සුනන්ද අනතුරකින් රෝහල්ගත කෙරේ


sunanda-deshapriya-1දැනට ස්විට්සර්ලන්තයේ ජීවත් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා ඊයේ (13) නිවසේදී සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත. පය ලිස්සා යාමෙන් ඇදවැටීම නිසා මෙම අනතුර සිදු වූ බව සුනන්ද දේශප්‍රිය මහතා ලංකා නිවුස් වෙබ් වෙත පැවසීය.

ඒ මහතාගේ කොඳු ඇටපෙළට පහළින් ප්‍රදේශය මෙම ඇදවැටීම නිසා හානි වී ඇති අතර ඒ මහතාට 1995 වසරේදී ශ්‍රී ලංකාවේ බෙන්තර ප්‍රදේශයේ ජාතිවාදීන් පිරිසක් කළ පහරදීමෙන් කොඳු ඇටපෙළ ආශ්‍රිතව ඇතිව තිබූ රෝගී තත්ත්වය මෙම ඇදවැටීමෙන් උත්සන්න වී තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් සුනන්ද මෙම මස 27 වන දින සය වසක විප්‍රවාසය හැර දා නැවත ලංකාවට යාමට නියමිතව තිබුණ ද සම්පූර්ණ සුවය ලබන තෙක් ඇවිදීමෙන් වලකින ලෙස වෛද්‍යවරු දන්වා ඇති බැවින් නැවත මව්බිමට යාම දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවන බව සුනන්ද දේශප්‍රිය මහතා ලංකා නිවුස් වෙබ් වෙත සඳහන් කර සිටියේය.
sunanda-deshapriya-3
sunanda-deshapriya-2

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි