LPL තරගාවලියට සංගීතය සැපයු පුංචි සංගීතවේදියා

LPL තරගාවලියට සංගීතය සැපයු පුංචි සංගීතවේදියා NewsWire LPL  කියන්නේ මේ දවස් වල ලංකාවේ වගේම ලෝකේ පුරාවට මිලියන ගණනක ක්‍රීඩා ලෝලීන්ගේ අවදානය දිනාගත් ක්‍රිකට් සැණකෙළියක්. දෙස් විදෙස් ක්‍රීඩකයින් රැසක් සමග මේ වන විටත් තරඟාවලිය හම්බන්තොටදී පැවැත්වෙනවා. ලොව ප්‍රසිද්ද IPL, බිග්බෑෂ්,CPL  වැනි තරඟ  අතරට ශ්‍රීලංකාවේ LPL  තරඟාවලියත් මේ වන විට එක්වී අවසන්. IPL වැනි තරඟ වල 6 පහරක් හෝ 4 පහරක් ගැසූ විට පසුබිමින් වාදනය වන හඬ පිළිබඳව ඔබට අමුතුවෙන් මතක් කර දියයුතු නැහැ. මේ ආකාරයට LPL  නරඹන ඔබටත් 6 පහරක් 4 පහරක් හෝ කඩුල්ලක් දැවී ගියවිට අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ පපරේ සංගීතයට සමාන ඉතා මිහිරි සංගීත කණ්ඩයක් ඇසෙනවා ඇති. ඒ සංගීත කාණ්ඩය නිර්මාණය කරලා තියෙන්නේ ලංකාවේ ඉන්න ඉතා ලාබාලම සංගීත අධ්‍යක්ෂකවරයෙක් වුණු අයෝද්‍යා කරුණාරත්න. තවමත් අවුරුදු 15 වෙන අයෝද්‍යා එක රැයකින් මේ සංගීත කාණ්ඩ නිර්මාණය කිරීම විශේෂත්වයක්. LPL තරඟාවලියේ ප්‍රවර්ධන කටයුතු සිදු කරන පිරිස අයෝද්‍යාට මේ වැඩේ භාරදීලා තියෙන්නේ LPL  සමාරම්භක උළෙලට පැය කිහිපයකට කලින්. අයෝද්‍යා 2021 වසරේදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සුදානමින් සිටින දරුවෙක්. එවන් කුඩා වියකදී ලොව පුරා මිලියන ගණනකට ඇසෙන්නට තරම් සංගීතයක්, වින්දනයක් ලබා දෙන්නට අයෝද්‍යාට හැකිවීම සුවිශේෂී වනවා

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...