ලන්ඩනයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට විරෝධය පෑ කොටින්ට ලාංකිකයෝ පන්න පන්නා පහර දෙති (Video)

ලන්ඩනයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට විරෝධය පෑ කොටින්ට ලාංකිකයෝ පන්න පන්නා පහර දෙති (Video)ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පෙරේදා (17දා) එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූ එක්දින තරගයෙන් පසු ක්‍රීඩාංගණයෙන් පිටත ශ්‍රී ලංකාවට විරුද්ධව උද්ඝෝෂණයක නිරත වූ කොටි හිතවාදී දෙමළ තරුණ තරුණියන් පිරිසකට සිංහල ක්‍රිකට් ලෝලීන් විසින් පහරදීමක් සිදුකර තිබේ.
ශ්‍රී ලංකාවේදී දෙමළ ජනතාව සංහාරයකට ලක්වූ බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තරග වර්ජනය කරන්නැයි දෙමළ උද්ඝෝෂකයන් පිරිස විරෝධතා පවත්වා ඇති අතර ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව ලැබූ ජය සමරමින් ඕවල් පිටියෙන් පිටතට පැමිණි සිංහල ක්‍රීඩා ලෝලීන් විසින් එල්ටීටීඊ ධජ අතැතිව කහ පැහැති ටී ෂර්ට් ඇඳ සිටි එල්ටීටීඊ හිතවාදීන්ට මෙසේ පහර දී ඇත.
මේ විරෝධතාව පැවැත්වෙන විට ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ‍ෙදාරටුව අවට පොලිස් නිලධාරීන් රැසක් සේවයේ යෙදී සිට තිබේ. පොලිස් නිලධාරීන් ආරක්ෂක කටයුතුවල නිරත වුවත් උද්ඝෝෂණයේ නිරත වූවන් එල්ටීටීඊ ධජ රැගෙන ශ්‍රී ලංකාවට විරුද්ධ අත් පත්‍රිකා බෙදා දී ඇති අතර තරගය නරඹා පිටතට පැමිණෙමින් සිටි සිංහල පිරිස් මොවුන්ට බෝතල්, ගල්වලින් හා අතින් පයින් පහර දීම නිසා උද්ඝෝෂකයන් කීප දෙනකු තුවාල ලැබූ බව අන්තර්ජාතික දෙමළ මාධ්‍ය වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවට විරුද්ධ මේ උද්ඝෝෂණය සඳහා ළමයින් ඇතුළු දෙමළ ක්‍රියාකාරීන් 50-60 ක් පමණ සහභාගිී වී ඇත. පොලිසියේ අවසරය සහිතව මේ විරෝධතාව පැවැත්වෙද්දී තරගය නැරැඹීමට පැමිණි සිංහල තරුණ පිරිස් විරෝධතාකරුවන් මැදට කඩා වැදී ඔවුන් අත තිබූ විරෝධතා පුවරු පැහැර ගැනීමට උත්සාහ දරා තිබේ. දෙමළ විරෝධතාකරුවන් ඊළාම් දේශය දැක්වෙන ටී ෂර්ට් ඇඳ පසුගිය දින කීපය තිස්සේම මේ විරෝධතා ව්‍යාපාරයේ නිරත වී තිබූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ කලබලය හේතුවෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.
- Mawbima

18,727 Viewers

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි