
අලූත් අවුරුදු කාලෙට කොළඹ අඩි තුනක් උඩට එනවා යැයි මිනිසුන් කියන්නේ
නිකමට නොවේ. ලංකාවේ හතරදිග්භාගයෙන් කොළඹට පැමිණ එහි සදාකාලික
නවාතැන්කාරයන්ගෙන් මෙන්ම බෝඩිංකාරයන්ගෙන්ද අඩුවක් නැති කොළඹ නගරය දරා
සිටින්නේ තමන්ට ඉසිලිය හැකි බරක් නොවේ. අවුරුද්දේ තුන්සියහැටපස් දවසේම මේ
බර උසුලමින් පොළොවටම තද වී සිටි කොළඹ නගරයට විවේකයක් ලැබෙන්නේ සිංහල අලූත්
අවුරුදු කාලයටය. ඒ කොළඹ ඉන්නා මිනිසුන් තමන්ගේ ගම්බිම් කරා යාමත් සමගය.
සමහරු යන්නේ රජරට ඉසවුවටය. තවත් සමහරු දකුණටය. සමහරු උතුරටය. සමහරු
නැගෙනහිරටය. තවකෙක් ඇතුගලටය. තවකෙක් රත්නපුරයටය. මේ ආකාරයෙන් කොළඹ උන්
සියල්ලම කදමලූ බැදගෙන තමන්ගේ ගම්බිම් බලා ඇදුණු කල ජනාකීර්ණ කොළඹ නගරය වෙත
ආරුඩ වන්නේ වෙනස්ම මුහුණුවරකි. නිමක් නැතිව ඇදෙන වාහන පෙරහරවල් වෙනුවට
ඇත්තේ ඉදහිට ඇදෙනා වාහනයක් දෙකක් පමණි. වෙනදාට නිවනක් නැති කොළඹ පාරවල්
නිදහස්ය. ඒ මහා බරකින් නිදහස් වූවාක් මෙන්ය. අවුරුදු කාලෙට සිදුවන මේ
විපර්යාසයත් සමග එතෙක් මහා බරක් දරා සිටි කොළඹ සැහැල්ලූ වෙද්දී මිනිසුන්
කීවේ අවුරුදු කාලෙට කොළඹ අඩි තුනක් උඩට එන බවය. කොළඹ පොළොවට නිදහස් වන්නට
දී ගම්බිම් ගෙවල් දොරවල් බලා ගොස් අවුරුදු කන්නට යන හැමෝගේම එකම
බලාපොරොත්තුව සතුටින් අවුරුදු සැමරීමය.
එසේ කොළඹ සිට ගමග යන අතරමගදී ඔවුනට එදා ගමේ මැවුණු අවුරුදු සිරිය අද
දක්නට නැත. ඒ නිසාම කොළඹ ගෙවූ ජීවිතයට වඩා වැඩි යමක් ඔවුනට ගමේ ගියා කියලා
ලැබෙන්නේ ද නැත. එදා ගමේ මී අඹ ගහේ සිට හැඩූ ගමේ කොවුලාන් තවමත් පැමිණ
නැත. පරිසරවේදී නම් කියන්නේ කොවුලන්ගේ බිජුලන චක‍්‍රය වෙනස් වී ඇති නිසා
කොවුලාට බක්මහේ හඩන්නට අමතකව ඇති බවය. කොවුලන්ට නවාතැන් දුන් එරබදු ගස් ද
අද ගමේ නැත. මග නැගුම වෙනුවෙන් ඒවා කපා දමලාය. ඒ නිසා ගමේ පොඩි උන් අද
එරබදු මල් දකින්නේ කඩෙන් ගන්නා රූප කොළයකින්ය. අලූත් අවුරුද්දට කන්න ගෙනා
කුකුලන් තවම ෆ‍්‍රිජ්වලය. කඩෙන් ගත් කවුම් කොකිස් අවුරුදු මේසයේය. ඒ නිසා
ගෙදර තෙල් තාච්චි රත් වන්නේද නැත. මේ නිසා මිනිස්සුන්ට අවුරුද්ද කියා දෙයක්
නැත. හැමදේම තීරණය වන්නේ සල්ලිත් එක්කය. ”සල්ලි තියේ නම් හැමදාම අවුරුදු”
යැයි ගමෙන් කොළඹට යන්නන් කියද්දී ගම්මුන් කියන්නේ ”ඉලව් අවුරුද්ද” කියාය. ඒ
එදා තමන් විදි සුන්දර අලූත් අවුරුද්ද අද කවුරුන් හෝ හොරකම් කරගෙන ඇතැයි
දුකෙනි. කෙසේ වුව අවසානයේ තමන් පුංචි සන්දියේ විදි අවුරුද්ද ගමෙත් නැත. ඒ
නිසා ඔවුන්ට සිදුවන්නේ රූප පෙට්ටියේ පෙන්වන අවුරුද්ද බලා ආපසු කොළඹ ඒමටය.
එදා අපේ මිනිස්සුන්ට සිංහල හින්දු අලූත් අවුරුද්ද දවස් දෙකකට පමණක් සීමා
වූ දින දෙකක් වූවේ නැත ගොවිතැනේ චාරිත‍්‍ර සමගින් බද්ධ වූ මුල් අවස්ථා
රැසක දිගුවක් වූ බක්මහේ මංගල්‍යයේ කූට ප‍්‍රාප්තිය සිදු කෙරුණේ එකී දින
දෙක ඇතුළතය. මාස් කන්නයේ අස්වැන්න ගෙට ගෙවදින ශුභ මුහුර්තිය සමරමින් තමන්ට
අස්වැන්න නෙළීමට අඩකඩ සලසාදෙමින් භූමියට ඔවුහු උපහාර පිදුහ. ඒ වෙනුවෙන්
නැකැත් කෙළි පැවැත්වූහ. උපන්දා පටන්ම සොබා දහමත් සමග එක්ව ජීවත් වු ඔවුහු
තමන්ට නොවැටහෙන ස්වාභාවිකත්වයට දේවත්වය ආරූඩ කළහ. එනිසාම ඉර, හද පමණක් නොව
අව්, වැසි, මේඝ යන මේ හැමෙකක්ම උපහාරයට ලක්විය. මේ අතරතුර භාරතීය
සංස්කෘතියේ පහස ලබමින් සූර්ය මාතා වන්දනයත් මහී කාන්තාවට උපහාර පුදමින්
ජගන් මතා වන්දනයටත් මුල් තැන හිමි විය. පත්තිනිය ඇසුරින් නොයෙක් මාදිලියේ
ජනකෙළි සිංහල අලූත් අවුරුද්දට එක්කාසු වෙද්දී බෞද්ධ සාහිත්‍යටද එකී
බලපෑමෙන් සම්පූර්ණයෙන්ම වියුක්ත වන්නට නොහැකි විය. ජාතක පොතේ එන මණොචෝර
ජාතකයෙන් සේම මෝර පිරිතෙන් හුවා දක්වන්නේ එකී සිද්ධිදාමයට සමපාත
සිද්ධීන්ය. මෙකී සූර්ය මාතා වන්දනය පසුකාලීන සූර්ය මංගල්‍යය බවට පත්
වන්නේය. මදය ගලවා පොත්ත පමණක් සිඹ්නා කලියුගයක අද දවසේ සූර්යයාට සිදුකරන
වන්දනයක් ගැන හාංකවිසියක් නොදන්නකු බවද සිංහල හිංදු අලූත් අවුරුද්දට සූර්ය
මංගල්ලය යන ව්‍යාවහාරය යොදන්නේ ඒ නිසාය.
හෙළ රාජාවලියේ මුල් යුගය දක්වාම ඉතිහාසයකට නෑකම් කියන අවුරුදු නැකත්
කෙළිය එද රජුන්ගේ දිනචර්යාව තුළින් සුවිශේෂී ඉඩක් හිමිකරගත් බැව් පවසන්නේ
මහවංශ කතාකරුවාය. ඒ ක‍්‍රිස්තු වර්ෂ 377 කාල සමයේදී ලංකාවේ රජකම් කළ
පණ්ඩුකාභය රජු චිත‍්‍රරාජ සමග සම අසුන්ගෙන නැතත් කෙළි නැරබූ බව සටහන්
කරමිනි. එසේම රජුන් මූලික කරගත් වැඩවසම් සමාජ ක‍්‍රමයක් තුළ සුපුරුදු පරිදි
අවුරුදු මංගල්‍යය තුළද ජනතාවට නායකත්වය දුන්නේ රජතුමාය. ජනතාවද රජුගේ
මූලිකත්වය තුළ අවුරුදු සැමරීම පුරුද්දක් කරගත්හ. ඉනික්බිති සිදුවූ සමාජ
විපර්යාස සමගින් මෙකී සාම්ප‍්‍රදායික ඌරුවට නොයෙකුත් වෙනස්කම් එක් වූ අතර
බොහෝදෙනාට දැනෙන්නට එකී වෙනස්කම් සිදුකලේ යටත් විජිත පාලකයන්ය. 1833
කෝල්බෲක් යෝජනාවන් සමගින් රාජකාරී ක‍්‍රමය අහෝසි කිරීමත් සමග නව සමාජ
ව්‍යූහයන් තුළ එතෙක් පැවති සාම්ප‍්‍රදායික ජීවන චර්යාව සම්පූර්ණයෙන්ම අහෝසි
වී ගියේය. පළමුවෙන්ම රාජකීය අනුග‍්‍රහයෙන් පැවැත්වුණු අලූත් අවුරුදු
චාරිත‍්‍ර වෙනුවෙන් පවුලේ ප‍්‍රධානියාට මුල් පුටුව හිමි විය. අනතුරුව
ගම්මානයක්ම එක්ව ගමේ කුඹුරු යාය මුල් කරගනිමින් පැවැත් වූ අක්යාල වෙන්
කිරීම, අස්වනු හුවමාරුව වැනි කුඩා කුඹුරු වෙන් කර බෙදාදීම තුළ එකී සාමූහික
චාරිත‍්‍ර පෞද්ගලික චාරිත‍්‍ර බවට පත්විය. එතැන් පටන් ගෙවුනු කාලය තුළ
සමාජයේ සේම අලූත් අවුරුද්දේ විශාල පෙරළියක් සිදුවූයේ කාලනුරූපීව අඩුවැඩි
වශයෙනි.
