ලංකාවට Pay-pal

ලංකාවට Pay-palPay-pal සේවාව සමග ගනුදෙනු කටයුතු කිරීමේ මෙරට පාර්ශවකාර බැංකුව වීමට දේශීය බැංකුවක් අරඹා තිබෙන සාකච්ඡා ඉදිරියට ගමන් කරමින් තිබෙන බවත් මේ වසර අවසාන වීමට පෙර එම සේවාව ලංකාවට හඳුන්වාදිය හැකියැයි තමා විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සිට පේපෑල් මුදල් හුවමාරු සේවාව තුළින් වෙනත් රටවලට මුදල් යැවිය හැකිkabral නමුත් ලංකාවේ නීති වලට අනුව වෙනත් රටවල සිට ලංකාවට පේපෑල් හරහා මුදල් එවිය නොහැකිය.
කෙසේවෙතත්, මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කර තිබෙන්නේ පේපෑල් ඔස්සේ ලංකාව තුළටත් මුදල් ගෙන්වා ගැනීම සඳහා අවස්ථාව ලබාදීමටයි.
ලෝකයේ ඉතාමත් ජනප්‍රිය මුදල් හුවමාරු සේවාවක් වන පේපෑල් මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙන අතර එම කර්මාන්ත වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත.
උදාහරණයක් ලෙස ඇමරිකාව, වියට්නාමය වැනි රටවල පිරිස් මෙම සේවාව භාවිතා කරමින් ebay.com වැනි වෙබ් අඩවි හරහා භාණ්ඩ විකිණීම මෙන්ම අන්තර් ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීමේ විවිධ වූ ව්‍යාපාරික කටයුතු සිදුකරයි.
- adaderana.lk/bi

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි