ලෝකාන්තයෙන් වැටුණු විදේශිකයා බේරාගත් ගුවන් මෙහෙයුම

නුවරඑළිය හෝර්ටන්තැන්න ලෝකාන්තය නැරඹීමට ගොස් ප්‍රපාතයට ඇද වැටී ගසක එල්ලී සිටි විදේශිකයෙකු අද දහවල් හමුදා කණ්ඩායමක් සිදුකළ වික්‍රමාන්විත මෙහෙයුමකින් බේරා ගැනුණා. නුවරඑළිය 3 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිසක් සිදු කළ  මෙම මෙහෙයුමට ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක්ද යොදවනු ලැබුවා.

 
මෙලෙස හමුදා සෙබළුන් විසින් දිවි බේරා ගනු ලැබුවේ තිස්පස් හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයෙකුගේයි. ඔහු සිය බිරිඳ සමග මෙරටට පැමිණ ඇත්තේ පෙබරවාරි 14 වැනිදායි. අද උදෑසන හෝර්ට්න් තැන්න ලෝකාන්තය අසල ඡායාරූප ගනිමින් සිටියදී එම නෙදර්ලන්ත ජාතිකයා පය ලිස්සා ප්‍රපාතයට ඇද වැටී තිබෙනවා. කෙටි දුරටත් පහළට ඇදවැටෙන විට ඔහු ගසක අත්ත එල්ලී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පැය 3ක පමණ කාලයක් ඔහු එම ගසේ එල්ලී සිට ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම නෙදර්ලන්ත ජාතිකයා එල්ලී සිටි ස්ථානයට කඹයක ආධාරයෙන් බැස ඔහු නිරුපද්‍රිතව ලෝකාන්තය දක්වා නැවත ගෙන එනු ලැබුවේ නුවරඑළිය 3 වැනි සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් සුදේස් ලලින්දයි. එම රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලූතිනන් කර්නල් අමිත පෙරේරා මහතාගේ අණදීම යටතේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා.  

දිවි බේරා ගත් නෙදර්ලන්ත ජාතිකයා සුළු සීරිම් තුවාල සහිතව සිටි බැවින් නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඔහු අද පස්වරුවේ එම රෝහලේ පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ලෝකාන්තයේ සිට එක එල්ලේ පහළ බෑවුමේ දිග අඩි 2854ක් පමණ වනවා. මෙම සිදුවීම ලෝකාන්තයෙන් පහළට ඇදවැටුණු පුද්ගලයෙකු දිවි බේරා ගත් විරල අවස්ථාවක් වන බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.  

‘‘ලෝකාන්තය’’ ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි අපූරු ස්වාභාවික නිර්මාණයකි. දේශීය හා විදේශීය  සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති ‘‘ලෝකාන්තය’’ පිහිටා ඇත්තේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඉහළ කදුකරයේ පිහිටි හෝර්ටන් තැන්නේය.මුහුදු මට්ටමින්  අඩි 6900ත් 7500ත් (මීටර් 2100-2300) අතර උසකින් පිහිටි හෝටන්තැන්න හෙක්ටයාර් 3160 කින් සමන්විතය. 

හෝටන්තැන්නේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000කි. ඉතා ශීතල දේශගුණයක් පවතින මෙහි ඇතැම් කාලවල රාත‍්‍රියට සෙල්සියස් අංශක පහක් දක්වා උෂ්ණත්වය අඩුවෙයි.හොදින් හිරු එළිය නොමැතිවූ විට මීදුම ගලාවිත් ප‍්‍රදේශයම වැසීයයි. ඒනිසා වෙනත් ප‍්‍රදේශයක මෙන් දිවාකාලයේ පැය හයක් හතක් හැර ඉතිරි කාලය මීදුම නිසා සාමාන්‍ය වැඩවලට බාධා එල්ලවේ.

එකවරම අඩි 2854ක් හෙවත් මීටර් 870ක මහා ප‍්‍රපාතයට ලෝකාන්තය නමින් හදුන්වනවා. එතැන් සිට තව කෙටිදුරක් බේකර්ස් ඇල්ල දෙසට ගියවිට අඩි 886ක හෙවත් මීටර් 270ක එවැනි කුඩා ප‍්‍රපාතයක් හමුවෙයි. එය පුංචි ලෝකාන්තයයි.

ලෝකාන්තයෙන් පහළ බැලූවිට කුඩා පෙට්ටි ප‍්‍රමාණයට ගොඩනැගිලි කිහිපයක් දක්කනට ඇත. එසේ දක්නට ඇත්තේ නන්පේරියල් වත්තේ ‘‘අපර් ඩිවිෂන්’’ හෙවත් ‘‘උඩ කොටසයි’’. රත්නපුර දිස්ත‍්‍රික්කයේ බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට එම ප‍්‍රදේශය අයත් වෙනවා. ලෝකාන්තයෙන් පහළට වැටුනොත් හමුවන්නේ බළන්ගොඩින් යැයි විශ්වාසයක් ජනතාව අතර ඇත.

ලෝකාන්තයෙන් පහළට කෙනෙකු  සෙවීම සදහා යන්නේ මේ නන්පේරියල් වත්තේ උඩකොටස හරහාය. උඩ කොටස තෙක් වාහනයක් යාහැක. නමුත් එම මාර්ගයේද ගමන ඉතාමත් දුෂ්කරයි. තද බැවුම් මෙන්ම මහ කදුවලින් යුතු පටු මගකි. උඩකොටස වතු නිවාස අසලට පමණක් පයින් යාහැකි අතර එතැන් සිට උඩ බැලූවිට ඉහළින් පෙනෙන්නේ ලෝකාන්තයයි.


එම නිසා ලෝකාන්තයෙන් පහළට වැටුණ කෙනෙක් නන්පේරියල් වත්තේ උඩකොටසින් හොයාගෙන තවත් කිලෝමීටර් තිස්පහක් පමණ දුරක් පහළ පිහිටි බළන්ගොඩ මූලික රෝහලට රැගෙන යායුතුයි.


www.nethfm.com 06
www.nethfm.com 04
www.nethfm.com 07www.nethfm.com 10 www.nethfm.com 02 www.nethfm.com 03  www.nethfm.com 05   www.nethfm.com 08 www.nethfm.com 09
www.nethfm.com 01


www.nethfm.com 01
www.nethfm.com 02
loke1


No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...