ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් ගුවන් තොටේ රඳවා ගනී.. එක් ඇමතුමෙන් ඇය නිදහස්..

ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් ගුවන් තොටේ රඳවා ගනී.. එක් ඇමතුමෙන් ඇය නිදහස්..සුපිරි බොලිවුඞ් නිලි ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් කටුනායක ගුවන් තොටුපලේදී විදේශ ගමන් බලපත‍්‍රය අවලංගු වී තිබිදයදී පසුගියදා ගුවන් තොටුපල බලධාරීන් විසින් රඳවා ගෙන තිබේ.
පරිඝණක පද්ධතියෙන්ද ඇගේ ගමන් බලපත‍්‍ර තොරතුරු නෙපෙන්වන බව බලධාරීන් පවසද්දී වහා ක‍්‍රියාත්මක වූ නිලි රැජින තම ජංගම දුරකතනයෙන් මෙරට ඉහල ප්‍රභූවරයකුට ගෙන ඇත්තේ එක් දුරකතන ඇමතුමකි. එසැනින් එම ස්ථානයේ කාර්ය භාර නිලධරයාට පණිවිඩයක් ලැබුණේ වහාම ඇයට ගුවන්තොටින් පිටවීමට ඉඩ දෙන ලෙසයි.
ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස්ට මෙම අකරතැබ්බය සිදු වූයේ නිදහස් චතුරස‍්‍ර භූමියේ ඉදි කරන ලද ‘ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඞ්’ හි ඇය විසින් ආරම්භ කරන ලද ‘කෑම සූත‍්‍ර’ අවන් හලේ විවෘත කිරීමේ උත්සවයට පැමිණි අවස්ථාවේය.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි