කෝටි 300 කට අධික මහජන මුදලින් රාජපක්ෂලාගේ භාවිතයට සැකසූ රහසිගත භාවනා මධ්‍යස්ථානයක් රන්ජන් සොයා ගනී: ප්‍රචාරයට තහංචි


කෝටි 300 කට අධික මහජන මුදලින් රාජපක්ෂලාගේ භාවිතයට සැකසූ රහසිගත භාවනා මධ්‍යස්ථානයක් රන්ජන් සොයා ගනී: ප්‍රචාරයට තහංචි (ලංකා ඊ නිව්ස්[ මහින්ද රාජපක්ෂ ඇතුළු මැදමූලන මෘග චෞර රාජපක්ෂ පවුලට පමණක් භාවනා කිරීම සඳහා රුපියල් කෝටි 300 ක පමණ මහජන මුදලින් යුද හමුදාව යොදවා ගොඩ නගා රහසිගතව පවත්වාගෙන ගිය අති සුඛෝපභෝගී රාජකීය භාවනා මධ්‍යස්ථානයක් නියෝජ්‍ය අමත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ඊයේ සොයා ගන්නා ලදී. මෙය පිහිටා තිබුනේ කඩවත ඉඹුල්ගොඩ ප්‍රදේශයේය. අක්කර 8 ක පමණ භූමිභාගයක පිහිටි කළු ගල සමග සම්බන්ධ වන ආකාරයට පොළොව යටට හාරා නිර්මාණය කර තිබූ මෙම භාවනා මධ්‍යස්ථානය ඉතා දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ වැඩකි. මෙය නිමැවීම සඳහා ‘වරාය කළු ගල්‘ නම් ගඩොලක ආකාරයකට කපන ලද කළු ගල් 10000 ක් පමණ භාවිතා කර ඇතැයි පැවසේ. මෙම ‘වරාය කළු ගල්‘ යනු කොළඹ යටත් විජිත යුගයේ භාවිතා කළ කළු ගල්ය. චාමර්ස් ධාන්‍යාගාරය සහ ඒ අවට තිබූ පාරවල් වල තිබූ යටත් විජිත යුගයේ භාවිතා කළ නිසි ලෙස කපන ලද කළු ගල් ලක්ෂ 5 ක් පමණ ගෝඨාභයගේ නවීකරන වැඩ පිලිවෙල යටතේ ගලවා වරායේ ගොඩ ගසා තිබිණ. ඒවා පසුව වරායෙන් ඉවත් කරගෙන ගොස් ඇතත් ඒවාට සිදුකළ දේ කිසිවෙක් නොදනී. ඊයේ රන්ජන් සොයාගත් මෙම රාජකීය භාවනා මධ්‍යස්ථානයට භාවිතා කර ඇත්තේ ඉන් 10,000 ක් පමණ යැයි කියැවේ. මෙකී රාජකීය භාවනා මධ්‍යස්ථානයේ භාවනා කිරීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ඒකාධිපතියා පැමිණ ඇත්තේ දෙවරක් පමණි. ගෝඨාභය රාජපක්ෂද පැමිණ ඇත. මෙය පවත්වාගෙන ගොස් ඇත්තේ උඩුවේ ධම්මාලෝක නමැති රාජපක්ෂ රෙජීමයට සට්ටැඹි කම් කළ චීවරධාරියා විසිනි. ඉදිකිරීම් සියල්ල කර ඇත්තේ හමුදාව මගින් වන අතර එහි සේවය කර ඇත්තේ ද ස්වේච්ඡා බලකායට අයත් හමුදා සෙබලුන් ය. 60 දෙනෙක් පමණ සේවය කළ බව එය භාරව සිටි හමුදා සාජන්ට් වරයා රන්ජන් සමග පැවසීය. මෙකී රාජකීය භාවනා මධ්‍යස්ථානයේ අති සුඛෝපභොගී නානාකාමර 2 ක් තිබූ අතර පුස්තකාලයක් ද තිබිණ. පුස්තකාලයේ තිබූ ගෘහ භාණ්ඩ කළුවර ලීයෙන් නිමවන ලද ඒවා ය. මහින්ද රාජපක්ෂට සැතපීම සඳහා කළුවර ඇඳක්ද තිබිණ. මෙම අක්කර 8 ඉඩමට වෙල් යායක්ද අයත් වන අතර පසෙක කෘතිම නිමවන ලද වැවක්ද විය. ගම්වැසියන් පවසන්නේ මෙම ස්ථානය වලගම්බා රජතුමා සිටි ස්ථානයක් ලෙස ප්‍රචලිතව තිබූ බවත් හමුදාව පැමිණ එහි තිබූ නිධන් හාරාගෙන ගිය පසුව මෙම ඉදිකිරීම් කළ බවයි. කිසිදු ගම් වැසියෙකුට මෙහි ඇතුලු වීම තහනම් කර තිබිණ. මෙම ස්ථානය පරීක්ෂා කිරීමට ඊයේ රන්ජන් රාමනායක මහතා ගියේ ස්වර්නවාහිනී ආයතනයේ කැමරා ශිල්පීන් කණ්ඩායමක්ද සමග නමුත් ඉහලින් ආ නියෝගයක් නිසා එම රූප සටහන් ප්‍රචාරය කිරීම වාරණය කෙරී තිබේ. ඉන් පසුව එම වීඩියෝව මෙසේ අන්තර්ජාලයට එක් කෙරිණ. එම වීඩියෝව පහතින් නැරඹිය හැකිය

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

American whiskey lovers are raising a glass to the booming phenomenon of Indian single malts. Thanks to the rapid maturation of malt spirits...

Popular Posts ජනප්‍රිය ලිපි