මහින්දගේ මුද්දක් නිසා මට වෙච්ච කරුමයක්' - ග්‍රාමසේවකවරයෙක් අඳෝනා නගයි!

mahinda guti‘මං එදා පොලේ ගියේ ගෙදරට මාළු ගේන්ඩ. මහින්ද රාජපක්ෂ මහත්තය එනව කිව්ව නිසා රැස්සීම තිබිච්ච තැනට පොඩ්ඩක් ගොඩවුනා. මහින්ද මහත්තය එන වෙලාවෙ කවුදෝ එකෙක් මගේ කරට උඩින් අතදාලා මහින්ද මහත්තයගෙ දකුණු අතේ තිබිච්ච මුද්ද ඇද්දා. මහින්ද මහත්තයා හිතුවෙ මුද්ද ගලෝගන්ඩ හදනව කියල. මහින්දට තදවෙච්ච පාර වමතින් හෙන කදයා වගේ කෙලල ඇරියා. හොඳ වෙලාවට ආරක්ෂක අංශයේ කට්ටිය මහින්ද මහත්තයව පස්සට ඇද්දා. නැත්තන් මම තාම ඉස්පිරිතාලෙ. තව ඩිංගෙදි මට ඉස්පිරිතාලෙ ලගින්න වෙන්නෙ මහින්ද මහත්තයගෙ වමතෙ බැඳලා තිබිච්ච ඔරලෝසුව මූනෙ වැදිලා. මට කවුදෝ කියනව ඇහුණා ඒ අත් ඔරලෝසුව රුපියල් ලක්ෂ සීයක් වටින පිටරට ඔරලෝසුවක් කියල. මාර බේරිල්ලක් මං බේරුනේ' යනුවෙන් මහින්දගේ අකුරැස්සේ සිද්දියට මැදිවූ වෙලදගොඩ ග්‍රාමසේවක මහතා සඳහන් කර සිටී. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ලංකාවේ සතිපතා පලවන පුවත්පතකටය.
‘මිනිස්සු සේරමගෙ හිතේ මහින්දගේ මුද්ද ගලවගන්ඩ හැදුවෙ මං කියල.  සිද්දිය වෙච්ච දවසෙ ඉදල මට පාරක තොටක යන්න බෑ. ශ්‍රී ලංකා කාරයො එනව මට ගහන්ඩ. මම මුදු හොරකන් කරන්ඩ ගියා කියල. ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් මට විරුද්ධව විනය පරීක්ෂණයක් තියන්නත් නියෝග කරල. මාව මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් මාරු කරල. මට විරුද්ධව කටයුතු කරන්නැයි කියල ස්වදේශ කටයුතු ලේකම් බොරලැස්ස මහත්තය උපදෙස් දීලා තියෙන්නෙ මම රාජකාරී වෙලාවෙ දේශපාලන රැලිවලට සහභාගි වුනා කියල. මදැයි මාළු ගේන්ඩ ගිහින් මං කර ගත්තු මඟුලක්' යනුවෙන් වෙලදගොඩ ග්‍රාමසේවක මහතා තමන්ට අනපේක්ෂිතව සිදුවූ සිද්ධිය විස්තර කොට තිබේ.
මහින්දගේ මුද්ද ගැලවීමට උත්සාහ කළ පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ ‘මහින්ද මහත්තයා බීල වගේ හිටිය නිසා මම මුද්ද ගලව ගන්ඩ හැදුවෙ පරිස්සමට.  නැත්තන් ගම්පොලදි වගේ ඒකත් නැතිකර ගනීවි කියලයි මම හිතුවෙ. අනික ඉතින් ඕව මහජන දේපලනෙ. අපිටත් ඒවායෙ අයිතියක් තියෙනවනෙ. මං බලන් ඉන්නෙ මාව උසාවි දානකම් මේව සේරම උසාවියට කියන්ඩ' කියාය.

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි