චීන පොලිසිය හොරු අල්ලන්න කුලුනට ඇවිත්

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස අහස් කුස සිඹිමින් ඉහළට ඇදෙන නෙළුම් කුලුන සම්බන්ධයෙන් වැදගත් ලිපියක් පුවත්පතක පළවී තිබෙනවා.



එම ලිපියට අනුව නෙලුම් කුලුනේ අධි සුඛෝපභෝගී කාමර හයක් ඇති බවයි පැවසෙන්නේ.




එම ලිපිය පහතින් දැක්වෙනවා.




දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස අහස් කුස සිඹිමින් ඉහළට ඇදෙන නෙළුම් කුලුනේ මුල් සැලසුම්කරුවන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය නිමල් සිල්වා මහතායි.



ඔහුගේ මූලික සැලකිල්ලට අනුව එම කුලුනේ ඉදිකිරීම් කටයුතු කෙරෙන්නේ චීනයේ “චයිනා නැෂනල් ඉලෙක්ටේ‍රා්නික් ඉන්‍පෝර්ට් ඇන්ඩ් එක්ස්‍පෝර්ට් කෝපරේෂන්” සහ “ඒරෝ ස්පේස්” යන සමාගම් දෙක විසිනි. ඉදිරියේදී මෙම සමාගම් දෙක ඉවත්ව ගොස් අලුත් සමාගමක් සෙසු ඉදිකිරීම් සඳහා සම්බන්ධ වීමට ඇති ඉඩකඩ බොහෝය. 



මෙම කුලුන ඉදිකිරීමේදී ගණන් බලා ඇති ආකාරයට අනුව ඇස්තමේන්තු වියදම රුපියල් කෝටි 1147කි. උස මීටර් 150කි. එහෙත් දැන් ඒ මුල් සැලසුම තරමක් දුරට වෙනස් වී  මීටර් 165ක් උසකට මෙම කුලුන විහිදී යනු ඇත. ඉදිකිරීම් නිමවීමෙන් පසු ලෝක ප්‍රසිද්ධ ප්‍රංශයේ අයිෆල් කුලුනද අභිබවා යනු ඇත.



නෙළුම් ‍පොහොට්ටුවක හැඩැති මෙම කුලුන ඉදිකෙරෙන්නේ සහ ඊට චීන රජයේ දායකත්වය මෙන්ම මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීමට කටයුතු කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. ඒ සඳහා ඔහුට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි කියවෙන්නේ එවකට චීනයේ තානාපතිවරයාව සිටි කරුණාරත්න අමුණුගම මහතා විසිනි. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා 2008 වසරේදී චීනයේ සංචාරයක නිරතව සිටියදී චීනයේ “ෂැංහයි“ කුලුන නැරඹීමෙන් පසුවය.



ශ්‍රී ලාංකීය අනන්‍යතාව පිළිඹිඹූ වන ආකාරයට නෙළුම් ‍පොහොට්ටුවක් හැඩැති මෙම කුලුන මුලින්ම ඉදිකරන්නට සැලසුම්කර ඇත්තේ මුතුරාජවෙල ආශ්‍රිතවය. එහෙත් පසුව එහි ඉදිකිරීම් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ බේරේ වැවට ආසන්නයේ සිදුවන්නේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයද අරමුණු කර ගනිමිනි.
මීටර් 20ක් ‍පොළොවේ ගැඹුරට හාරා කළුගල දක්වා පාදම තනිකරම කොන්ක්‍රිට්වලින් පුරවන අතර එම පාදම හාරන විට පැරණි නෞකාවක නටබුන්ද හමුවී තිබිම විශේෂත්වයකි. 



මෙහි ඉදිකිරීම් මුළුමනින්ම පාහේ සිදුවන්නේ චීන කම්කරුවන්ගේ සහ ඉංජිනේරුවරුන්ගේ මැදිහත් වීමෙනි. ගිවිසුම් ප්‍රකාරව සියයට 30ක් සේවකයන් දේශීය වශයෙන් ලබා යුතු වූවත් එම ගිවිසුම් ප්‍රකාරව එකී කටයුත්ත සිදුවී ඇති බවක් නොපෙනේ. මේ වන විට දේශිය ශ්‍රමිකයන් එහි සේවයේ නිරතව සිටින්නේ අතළොස්සකි. මෙහි හොරකම් වංචාවන්වලද අඩුවක් නැති තරම්ය. ඒ හේතුව නිසාම චීනයේ සිට එරට ‍පොලීසියේ කණ්ඩායමක් මෙහි පැමිණි විමර්ශනයක්ද පවත්වා ඇති බව සඳහන්ය. අලුත් සමාගමකට මෙහි ඉදිරි ඉදිකිරීම් භාර කිරීමට නියමිතව ඇත්තේ එබැවිණි.





