Aero Mobil පියාඹන කාරයක් 2017 දී ඔබට

Aero Mobil පියාඹන කාරයක් 2017 දී ඔබට

      Views - 591
"අධිවේගී මාර්ගයේදී මාගේ රිය පසුකරමින් වේගයෙන් පැමිණි හුරුබුහුටි මෝටර් රථය එක්වරම අහසට නැගෙන අයුරු දුටු මම නොදැනුවත්වම තිරිංගයට පය තැබුවෙමි. ඇසි පිය හෙළූ විරාමයෙන් ඒ හුරුබුහුටි මෝටර් රථයට පියාපත්ද විත් හුරුබුහුටි ගුවන් යානයක්ව පියාසර කරනු දුටු මගේ දෑස් මටම අදහාගත නොහැකි විය." 

විද්‍යා ප්‍රබන්ධකයෙකුට, නවකතා කරුවෙකු තම නිර්මාණයක එවැනි සිදුවීමක් තම නිර්මාණයක් තුළ අන්තර්ගත කරවන්නට නොහැකි කමක් නැත. එහෙත් එවැන්නක් මාධ්‍යවේදියෙකුට වාර්තා කරන්නට වීනම් එය අදහාගත නොහැකි කරුණක් වනු ඇත. එහෙත් ඇරෝ මොබයිල් රථය (යානය) ඒ ප්‍රාතිහාර්යය පාන අයුරු මාධ්‍යවේදීන්ටද ළඟදීම දැකගත හැකිය. 

මෙහි සම නිර්මාතෘ ජුරාජ් වැකියුලික් පවසන්නේ 2017 වසර වනවිට ඇරෝ මොබයිල් වෙළඳපොලට නිකුත් කිරීමට බලපොරොත්තු වන බවය. මන්ද මේ වනවිටත් එවන් නව නිර්මාණයක් අත්හදා බලමින් ඇති නිසාය. ඇරෝ මොබයිල් නමින් හඳුන්වන මෙය පෙට්‍රල් ටැංකියකින් සැතපුම් 430ක් පියාසර කළ හැකි බව පර්යේෂකයින් පවසනවා. අවශ්‍ය විටක මෝටර් රථයක් ලෙස භාවිත කිරීමට ඇති හැකියාවත්, පියාසර කිරීමට ඇති හැකියාවත් සේම, පියාපත් හැකිලිය හැකි බැවින් මෝටර් රථයක් ගාල් කළ හැකි ඉඩක ගාල් කිරීමට ඇති පහසුවත් මෙහි ඇති සුවිශේෂීතාවන්වේ.

මේ සඳහා ඇරෝ මොබයිල් යන නම ලබා දී ඇත්තේ Aero Plane සහ Auto Mobil යන නම් දෙකෙහි සංකලනයක් ලෙසිනි.


Aero Mobil www.nethfm.com 01 Aero Mobil www.nethfm.com 02 Aero Mobil www.nethfm.com 03 Aero Mobil www.nethfm.com 04 Aero Mobil www.nethfm.com 05 Aero Mobil www.nethfm.com 06 Aero Mobil www.nethfm.com 07

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි