HotForex 100% Bonus ලබා ගැනීමට සම්පුර්ණ කළ යුතු අවශ්‍යතා


 සමාගමේ අළුත් ගිණුමක් අරඹන ඕනෑම කෙනෙකුට ලබා ගන්නට පුළුවන් Bonus වර්ග 3ක් තියෙනවා. 
  1. 30% Rescue Bonus
  2. 100% Credit Bonus
  3. 100% Supercharged Bonus
30% Rescue Bonus එක අපිට එතරම් අදාළ නැති නිසා  100% Bonus වර්ග 2 ගැන පොඩ්ඩක් කතා කරමු. 

HotForex 100% Bonus ලබා ගැනීමට සම්පුර්ණ කළ යුතු අවශ්‍යතා

Micro හෝ Premium ගිණුමක් විවෘත කරන විටදී අදාළ වරණය නිවැරදිව තේරීම මඟින් ඔබට අවශ්‍ය HotForex 100% Bonus එක ලබා ගැනීමට පුළුවන්. ඒ සඳහා ඔබේ ගිණුම Verify කර ගැනීම අනිවාර්ය වෙනවා.
BONUS වර්ගය100% CREDIT BONUS100% SUPERCHARGED BONUS
HotForex ගිණුම් වර්ගයMicro සහ Premium ගිණුම් සඳහාPremium ගිණුම් සඳහා පමණි
අවම තැන්පතු අවශ්‍යතාවය100 USD500 USD
මේ 100% Bonus වර්ග 2 අතරෙනුත් දිගු කාලීනව Forex Trading කරන්නට බලාපොරොත්තු වෙන ඔබට සිංහලෙන් Forex අපි නිර්දේශ කරන්නේ 100% Supercharged Bonus වර්ගයයි. ඒ ඇයි කියලා අපි ඉදිරියේදී කතා කරමු.

100% Credit Bonus



උදාහරණයක් විදිහට ඔබ $250 ක් තැන්පත් කළේ නම් 100% Credit Bonus එක විදිහට ඔබටHotForex සමාගමෙනුත් $250ක් ලැබෙනවා. එතකොට ඔබට එදිනෙදා Forex Trade කරන්නට $500ක් තියෙනවා.
ඩොලර් 100ට වැඩි තැන්පතුවක් කිරීමට සුදානම් HotForex Micro හෝ Premium ගිණුම් හිමි ඔබට මේ 100% Credit Bonus එක ලබා ගත හැකියි.
මෙලෙස ලැබෙන 100% Bonus එකට අදාළ Volume අවශ්‍යතාවය සම්පුර්ණ කළ වහාම කිසිදු බාධාවකින් තොරව සමස්ත Bonus මුදලම ඔබේ අතට ලබා ගත හැකි වෙනවා.
100% Credit Bonus එකට අදාළ Terms & Conditions මේ PDF එකේ ඇතුලත් වෙනවා. එහි ඇති වැදගත් ම කරුණු කීපයක් ඔබ වෙනුවෙන් සටහන් කරන්නම්.
  • HotForex සමාගමට අවශ්‍ය ඕනෑම මොහොතක කිසිදු දැනුම් දීමකින් තොරව මේ Bonus Promotion එක නැවැත්විය හැකියි.
  • 100% Credit Bonus එක ලබා ගත හැකි වෙන්නේ $100 ට වැඩි තැන්පතු සඳහා පමණයි.
  • අදාළ Volume අවශ්‍යතාවය සම්පුර්ණ කළ වහාම, Bonus එක ඔබට නිදහස් කර ගැනීමට (Cash කර ගැනීමට) ඉල්ලා support@hotforex.com වෙත email පණිවිඩයක් යැවිය යුතුයි.
  • අදාළ Volume අවශ්‍යතාවය සම්පුර්ණ කර මාස 3ක් ඇතුලත Bonus එක නිදහස් කර ගත්තේ නැතිනම් ඉතින් බඩුම තමයි. ඒක ආයේ කවදාවත් ගන්නට ලැබෙන්නේ නැහැ.

100% Credit Bonus එකට අදාළ Volume අවශ්‍යතාවය

100% Credit Bonus එක Withdraw කර ගැනීමට නම්,
ඔබ සම්පුර්ණ කළ යුතු Standard Lot ගණන = ඔබට Bonus එක වශයෙන් ලැබුණ මුදල / 2
උදාහරණයක් විදිහට ඔබ $200 ක් තැන්පත් කළේ නම් 100% Credit Bonus එක විදිහට ඔබට $200ක් ලැබෙනවා නේ. Bonus එක විදිහට ලැබුණු $200 නිදහස් කර ගැනීමට නම් ඔබ සම්පුර්ණ කළයුතු Standard Lot ගණන = $200/2 = 100 යි.
“දැක්ක ගමන්ම Standard Lots 100ක් කියන්නේ ඉතා වැඩි ගණනක් වගේ පෙනුණට දීර්ඝ කාලීනව Trade කරන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් වශයෙන් ඒක එතරම් සිතට ගත යුතු නැහැ. ක්‍රම ක්‍රමයෙන් ඔබේ ගිණුමේ ප්‍රමාණය වැඩි වනවාත් සමඟම අපි යොදන lot size එකත් වැඩි වෙන නිසා ඔබ සිතනවාට වඩා ඉක්මනින් මේ Volume අවශ්‍යතාවය සම්පුර්ණ වෙනවා.”
  • මේ Volume අවශ්‍යතාවය සම්පුර්ණ කරන්නට සුදුසුකම් ලබන්නේ Open Price එකත් close Price එකත් අතරේ අඩුම ගානේ Pips 3ක වත් වෙනසක් තියෙන Trades විතරයි.
  • Bonus එක ලබා ගත් පසු ඔබ Withdrawal එකක් කලොත් ඒ withdrawal amount එකට අනුරූපව Bonus එකත් ඉවත් වෙනවා.
    • උදාහරණයක් විදිහට ඔබ $300 ක තැන්පතුවක් කර $300ක් Bonus ලෙස ලබා ගත් පසු $600ක Account Balance එකකින් Trade කරනවා යැයි සිතමු. දින කීපයක් තුල ඔබ $100ක ලාභයක් ලබනවා. මෙම $100 ලාභය ඔබේ Neteller ගිණුමට Withdraw කරන්නට අයැදුම් කළොත් ඒ මොහොතේම ඔබට Bonus ලෙස ලැබුණු  $300නුත් $100 ක් ඉවත් වෙනවා.
  • මේ 100% Credit Bonus එක වලංගු වන්නේ මුල් තැන්පතුව සඳහා පමණයි. එම ගිණුමට ඔබ පසු කාලීනව තව කොතරම් Deposit කළත් Bonus ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගිණුමක් අරඹන විටදී ඔබට හැකි උපරිම මුදලින් ආරම්භ කරන්න.
#Tip: මුලින් විවෘත කරපු ගිණුමට ම deposit කළොත් නේ Bonus ලැබෙන්නේ නැත්තේ, ඒ නිසා පසු කාලීනව විශාල තැන්පතුවක් කරන්නේ නම් අළුත්ම 100% Bonus ගිණුමක් විවෘත කර මුදල් තැන්පත් කර Bonus එක ලබා ගන්නට පුළුවන්.
  • යම් හෙයකින් ඔබ තැන්පත් කළ මුදලට වඩා විශාල loss එකක් වුණොත් 100% Credit Bonus එක අවලංගු වෙනවා.
    • උදා : ඔබ $200ක් තැන්පත් කර $200ක් Bonus ලබා Trade කරන විට යම් හෙයකින් 50% loss එකක් වෙලා ගිණුමේ ශේෂය $200ට ම ලඟා වුණොත් ඒ මොහොතේම Bonus ලෙස ලැබුණු $200 අවලංගු වෙනවා.

