උත්සව සමයේ රටම ලොක්ඩවුන් කරනවද ?

උත්සව සමයේ රටම ලොක්ඩවුන් කරනවද ?  
එළඹෙන උත්සව සමයේදී රටපුරා හුදෙකලා කිරීමක් හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමක් සිදුකිරීමට මේ වන විට තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් උත්සව සමය ඉලක්ක කර ගනිමින් එවැනි තීරණයක් ගැනීමට නියමිත ද යන්න සම්බන්ධයෙන් පාර්ශව රැසක් විමසීම් සිදුකර ඇති බවයි හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ. ” දැනට පවතින තත්ත්වය මත එවැනි හුදෙකලා කිරීමක් සිදුකිරීමට අවශ්‍යතාවයක් පෙනී යන්නේ නැහැ. නමුත් නව කොවිඩ් පොකුරක් ඇතිවුවහොත්, එසේත් නොමැතිනම් කොළඹ හෝ කිසියම් ප්‍රදේශයක කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කළහොත් අපිට ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න සිදුවෙනවා. දෙසැම්බර් 22 වෙනිදා වන විට රටේ පවතින තත්ත්වය ගැන අප සමාලෝචනය කොට ඒ ගැන තීරණය කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අද වන විට පවතින තත්ත්වය මත එවැනි හුදෙකලා කිරීමක්, සංචරණ සිමා පැනවීමක් හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් පෙන්නුම් කරන්නේ නැහැ” යැයි හමුදාපතිවරයා සඳහන් කළා.

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...