන්ත ජාතිකයා සුළු සීරිම් තුවාල සහිතව සිටි බැවින් නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඔහු අද පස්වරුවේ එම රෝහලේ පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ලෝකාන්තයේ සිට එක එල්ලේ පහළ බෑවුමේ දිග අඩි 2854ක් පමණ වනවා. මෙම සිදුවීම ලෝකාන්තයෙන් පහළට ඇදවැටුණු පුද්ගලයෙකු දිවි බේරා ගත් විරල අවස්ථාවක් වන බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.  

‘‘ලෝකාන්තය’’ ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි අපූරු ස්වාභාවික නිර්මාණයකි. දේශීය හා විදේශීය  සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති ‘‘ලෝකාන්තය’’ පිහිටා ඇත්තේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඉහළ කදුකරයේ පිහිටි හෝර්ටන් තැන්නේය.මුහුදු මට්ටමින්  අඩි 6900ත් 7500ත් (මීටර් 2100-2300) අතර උසකින් පිහිටි හෝටන්තැන්න හෙක්ටයාර් 3160 කින් සමන්විතය. 

හෝටන්තැන්නේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000කි. ඉතා ශීතල දේශගුණයක් පවතින මෙහි ඇතැම් කාලවල රාත‍්‍රියට සෙල්සියස් අංශක පහක් දක්වා උෂ්ණත්වය අඩුවෙයි.හොදින් හිරු එළිය නොමැතිවූ විට මීදුම ගලාවිත් ප‍්‍රදේශයම වැසීයයි. ඒනිසා වෙනත් ප‍්‍රදේශයක මෙන් දිවාකාලයේ පැය හයක් හතක් හැර ඉතිරි කාලය මීදුම නිසා සාමාන්‍ය වැඩවලට බාධා එල්ලවේ.

එකවරම අඩි 2854ක් හෙවත් මීටර් 870ක මහා ප‍්‍රපාතයට ලෝකාන්තය නමින් හදුන්වනවා. එතැන් සිට තව කෙටිදුරක් බේකර්ස් ඇල්ල දෙසට ගියවිට අඩි 886ක හෙවත් මීටර් 270ක එවැනි කුඩා ප‍්‍රපාතයක් හමුවෙයි. එය පුංචි ලෝකාන්තයයි.

ලෝකාන්තයෙන් පහළ බැලූවිට කුඩා පෙට්ටි ප‍්‍රමාණයට ගොඩනැගිලි කිහිපයක් දක්කනට ඇත. එසේ දක්නට ඇත්තේ නන්පේරියල් වත්තේ ‘‘අපර් ඩිවිෂන්’’ හෙවත් ‘‘උඩ කොටසයි’’. රත්නපුර දිස්ත‍්‍රික්කයේ බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට එම ප‍්‍රදේශය අයත් වෙනවා. ලෝකාන්තයෙන් පහළට වැටුනොත් හමුවන්නේ බළන්ගොඩින් යැයි විශ්වාසයක් ජනතාව අතර ඇත.

ලෝකාන්තයෙන් පහළට කෙනෙකු  සෙවීම සදහා යන්නේ මේ නන්පේරියල් වත්තේ උඩකොටස හරහාය. උඩ කොටස තෙක් වාහනයක් යාහැක. නමුත් එම මාර්ගයේද ගමන ඉතාමත් දුෂ්කරයි. තද බැවුම් මෙන්ම මහ කදුවලින් යුතු පටු මගකි. උඩකොටස වතු නිවාස අසලට පමණක් පයින් යාහැකි අතර එතැන් සිට උඩ බැලූවිට ඉහළින් පෙනෙන්නේ ලෝකාන්තයයි.


එම නිසා ලෝකාන්තයෙන් පහළට වැටුණ කෙනෙක් නන්පේරියල් වත්තේ උඩකොටසින් හොයාගෙන තවත් කිලෝමීටර් තිස්පහක් පමණ දුරක් පහළ පිහිටි බළන්ගොඩ මූලික රෝහලට රැගෙන යායුතුයි.


www.nethfm.com 06
www.nethfm.com 04
www.nethfm.com 07www.nethfm.com 10 www.nethfm.com 02 www.nethfm.com 03  www.nethfm.com 05   www.nethfm.com 08 www.nethfm.com 09
www.nethfm.com 01


www.nethfm.com 01
www.nethfm.com 02
loke1


Illegitimate Italian Olive Oil & 3 Pointers For Smarter Purchases

 
 
 
By Katie Onson


Those who are savvy about Italian olive oil know exactly what to focus on. They are able to set their sights on certain points of interest so that, in the long term, they can be more confident in the oil that they purchase. However, it would be unwise to say that novices couldn't pick up on certain points, either. In fact, if you adhere to these 3 methods, it's unlikely that you will ever purchase a bottle of fake oil, for culinary efforts or otherwise, again.

One of the first ways to pinpoint a bottle of fake Italian olive oil is to focus on the price. According to an article on care2, a cheaper bottle of olive oil does not necessarily mean that it comes with a stronger deal. In fact, you would be better served if you avoided a $10 bottle of oil and instead looked to an option that's more along the lines of $30. The value is worthwhile, according to companies like Unaprol. Higher costs usually mean higher quality, so keep this in mind when shopping.

You should also be mindful of the date that's listed on the bottle. Specifically, you should know to use the product in question within two years after the initial harvest date. This is what can be best described as the "best by" date, so those who are unfamiliar with this product should carefully shop with this concept in mind. Once you're able to find a bottle that's well within the two-year stretch, as mentioned earlier, you will be good to use that product for some time to come.

What about the taste of the oil, you may wonder? If you have ever picked up a poor bottle oil, you may find that the taste itself can only be described as, "rancid." It simply isn't appealing to any sense, meaning that you would be best served if the product itself was tossed to the side. Many enthusiasts, of this product, will not rely on the taste alone to see if a bottle of oil is worthwhile. However, it doesn't hurt to give it a try.

As long as you follow the aforementioned steps, you'll be able to come away with a bottle of Italian olive oil to be happy with. There's no denying the fact that the oil in question possesses a characteristic taste, but sometimes the element of taste isn't enough to see if a product has worth. You have to look at the product, as a whole, in order to see if it's true. Once it's confirmed to be legitimate, you can be certain that it will prove to be more than useful.




About the Author:



The Contribution Of Online Surfboard Store

 
 
 
 
By Olivia Cross


In the past years, water sports have been growing in popularity especially surfing. Many sporting events involving surfing are being organized in many places. There is need to have well established stalls where people can purchase the required sporting gear. Businesses are adopting technology and the use of Internet in marketing. This has been helpful to buyers who can now access the online surfboard store with ease.

The cost of posting adverts is relatively low which has favored many stores handling these surfboards to use it as a channel of increasing their sales. This has widened the market coverage which would not have been achieved by the single unit they operate in a given location. Buyer-seller contact has also been achieved.

There is a wide variety of these products offer for sale. Well taken photographs of these boards are taken and posted to the marketing sites. Descriptive statements are also attached to each item as well as the quoted prices and any discounts associated if they are offered. It is also important to add details regarding the location of their shops and street address to make it easy for buyers to visit them.

Most dealers are selling brand new items which come at a high cost depending on the sizes; however some also offer second hands which are valued at a lower price. There are various shapes, long, short, soft or sup. They are also available in different designs and are also made from different materials causing variations in their weights.

Clients benefit in very many ways from the services rendered by the stalls owners. It has been made possible to buy a good and have it brought up to the point where one Is. They also give some sort of cover on the products bought such that if it develops any problem or it is damaged you can have it repaired for free or one can be issued with a new item provided this happens within the stipulated period of cover. They also avail all information to the public.

Various payment strategies have also been employed in an effort to increase sales by making it easy for many to buy the expensive products. One is allowed to take the item he wants by first settling down a fixed percentage of its total price then promising to complete the payment on a later date. This has had a positive impact on units sold and profits made.

The presence of many sellers has created a chance for fraudsters who take advantage of the innocent clients. People have been advised to be cautious when dealing with these online marketers by ensuring they first investigate on the history of operations of the business to ensure it is genuine. It is also important not to give confidential information such as the credit cards pins and balances which may be used to make withdrawals thus leading to losses.

Service delivery has been enhanced by the emergence of online businesses by reducing the time take to visit a stall and make selections on what to take or not. One can simply shop from any place at any time. This has promoted more sales of the surfboards.




About the Author:



If the Moon were replaced with some of our planets


HotForex Awards

යක්ෂාවගමන බලියට පෙර වාසුදේවට සහ වීරවංශට ප්‍රශ්ණ දහයක්..!

යක්ෂාවගමන බලියට පෙර වාසුදේවට සහ වීරවංශට ප්‍රශ්ණ දහයක්..!


(ලංකා ඊ නිව්ස්- 2015.පෙබ.18, පෙ.ව.2.15) වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශගේ අශුද්ධ සන්ධානය මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට පවත්වන බලියෙහි දී  පිළිතුරු දිය යුතු ප්‍රශ්ණ දහයක් මෙන්න.
ජනාධිපතිවරනයෙන් පැරදීමෙන් පසු රාජපක්ෂ මහතා තමට විරුද්ධව අසත්‍ය චෝදනා කැරන්නේ යැයි කියා ඊට පිළිතුරු ලෙස පුවත් පත් නිවේදන දෙකක් නිකුත් කළේ ය.  එම නිවේදන දෙකෙන්ම පිළිතුරු නොදුන් පහත සඳහන් ප්‍රශ්ණ දහයකට පිළිතුරු දෙන ලෙස වාසුදේවට සහ වීරවංශට අපි අභියෝග කරමු.  
1.    රාජපක්ෂ ඡන්ද ව්‍යාපාරය සඳහා රටපුරාම ජනයා ආන්ඩුවේ බස් රථවලින්  ගෙන ගිය බව රටම දන්නා කරුණකි. ඒ දිනවල කියා සිටියේ එම බස් රථ ලබා ගත්තේ මුදල් ගෙවීමෙන් පසු බවය. නමුත් දැන් හෙළිදරව් වී ඇත්තේ එම ප්‍රකාශය මහා බොරුවක් බවත්  එම බස් ගාස්තු වශයෙන් රුපියල් මිලියන 140ක් තවමත් ගෙවීමට තිබෙන බවත් ය. ලංගමය යනු මහා ජනයාගේ වස්තුවකි. මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට යෝජනා කිරීමට පෙර වාසුදේව හෝ වීරවංශ මෙම මුදල පොලිය සමඟ ගෙවන්නේ ද?
2.     රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට අතෝරක් නැතිව රාජ්‍ය පාලිත මාධ්‍යයන්හි වෙළඳ දැන්වීම් පල කළ බව රටම දනී, කවර පාර්ශවයක් වුවත් මාධ්‍යයෙහි දැන්වීම් පළ කරන්නේ නම් ඊට පෙර මුදල් ගෙවිය යුතු ය. රාජපක්ෂ ඡන්ද ව්‍යාපාරයට එම නීතිය බල නොපෑ අතර තවමත් එම දැන්වීම් සඳහා ගෙවීමට ජාතික වස්තුවක් වන රූපවාහිනී සංස්ථාවට ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන 500 කි. මෙම මුදල ගෙවන්නේ වීරවංශ ද? වාසුදේවද?
3.    රාජපක්ෂ මහතා ලහි ලහියේ අරලිය ගහ මන්දිරයෙන් පසුබැස යාමෙන් පසු එහි තිබී අඩු මිල නෝට්ටු ලෙස රුපියල් කෝටි 1500 ක් සොයා ගන්නා ලදී. මේ මුදල කාගේ ද? කෙළෙස එක් කරන ලද්දේ ද? එපමණ මුදලක් අරලිය ගහ මන්දිරයේ තබා ගත්තේ මන්ද? ඒ ප්‍රශ්ණය මුදල් වලට ආසා වීරවංශයට ය.
4.    පරාජයෙන් පසු ජනෙල් කූරු අතරින් කතා කරමින් රාජපක්ෂ කීවේ තමා ඊලමේ ඡන්ද වලින් පරාජය වූ බවය.තමා තවමත් සිංහලයින්ගේ ජනාධිපති බවත් ඔහු කීවේ ය. එය වර්ගවාදී කතාවක් ද නැත් ද?  2005 ජනාධිපතිවරණයට පෙර රාජපක්ෂවරු උතුරු නැගෙනහිර දෙමළ ජනයා ඡන්දය දීමෙන් වැළැක්වීමට රුපියල් මිලියන 200 ක් ගෙවූ බවට දිව්රුම් පෙත්සමකින් කියා සිටියේ අද රාජපක්ෂ මහතාගේ සගයකුව සිටින ටිරාන් අලස් ය. මේ කරුණු දෙකම වාසුදේවට යොමු කැරේ.
5.    ගෝඨාභය රාජපක්ෂ යටතේ කොළඹ බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ රහසිගතව පවත්වා ගෙන ගිය රක්නා ලංකා  ආයුධ ගබඩාවෙන් මැෂින් තුවක්කු 3000 – 5000 අතර ප්‍රමාණයකට වූ දෙයක් නැති බව වාර්තා වී තිබේ. මෙම ආයුධ දැන් තිබෙන්නේ කොහි ද? එම ආයුධ යළි සොයා දීමට වීරවංශ සහ වාසුදේව ගන්නා පියවර මොනවාද?  මෙම ආයුධ අතුරුදහන්වීමට රාජපක්ෂවරු වගකිව යුතු නැත්ද?
6.    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කනිෂ්ඨ නායකයකු වන නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණය සඳහා මුදල් නොගෙවා ගුවන් හමුදා යානා වලින් ගුවන් ගමන් වාර 25ක් ලබා දුන්නේ කෙසේ ද? එම ගුවන් ගමන් සඳහා ගෙවා නැති ගාස්තුව වන රුපියල් ලක්ෂ 158 ට ගෙවන්නේ වීරවංශද? වාසුදේව ද?   පසුගිය දෙසැ 12 දා ශිරන්ති රාජපක්ෂ රත්මලානේ සිට මහරගමට කිලෝ මීටර 10ක් යෑමටත් ගුවන් යානයක් යොදා ගෙන ඇති අතර එහි බිල පමනක් පන් ලක්ෂ විසි දහසකි. එම බිල ද වැටෙන්නේ ආන්ඩුවේ ගිනුමට ය. වීරවංශගේ එවැනි ගුවන් ගමන් ද ඇතුලුව ලංකාන්ඩුව ගුවන් හමුදාවට ලක්ෂ 350 ක් තවම ගෙවිය යුතුව තිබේ. මේ බිල් ගෙවන්නේ වාසුදේවගේ අප්පලාගේ බූදලයෙන් ද?
7.    සේවයේ යෙදී සිටියදී දේශපාලනය කළ බවට චෝදනා කොට යුද සමයේ යුද හමුදාපති වූ ජෙනරල් පොන්සේකා සිර ගත කරන ලද්දේ රාජපක්ෂ ආන්ඩුවය.  වීරවංශ සහ වාසුදේව ඊට අත් ඉස්සුවේ උජාරුවෙනි. දැන් එක් දිනක් හෝ යුද බිමෙහි නොසිටි නාවික හමුදාවෙහි සිටි කාලය තුළ සුර සැප විදිමින් රගර් ගැසූ යෝශිත රාජපක්ෂ හමුදා සේවයේ සිටින කාලය අතරතුර දේශපාලනය සහ ලාභ උපයන ව්‍යාපාරයක යෙදීම සම්බන්ධයෙන් සිරගත නොකළ යුතු ද? ඔහු දැන් විදේශ ගත වී ඇත්තේ නාවික හමුදා පරීක්ෂණයක් පැවැත්වෙද්දී නොවේ ද? යෝශිත සිරගත කිරීමට වීරවංශ - වාසුදේව එකඟද ?
8.    ජනාධිපති රාජපක්ෂ බිරිද ශිරන්ති රාජපක්ෂ පවත්වා ගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානය වූ සිරිලිය ව්‍යාපෘතිය සඳහා මහජන බැංකුවේ සුදු වැල්ල ශාඛාවේ පවත්වා ගෙන ගිය ගිනුම ( අංක 143100146235069) සඳහා ශිරන්ති රාජපක්ෂ නමට 222222222V නම් ව්‍යාජ හැඳුනුම්පත් අංකයක් භාවිතා කරන ලද්දේ කෙසේ ද?  එවැනි ව්‍යාජ හැදුනුම් පතක් ඇය සතුව තිබුනේ ද? එවැනි හොර ගිනුමක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂට දිය යුතු දඬුවම කුමක්දැයි වාසුදේවට කිව හැකි ද? මෙම හොර හැඳුනුම් පත් සකස් කරන ලද්දේ කෙලෙසකදැයි ඒ පිලිබඳ විශේෂඥවරයකු වන වීරවංශට පැහැදිළි කළ හැකි ද?
9.    සිගරට් අසුරනයන්හි සිගරට්වලින් වන විනාශය දක්වන වෙළඳ දැන්වීම් සියයට 80 කළ යුතු බවට ඇතිවූ සාකච්ජා සඳහා එවකට  ජනාධිපතිව සිටි රාජපක්ෂ දුම්කොළ සමාගම් ද කැඳවූ බවත් දකුණු ආසියාවේ අන් රටවල නැති තරම් සියයට 80 කම එවැනි දැන්වීම් අවශ්‍ය මන්දැයි සමාගම්කරුවන්  ඉදිරියේම තමාගෙන් ඇසූ බවත් ජනාධිපති සිරිසේන පවසයි. මෙය ඇත්තක් නම් එය මරණයේ වෙළෙන්දන් වන දුම්කොළ සමාගම්වලට කඩේ යෑමක්  නොවේ ද? මෙම ප්‍රකාශය බොරුවක් නම් සිය නායකයා බේරා ගැනීමට නීති‍‍‍‍‍‍‍‍ඥ වාසුදේව උසාවි යන්නේ කවදා ද?
10. රාජපක්ෂ ආන්ඩුවේ බලවතා වූ ගෝඨාභය රාජපක්ෂගේ ගජයකු වූ දුමින්ද සිල්වා සිය ධනය ඉපයූයේ මහා පරිමාණ කුඩු ජාවාරමෙන් බවට  දැන් සාක්ෂි හෙළිවෙමින් තිබේ. මෙම චෝදනා අධිකරණය ඉදිරියෙහි සනාථ වුවහොත් ගෝඨාභය රාජපක්ෂ ද මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන්ගේ ගජයකු බවත් දුමින්ද වැනි මැරයින්ට රැකවරණය ලබා දුන්නේ ගෝඨාභය බවත් පිළිගෙන බැසිල් රාජපක්ෂ පවුලෙන් පැන්නූ පරිදි මොහුද මුහුදෙන් එතෙරට පන්නා යවනවා ද?
මෙහි ඉදිරිපත් කර ඇත්තේ රාජපක්ෂ පවුලට කෙලින්ම සම්බන්ධ කරැණු දහයක් පමණි. රාජපක්ෂ පවුල වටා සිටි සජින් වාස්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මර්වින් සිල්වා, ගාමිනී සෙනරත්,  යනාදීන්ගේ දූෂණ වංචා ඇතුළත් දීර්ඝ ප්‍රශ්නාවලියක් වීරවංශ - වාසුදේවගේ ඊළග යක්ෂාවගමනය රැස්වීමට ඉදිරිපත් කරමු.
( ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මන්ඩපය විසින් සකස් කරන ලද පත්‍රිකාවක සංස්කරණය කරන ලද පිටපතකි)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සැහැල්ලුවෙන්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී කෙසේ තරග වදීදැයි බොහෝ දෙනා දැඩි විමසිල්ලෙන් බලා සිටිනවා.

ඒ නවසීලන්තය සමඟ පැවති පළමු තරගයේදී ශ්‍රී ලංකාව දරුණු පරාජයකට ලක් වීමත් සමගයි. ඒ අතරතුර අප ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු තරගාවලියට පෙර සිය පවුලේ සමීපතමයින් සමඟ නවසීලන්තයේ විනෝද චාරිකාවක නිරත වූ අයුරුයි.

www.nethfm.com 01 www.nethfm.com 02
1
www.nethfm.com 03 www.nethfm.com 04 www.nethfm.com 05 www.nethfm.com 06 www.nethfm.com 07 www.nethfm.com 08 www.nethfm.com 09 www.nethfm.com 10

Channel FIVE

Ceylon Herbal Flat Tummy Tea

  Ceylon Herbal Flat Tummy Tea  Unlock the power of nature with our Ceylon Herbal Natural Flat Tummy Tea. Crafted from 100% natural ingredie...