FaceBook තහනම් කර ගැසට් නිවේදනයක්… ?

FaceBook තහනම් කර ගැසට් නිවේදනයක්… ?ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ශ‍්‍රී ලංකාව තුල තහනම් කල බවට විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කල බව දක්වමින් ව්‍යාජ ගැසට් පත‍්‍රයක් සකසා අන්තර්ජාලයෙහි මුදා හැර තිබෙන පුද්ගලයෙකු සම්බන්ධව එම කොමිෂන් සභාව සහ රජයේ මුද්‍රණාලය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
එම ආයතන මේ සම්බන්ධව පොලීසියට පැමිණිලි කිරීමට නියමිත අතර ඉන් පසු මෙම ව්‍යාජ පති‍්‍රකාව සැකසූ තැනැත්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
මෙම කූට පති‍්‍රකාව රජයේ මුද්‍රණාලයෙන් ඉකුත් 21 වෙනි සිකුරාදා නිකුත් කරන ලද ගැසට් පත‍්‍රයෙන් සකස් කර ෆේස්බුක් හරහා මුදාහැර ඇත.
විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා විසින් සිදුකරන ලද නියමයක් බවටද ඊට අදාළ නිවේදනයේ දක්වා තිබිණි.
ජනතාව මුළා කිරීමට මෙවැනි වංචනික කි‍්‍රයාවක් සිදු කිරීම හා ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනා මත ඒ පති‍්‍රකාව සෑදු පුද්ගලයන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව පොලීසියට පවතින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප‍්‍රකාශ කරයි.

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි