සයිබර් ප්‍රහාරයකින් අලිබාබාට බරපතළ හානි alibaba.

සයිබර් ප්‍රහාරයකින් අලිබාබාට බරපතළ හානි
ලොව විශාලතම ඉ-වාණිජ ජාලයක් වන අලිබාබා හෝල්ඩිංග්ස් වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව චීන රාජ්‍ය මාධ්‍ය ඊයේ දිනයේ දී අනාවරණය කර සිටියේය. මෙහිදී අලිබාබා පරිශීලකයින් (Users) මිලියන 20 කට වැඩි ප්‍රමාණයක ගේ තොරතුරු හැකරුන් අතට පත්ව ඇති බව වාර්තා වේ.
සිය වළා පරිගණක සේවා පද්ධතිය (Cloud Computing Service) මෙලෙසින් හැකර්වරුන්ගේ ග්‍රහණයට නතුව තිබේ. මෙම තත්ත්වය හමුවේ එක්සත් ජනපද නිව්යෝක් ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත කර තිබෙන අලිබාබා කොටස් මිල, බදාදා දිනයේ දී 3.7% කින් පහත වැටී ඇත.
මේ වන විට සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කටයුතු පැවැත්වෙන අතර අලිබාබා ප්‍රකාශකයෙකු මේ සම්බන්ධයෙන් කියා සිටියේ සිය පරිශීලකයින් වෙත ඔවුන්ගේ මුරපද (Password) වෙනස් කරගන්නා ලෙස දැනුම් දෙන බවයි.
චීන විද්‍යුත් වාණිජ (e-commerce) සමාගමක් වන අලිබාබා හරහා 2012 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 170 ක ගනුදෙනු වී ඇතැයි දත්ත වාර්තා සඳහන් කර සිටී. 2015 නොවැම්බර් 11 දිනයේ දී පමණක් ඩොලර් බිලියන 14.32 ක ගනුදෙනු අලිබාබා වාර්තා කර තිබේ.
අලිබාබා හි සේවාවන් අතරට E-commerce, Online auction hosting, Online money transfers හා mobile commerce ආදිය ඇතුළත් වේ.

No comments:

post

The Great Retreat: Decoding Lukoil’s $22 Billion Global Divestment.

The global energy landscape shifted on its axis in late January 2026. PJSC Lukoil, Russia’s second-largest oil producer and a long-standing ...

Popular Posts ජනප්‍රිය ලිපි