කොට්ටාවේ අධිවේගී හුවමාරුව අසල නව නගරයක්




 

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අක්කර විසි පහක භූමියක සියළු පහසුකම් වලින් සපිරි නවීන නගරයක් කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වනවා. දැනටමත් අධිවේගී මාර්ග නගරයට විදේශ සේවා නියුක්ති කාර්යංශය රැගෙන යාමට කටයුතු කොට අවසන් බවයි සදහන් වන්නේ. එමෙන්ම අධිවේගී පිවිසුමේ ඉදිකිරීමට සූදානම් වන සුපිරි නගරයේ කාර්යාල පහසුකම් ස්ථාපිත කිරීමට තට්ටු දහයකට වඩා වැඩි ගොඩනැගිලි ඉදිකරන පුද්ගලික හා රජයේ ආයතන සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බවත් වාර්තා වනවා. 
නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ- සැලසුම්, ප්‍රියානි නවරත්න මහත්මිය මෙම සැලසුම් පිළිබදව සදහන් කරන්නේ මෙසේය.

“මෙම කොටසේ තට්ටු දහයකට වැඩි ගොඩනැගිලි ඉදිකර කාර්යාල පහසුකම් ස්ථාපිත කිරීමට රජයේ හා පුද්ගලික ආයතන අපි තෝරා ගන්නවා. මේ සඳහා අයදුම් කරන්නැයි ඉදිරියේදී පුවත් පත් දැන්වීම් පළකිරීමටයි සූදානම් වෙන්නේ. මෙහිදී, තෝරා ගන්නා ආයතන වලට දිගු කාලීන බදු පදනම මත නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම ලබාදෙනවා. ඔවුන්ට කාර්යාල පහසුකම් ගොඩනගා බද්දට වුනත් දෙන්න පුළුවන් "

මෙම ඉඩම පිහිටා තිබෙන්නේ දැනට පීසා අවන්හල අසල තිබෙන වෙල්යාය සම්බන්ධ වන ලෙසයි. නව සැළසුමට අනුව මෙම නව නගරයේ අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථ සඳහා බස් නැවතුම් පොළක් සහ සුපිරි වෙළඳ සංකීර්ණ, නිවාස සංකීර්ණ ඉදි කෙරෙන අතර රාජ්‍ය ආයතන කිහිපයක්ම මෙම ස්ථානයට ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා. ප්‍රියානි නවරත්න මහත්මිය පැවසුවේ මෙම ස්ථානය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරමින් දුම්රිය මාර්ගයද මෙම ස්ථානය දක්වා දීර්ඝ කිරීම මෙම සැලසුම් වලට අයත් බවයි.

No comments:

post

The Great Retreat: Decoding Lukoil’s $22 Billion Global Divestment.

The global energy landscape shifted on its axis in late January 2026. PJSC Lukoil, Russia’s second-largest oil producer and a long-standing ...

Popular Posts ජනප්‍රිය ලිපි