ශ්‍රී ලංකාවට ළඟාවන "බුරවී" සුළි කුණාටුව: බේරීමට කුමක් කළ යුතුද?

ශ්‍රී ලංකාවට ළඟාවන "බුරවී" සුළි කුණාටුව: බේරීමට කුමක් කළ යුතුද? බීබීසී සිංහල
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "බුරවී" සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව් වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළෙන් බදාදා රාත්‍රී කාලයේ (ප ව 07.00-10.00 අතර දී) දිවයිනට ඇතුළු වේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් පවසයි. සුළි කුණාටුව සමග සුළගේ වේගය පැ කි මී 80-90 පමණ වන අතර විටින් විට පැ කි මී 100 දක්වා වැඩි විය හැකි බවත් මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 03 ) උදෑසන වනවිට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. සුළි කුණාටුව නැගෙනහිර වෙරළට ආසන්න වන අවස්ථාවේදී මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටර් එකක් පමණ ඉහළ යා හැකි බවට ද විශ්වාස කෙරේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමිටර් 80 ත් 100 ත් දක්වා ඉහළ යා හැකි බවයි. උතුරු, උතුරුමැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වලට කාලගුණයෙන් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම ප්‍රදේශවල පැයට කිලෝමිටර් 80 ත් 100 ත් දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවයි. උතුර, උතුරු මැද, නැගෙනහිර හා වයඹ පළාත්වල බොහෝ ස්ථානවලට නිරන්තරයෙන් වැසි ලැබෙන අතර ඇතැම් ස්ථානවලට මිලිමිටර් 200 ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. දිවයිනේ සෙසු පළාත්වලටද මිලිමිටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් විටින් විට පැ කි මි 40ත් -50ත් පමණ දක්වා වන තද සුළං ඇති විය හැකි බවට එහි වැඩිදුරටත් දැක්වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධිවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ පැවසුවේ මේ වන විට ආපදාවට ලක්වන පිරිස් අවතැන් වුවහොත් කොව්ඩ් වසංගත තත්වය හා ඩෙංගු උවදුර හමුවේ ආරක්ෂාකාරීව තබාගැනීමට සියලුම පියවර මේ වන විටත් ගෙන ඇති බවත් ධීවරයන්ගේ ධීවර යාත්‍රා මුහුදේ සිට මීටර 100 ක්වත් දුරකට ගෙනයාමට කටයුතු කර ඇති බවයි. මේ අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව අද පස්වරුවේ එම ප්‍රදේශවලින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන බවට දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මාධ්‍ය වෙත පැවසීය. සුළි කුණාටු අවදානමට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කනපති පිල්ලේ කරුණාහරන් ද පැවසීය. ඔහු සඳහන් කළේ, මඩකලපුවේ ධීවරයින් අද මුහුදු නොගිය අතර ධීවර යාත්‍රා නැංගුරම් ලා ඇති ප්‍රදේශවලින් අඩි 50ක පමණ දුරක් ගොඩබිමට දෙසට රැගෙන ඒමට කටයුතු කළ බවත් මඩකලපුව දිස්ත්‍රික්කයේ අවදානම් ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් තීරණයක් කිරීම සඳහා ප්‍රාදේශිය ලේකම්වරුන් සමග සාකච්ජා පැවැත්වූ බවයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනට බලපවත්වනු ඇතැයි අනතුරු අඟවා ඇති සුළි කුණාටුවෙන් ඇතිවිය හැකි හානි අවම කර ගැනීමට කඩිනම් පියවර ගන්නා මෙන් රජය අදාළ පාර්ශව වෙත දැනුම් දී තිබෙන බවයි. ඒ අනුව, මුහුදු වෙරළේ සහ තොටුපළවල් ආශ්‍රිතව නවතා ඇති කුඩා යාත්‍රා, ගොඩට ඇඳගත හැකි උපරිම ප්‍රමාණයට රැගෙන ස්ථීර ලෙස ගැට ගසා තබන ලෙසට සියලු වෙරළාසන්න යාත්‍රාහිමියන්ට කඩිනමින් දැනුවත් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් හා සියලු කොට්ඨාස භාර ධීවර නිලධාරීන් වෙත දන්වා තිබෙන බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම, උතුරු සහ නැගෙනහිර පළාතේ සියලු දිස්ත්‍රික්කවල සහකාර අධ්‍යක්ෂකවරුන් විසින් හෙට (දෙසැම්බර් 03) දින උදය කාලයේ දී සියලු කොට්ඨාස භාර නිලධාරීන් සහ ධීවර ප්‍රජාව සම්බන්ධීකරණය කරමින් තම දිස්ත්‍රික්කය තුළ වෙරළාසන්න යාත්‍රා ගොඩබිම දෙසට ඇද තබා ස්ථීරව තැබීමේ වැඩසටහනක් සංවිධානය කළ යුතු බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දුන් බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය. මෙම අවස්ථාවේ දී ස්වභාවික ආපදාවක් හේතුවෙන් ඉතා හානිදායක ලෙස විශාල යාත්‍රා ප්‍රමාණයක් විනාශ වීම වළක්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බැවින් මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමුකර ධීවර යාත්‍රාවන්හි ආරක්ෂාවට වහාම කටයුතු යොදන මෙන් සියලු පාර්ශවයන් වෙත රජය දැනුම් දුන් බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ සුළි කුණාටුව නිසා උදම් රල ඇතිවිය හැකි බැවින් වෙරළ කලාප වලින් ඉවත්වී සිටින ලෙස සහ නිවාස සහ කොන්ක්‍රීට් ගොඩනැගිලි තුළට වී සිටින ලෙසය. සිදුවිය හැකි හානි තාවකාලික නිවාස සහා ඉදිකිරීම් වලට හානි වීම. වහලවල ඇති තහඩු උළු ආදිය ගැලවී යාම. විදුලි සහ දුරකථන රැහැන් වලට හානි සිද්‍ය්විය හැක ගස්වල අතු කැඩිම සහ මාර්ග අසල ති විශාල ගස්ගැලවී යා හැක. වී වගා බිම් වලට,කෙසෙල්, පැපොල් වැනි පෙතුරු වගාවතු වලටද හානි සිදුවිය හැක. වරාය ආශ්‍රිත නවතා/රදවා ඇති යාත්‍රා අංගනවලට හානි විය හැක. ක්ෂණික ගංවතුර තත්ත්වයතු ඇතිවිය හැක වෙරළාසන්න පහත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවිය හැක. ගොඩබිම් ප්‍රදේශ සඳහා: වෙරළාසන්න තාවකාලික පදිංචිකරුවන් ආරක්‍ෂිත ස්ථාන වලට ගමන් කරීම. බලපෑම ඇති ප්‍රදේශවල අනෙකුත් පදිංචිකරුවන් නිවාස තුලට වී සිටීම. කඩා වැටෙන ගස්වලින් සහ විදුලි රැහැන් වලින් ආරක්ෂාවීම. ගිගුරුම් සහිත වැසි පවත්නා අවස්ථාවල රැහැන් දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් වැළකීම. ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ විමසිලිමත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ගේ සහය පතන්න. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුට් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටි . සුළි කුණාටුවට පෙර: කටකතා නොසලකා හරින්න, සන්සුන්ව ඉන්න, කලබල නොවන්න. සම්බන්ධතාව සහතික කිරීම සඳහා ඔබේ ජංගම දුරකථන ආරෝපණය කර තබා ගන්න, කෙටි පණිවුඩ භාවිත කරන්න. ගුවන් විදුලියට සවන් දෙන්න, රූපවාහිනිය නරඹන්න, කාලගුණ යාවත්කාලීන කිරීම් සඳහා පුවත්පත් කියවන්න. ඔබේ ලේඛන සහ වටිනා දෑ ජල ආරක්ෂිත බහාලුම්වල තබා ගන්න. ආරක්ෂාව සහ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත හදිසි කට්ටලයක් සූදානම් කරගන්න. ඔබේ නිවස සුරක්ෂිත කරන්න; අලුත්වැඩියා කටයුතු කරන්න, තියුණු වස්තූන් ලිහිල්ව නොතබන්න. ගවයින්ගේ/ සතුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔවුන් ලිහා තබන්න. ධීවරයින් අමතර බැටරි සහිත ගුවන් විදුලි කට්ටලයක් තබා ගත යුතුය. බෝට්ටු / ඔරු ආරක්ෂිත ස්ථානයක බැඳ තබන්න. මුහුදු නොයන්න සුළි කුණාටුව අතරතුර සහ පසුව ගෘහස්ථව විදුලි ප්‍රධාන ක්‍රියා විරහිත කර තබන්න, ගෑස් සැපයුම විසන්ධි කරන්න. දොරවල් සහ ජනෙල් හොඳින් වසා තබන්න. ඔබේ නිවස අනාරක්ෂිත නම්, සුළි සුළඟක් ඇතිවීමට පෙර පිටත්ව යන්න. ගුවන් විදුලියට සවන් දෙන්න. උණු/ ක්ලෝරිනීකෘත ජලය පානය කරන්න. නිල අනතුරු ඇඟවීම මත පමණක් ග්‍රහණය කර ගන්න. එළිමහනේ නම් හානියට පත් ගොඩනැගිලි වලට ඇතුළු නොවන්න. කැඩුණු විදුලි කණු සහ වයර් සහ වෙනත් තියුණු වස්තූන් ගැන විමසිල්ලෙන් සිටින්න. හැකි ඉක්මනින් ආරක්ෂිත නවාතැනක් සොයන්න. බුද්ධිමත් වන්න, සූදානම්ව සිටින්න

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...