මෙම කුලුනට ඇතුළුවීමට දොරටු හතරකි. දොරටු දෙකක් වෙන්වන්නේ විශේෂ අමුත්තන් වෙනුවෙනි. ඒ වෙන කිසිවක් නිසා නොව. ඉහළම මහ‍ලේ ප්‍රභූවරු වෙනුවෙන් අධි සුඛෝපභෝගී කාමර හයක් ඉදිවෙන බැවිණි. එම කාමරවල නාන කාමර වැසිකිළි පවා දුරස්ථ පාලකවලින් ක්‍රියාත්මක වීමට සකස් කෙරෙන අතර එම කාමර හයම ජනපති වෙනුවෙන් වෙන්කරන්නකි. වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එය ජනපති වෙනුවෙන් වෙන්නොකරන ලෙස කර ඇති ඉල්ලීමට අනුව දැන් එය වෙන්වන්නේ ප්‍රභූවරුන් වෙනුවෙනි. එම ප්‍රභූවරුන්ද බොහෝවිට මෙරටට පැමිණෙන රාජ්‍ය නායකයන්ය. 



දකුණු ආසියාවේ උසම කුලුන වන මෙම කුලුනේ පහත මහ‍ලේ සිට ඉහළම මහලට ගමන් කිරීමට ඇති සෝපානය සවිකරනුයේ විනාඩියකටත් අඩු කෙටිකලකින් ගමන් කිරීමට හැකිවන ආකාරයටය. එසේම යම් ආපදාවකදී විනාධි 30ක් ඇතුළත මෙම ගොඩනැගිල්ලෙහි සිටින සෑම අයෙකුම පිටතට ගැනීමේ හැකියාවක් තිබිමද විශේෂිතය.




නෙළුම් කුලුනේ  පහත මහල වෙන්වන්නේ අවන් හලක් සහ විදුලි සංදේශ කෞතුකාගාරයක්, වෙළෙඳ ප්‍රදර්ශනාගාරයක් වෙනුවෙනි. පාදම පළමු මහල සහ දෙවැනි මහල මෙන්ම විවෘත මහල වශයෙනි. එහි පළමු මහල් දෙක සාප්පු සංකීර්ණ සඳහා වෙන්වනු ඇත. 




මීටර් 365 ක් උසැති නෙළුම් කුලුනේ ඇත්තේ මහල් 09කි. එම මහල් 09ම ඇත්තේ මීටර් 200ට වැඩි උසකිනි. පළමු සහ දෙවැනි මහල් වෙන්වන්නේ ගුවන් විදුලි, රූපවාහිනී සහ දුරකථන සම්ප්‍රේක්ෂණ  මධ්‍යස්ථාන වෙනුවෙනි. මෙරට සෑම ගුවන් විදුලි සහ රූපවාහිනී මධ්‍යස්ථානයකම සම්ප්‍රේෂණ සවි විය යුතු වන්නේ මෙහිය. 




තෙවැනි සහ සිව් වැනි මහල් වෙන්වන්නේ අමුත්තන් හා සියයකට පහසුකම් ඇති අවන්හලක් වෙනුවෙනි. පස්වැනි මහ‍ලේ ඇත්තේ කැරකැවෙන අවන් හලකි. අති සුඛෝපභෝගී කාමර හය ඇත්තේ හයවැනි මහ‍ලේය.  හත්වැනි මහල වෙන්ව ඇත්තේ නැරඹුම් මධ්‍යස්ථානයක් වශයෙනි. සෙසු මහල් දෙක වෙන්වන්නේ ගොඩනැගිල්ලෙහි ජලය ගබඩා කිරීමේ ටැංකි මෙන්ම විදුලිය, වායුසමීකරණ යන්ත්‍ර පහසුකම් වෙනුවෙනි. 




මෙහි මහල් නවයට පසුව ඇත්තේ ඇන්ටනාවකි. එය මීටර් 40ක් උසැතිය. එය නිර්මාණය කෙරෙන්නේ ජපානයේදීය. තවමත් එම ඇන්ටනාව සවිකර නැති අතර එය සවිකරනුයේ ශක්තිමත් සැහැල්ලු විශේෂිත කොන්ක්‍රීට් බදාමයකිනි. නුදුරු දිනයකදීම එම ඇන්ටනාව සවිකෙරෙනු ඇත. මීටර් 365ක් උසැති ගොඩනැගිල්ලෙහි එකවර පුද්ගලයන් 1500කට රැඳී සිටීමට හැකියාව පවතින අතර දරුණු ගින්නකදී වූවත් එහි රැඳී සිටින්නන් ආරක්ෂාවන ආකාරයේ ආරක්ෂක ක්‍රම මෙහි සකස් වෙනු ඇත. 




මෙහි නෙළුම් පෙති තවමත් සවිකර නැති අතර ඒවා මේවන විට කර්මාන්ත ශාලාවල සකස්කර අවසන්ය. නෙළුම්පෙති සවිකරනුයේ කොටස් වශයෙනි. කැරකෙන අවන්හල නැරඹුම් කොටස සුඛෝපභෝගී කාමර ඇත්තේ එම නෙළුම්පෙති නැතිනම් නෙළුම් ‍පොහොට්ටුව තුළය. 




මෙකී දැවැන්ත ඉදිකිරීමේ කටයුත්තට මුල්ගල තැබෙන්නේ 2012 වසරේ ජනවාරි 20 වෙනිදාය. ඒ බැසිල් රාජපක්ෂ මහතාගේ සුරතිනි. වැඩ අවසන් වීමට සැලසුම් කෙරෙන්නේ මෙම වසරේදීය. එහෙත් මෙම වසරේ වැඩ අවසන් වේවි යැයි පවතින තත්ත්වය මත සිතිය නොහැකිය.




මෙම දැවැන්ත ඉදිකිරීමේ පාදම් කොටම් පවා නෙළුම් පෙති හැඩයට සකස් කෙරෙන අතර මේ තුළින් ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් මෙන්ම සශ්‍රීකත්වය, නිර්මලත්වය සංස්කෘතත්වය පෙන්නුම්කරන බව සදහන්ය.  





ලක්බිම පුවත්පත 

කොළඹත් මීගමුවත් අතර විද්‍යුත් දුම්රිය සේවයක්


elecකොළඹත් මීගමුවත් අතර විද්‍යුත් දුම්රිය සේවයක්

ලංකාවේ පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව මැලේසියානු සමාගමක් විසින් ආරම්භ කිරීමට නියමිත බව වාර්ථා වේ.
මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ග පද්ධතියක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ මැලේසියාවේ එයාර් එක්ස්ප්‍රස්- එයාර් ඇන්ඩ් රේල් කම්පැනි  ප්‍රයිවට් ලිමිටඩ් සමාගම ගිවිසුමකට එලඹ තිබේ.
ශක්‍යතා වාර්තාවට ඩොලර් මිලියන 5 ක පමණ මුදලක් ආයෝජනය කිරීමට නියමිත අතර රජයෙන් අනුමැතිය ලැබුන වහාම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් වාර්ථා වේ.
විද්‍යුත් දුම්රිය මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 42 කි. කටුනායක ගුවන් තොටුපොළේ සහ කොළඹ කොටුවේ පර්යන්ත දෙකක් ඉදිකරන අතර දුම්රියට පිවිසුම් ස්ථාන බෝපිටියේ සහ කෙරවලපිටියේ ගොඩනැගීමට සැලසුම් කර ඇත.
බෝපිටියේ පිවිසුමට ආසන්නව අක්කර 150 ක ඉඩම් මිලදී ගනිමින් සියලු පහසුකම් සහිත නගරයක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත. මේ සියලු ඉදිකිරීම් 2018 වසර අවසන් වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

post

MSTI Maritime Academy Launches Sri Lanka’s Most Advanced and Comprehensive Ship Handling Simulator.

    Established in 1986 as Sri Lanka’s first privately-owned maritime training school, MSTI Maritime Academy today holds a prestigious l...

Popular Posts ජනප්‍රිය ලිපි