100% SuperCharged Bonus

මේක 2in1 Opportunity එකක්. ඒ කියන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ට ගහන්න පුළුවන් අවස්ථාවක්.
මේක 100% Bonus එකක් සමඟම ඔයා Trade කරන එක lot එකකට $2ක Cash Rebate එකක් ලබා ගන්නට පුළුවන් offer එකක්. ඒ කියන්නේ 100% Bonus එක නිසා ඔබේ තැන්පතුව දෙගුණ වෙනවා විතරක් නෙවෙයි ඔයා Trade කරනවාට HotForex එකෙන් ඔයාට සල්ලි ගෙවනවා. කෙටි කාලයක් තුල වැඩි Trades ප්‍රමාණයක් යොදන Scalpersලාට නම් මේක මිල කරන්න බැරි අවස්ථාවක්.

Rebates වල වාසි

  • ඔබේ Trading Profits වලට අමතරව ලැබෙන අතිරේක අදායමක් වීම
  • Trade Volume එකට ගණනය වෙන නිසා අදාළ Trades වල ප්‍රතිඵලය loss වුණත් Lot එකකට $2 ගානේ ලබා ගන්න පුළුවන් වීම

Rebates වලින් කොච්චර විතර සල්ලි හොයන්න පුලුවන්ද?

විවිධ Lot ප්‍රමාණ වලින් දිනපතාම Trade කරන 3 දෙනෙක් මේ SuperCharged Bonus එක ලබා ගත්තොත්, එහි ඇතුලත් Rebate Program එක හරහා තම තමන්ගේ Trading Profits වලට අමතරව දිනකට, මසකට ලබා ගත හැකි අමතර ආදායම මේ විදිහට වගුගත කරන්නට පුළුවන්.
Traderලක්ෂාන්සුරංගසුපුන්
සාමාන්‍යයෙන් භාවිතා කරන Lot Size එක10.10.01
සාමාන්‍යයෙන් දිනකට යොදන Trades ගණන101010
එමනිසා දිනකට Trade කරන Volume එක1010.1
මාසයකට Trade කරන Volume එක (මාසයකට දින 20ක් Trade කළේ නම්)200202
එමනිසා Rebates මඟින් මාසයකට ලැබෙන අදායම ඩොලර් 400ඩොලර් 40ඩොලර් 4

මෙහෙම Rebates ගන්න ගියොත් Spread එකට, trading conditions වලට මොකක් හරි බලපෑමක් වෙනවද?

කොහොමටවත් නැහැ!
Rebates ලැබුණා කියලා spread එකටවත් අනිත් trading conditions වලටවත් කිසිම වෙනසක් වෙන්නේ නෑ.
100% SuperCharged Bonus එකට අදාළ Terms & Conditions මේ PDF එකේ ඇතුලත් වෙනවා. එහි ඇති වැදගත් ම කරුණු කීපයක් ඔබ වෙනුවෙන් සටහන් කළොත්,
  • ඔබට විවෘත කරන්නට පුළුවන් එකම එක 100% Supercharged Bonus ගිණුමක් පමණයි.
  • Hotforex  Premium ගිණුමක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අවම තැන්පතුව $500 ක් වෙන්න ඕනේ.
  • 100% SuperCharged Bonus එක Withdraw කරන්නට බැහැ. හැබැයි $8000ක් වෙනකල් Rebates ගන්නට පුළුවන්.

  • 100% Credit Bonus එකේදී වගේ නැතුව ඔබ පසුව Deposit කරන සෑම $250 ට වැඩි තැන්පතුවක් සඳහාම මේ 100% Super charged bonus එක වලංගු වෙනවා.
    • උදා: ඔබ $500ක ගිණුමක් විවෘත කරලා 100% Supercharged bonus එක අරගෙන Trade කරන්නට පටන් ගත්තට පස්සේ ටික කාලයකින් ඔබ නැවත $1000 ක තැන්පතුවක් කළොත් ඔබට Bonus ලෙස තවත් $1000ක් ලැබෙනවා. එතකොට HotForex එකෙන් ඔබට ලැබුණු මුළු bonus එක $1500 යි.
  • මේ විදිහට ලබා ගන්න 100% SuperCharged Bonus එක කොහොමටවත් loss වෙන්නට බැහැ. ඒ කියන්නේ ඔබේ account balance එක ආරම්භක අගයට වඩා 50%ට වඩා loss වුණොත් ඉබේම Bonus එක ඉවත් වෙනවා.
  • Bonus එක ලබා ගත් පසු ඔබ Withdrawal එකක් කලොත් ඒ withdrawal amount එකට අනුරූපව Bonus එකත් ඉවත් වෙනවා. මේක ඔබ කරන ලද තැන්පතු වලට, Rebates වලට වගේම Profits වලටත් අදාලයි.
  • එක lot එකකට $2 Rebate එක අදාළ වෙන්නේ විනාඩි 2කට වඩා වැඩි Position වලට විතරයි. ඒ කියන්නේ Trade එකක් Open කරලා Close කරන කාලය විනාඩි 2කට වැඩි නම් විතරයි මේ සම්පුර්ණ Rebate එක ලැබෙන්නේ.
  • දවසගානේ Rebates ගණනය කරලා Server එකේ වේලාවෙන් 02.00 ට ඔබේ ගිණුමට බැර වෙනවා.
  • ඒ විදිහට බැර වෙන්නේ $5 ක අවමයකට යටත්වයි. ඔබේ දෛනික Rebate එක ඊට අඩු නම් 5 වෙනකල් එකතු වෙලා තමයි ඔබේ ගිණුමට බැර වෙන්නේ.
අවසාන වශයෙන්…

මේ තොරතුරු සාරාංශ ගත කළොත්,

Bonus වර්ගය 100% Credit Bonus එක ලබා ගත්තොත්… 100% Supercharged Bonus එක ලබා ගත්තොත්…
100% Bonus ගිණුමක් විවෘත කිරීමෙන් ඔබට ලබා ගත හැකි උපරිම මුදලඔබේ මුල් තැන්පතුවට සමාන මුදලක් පමණිHotForex Rebates හරහා $8000ක් දක්වා
උදා: ඔබ $500ක් තැන්පත් කළොත්,Lots 250ක් Trade කළ පසු Bonus ලෙස ලැබුණු $500 Withdraw කළ හැක.Bonus ලෙස ලැබෙන $500  Withdraw කළ නොහැකි නමුත්, Rebates වැඩසටහන හරහා ඔබ Trade කරන සෑම Lot එකක් සඳහාම $2 බැගින් ඩොලර් 8000ක් දක්වා මුදලක් ලබා ගන්න පුළුවන්.
ඒ නිසා දිගු කාලීනව Forex Trading කරන්නට බලාපොරොත්තු වෙන ඔබටසිංහලෙන් Forex අපි නිර්දේශ කරන්නේ 100% Supercharged Bonus වර්ගයයි. දැනට වෙනත් Forex Broker කෙනෙක් සමඟ Trade කරන ඔබත් එහෙනම් ඉක්මනින්ම hot  forex වලට මාරු වෙන්න…
ජයවේවා!
Dear Trader, HotForex would like to inform you about the launch of the HotForex free Video Tutorials These video tutorials will teach you everything about trading, from operating the HotForex MT4 platform to establishing a profitable Forex trading Strategy. Furthermore, for clients who require trading signals to be sent directly to their email, we offer free trading signals to any client that deposits more than $500 in a Hotforex Live Trading Account. The signals are provided by TradeSignals.com, a professional signal provider. Lastly, for clients who wish to have their trading performed by professional fund managers we also offer the HotForex PAMM service. We would be happy to answer any question you may have so please do not hesitate to contact us.

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...