එදා පරණ අවුරුද්දේදීත් අලූත් අවුරුද්දේදීත් සද දෙස බැලූ අපේ මිනිසුන්ට
දැන් රාත‍්‍රියට සද පායනවා කියා බලන්නටත් වෙලාවක් නැති තරම්ය. එක්කෝ ඔවුහු
ඒ වෙලාවට නෑදෑ පිරිවර හා එකතු වී ටී. වී. එකේ පෙන්වන අවුරුදු කතාවක
එල්ලිලාය. නැතිනම් රූපවාහිනී හෝ එෆ්. එම්. අවුරුදු උත්සවයක් සමග එකතු වී
දුරකතනයෙන් අවුරුදු ක‍්‍රීඩා කොට සල්ලි මල්ල දිනා ගැනීමේ තරගයකය. සද තනිවම
අහසේය. මිනිසුන් ගෙයි මැද සාලයේය. චාරිත‍්‍ර වලපල්ලේය. මෙවන් චාරිත‍්‍ර ගැන
දැන් හැදෙන දරුවන් නොදන්නා තරම්ය. ඹවුන් පුරුදුව ඇත්තේ ස`ද හාමි දෙස බලා
කිරි පැණි ඉල්ලන්නට පමණක්ය. බැරිවෙලා හෝ මේ ගැන දැන් පරපුරේ අයෙකුගෙන්
විමසුවහොත් ඔවුන් කියන්නේද අපි සද දිහා බලාගෙන පොලූ ගැසූ පන්නයේ අයවලූන්
නොවනා බැව්ය. ඒත් එදා අපේ මිනිසුන් පරණ අවුරුද්දේ සද බැලූවේත් නව සද
බැලූවේත් ”හූ” කියන්නටත් පොලූ ගහන්නටත් නොවේ. සොබාදහම ගෞරවයෙන් ඇදැහූ
සමාජයක ඔවුහු විශ්වයේ ශක්තිය ප‍්‍රබල ලෙසම ඇදවූහ. ඔවුන් ජීවිතයෙන් බැහැර වූ
කළ ඔවුහු බොහෝ දේ තීරණය කළේ සදු මස පදනම් කරගෙනය. ඒ නිසාම අවුරුද්දක් පරණ
වන තැන ඔවුහු ස`ද දෙස බලා ආශිර්වාද ලබා ගත්හ. බක් මසේ නව සද බැලීමද එසේමය.
ගෙවුණු දින තුන්සියහැටපහ මුළුල්ලේ සෙද් බලපෑමෙන් ජීවිතයේ බොහෝ දෑ තීරණය
වූවා සේම අලූත් අවුරුද්දේද එය එසේම විය යුතු බවට ඔවුන් තුළ තදබද විශ්වාසයක්
විය. ගෙදරක ගෘහ මූලිකයා පළමුව මිදුලට බැස සද දෙස බලා කෘතවේදීත්වය පළ කළ
අතර ඉනික්බිති සියල්ලෝම ඒ චාරිත‍්‍රයේ නියැළුණහ. අලූත් අවුරුද්දේ හා හා
පුරා කියා ගොවිතැන් රටාව සිදු කර ගන්නා අයුරු මනසෙහි තැම්පත් කරගන්නේ සද
දෙස බලාය. එසේම මිනිසුන් සද දෙස බලා හූ කීවේ ඔවුනට කිසිසේත් ස`දට සමීප විය
නොහැකි වුවත් ශබ්දය ඔස්සේ යම් පමණකින් හෝ හදට ළංවිය හැකි බවට විශ්වාසය
කරමිනි.
එහෙත් අද දවසේ බොහෝ දෙනා පවසන්නේ කරන්නට ඕනෑ නම් මේවා ගමේ ගොයියන්ටත් බයිටන්ටත් කරන්න යැයි කියාය.
ලිප ගිනි මෙළවීමත් ගණුදෙනුවත් එසේමය. එදා පන්සලේ ඝණ්ටර නාදයට නැකත් බැලූ
සමාජය අද නැකත් බලන්නේ එෆ්. එම්. නාලිකාවලින් හෝ ටීවී එකකින්ය. එදා තිබූ
ලිත දැන් අවලංගුය. සාම්පර්දායික අවුරුදු සීට්ටුව අවලංගුය. අවුරුදු සීට්ටුව
එන්නේ එසැණින් ජංගම දුරකතනයට ලැබෙන කෙටි පණිවිඩයකින්ය. ඉදින් නැකත්
චාරිත‍්‍ර තක්කෙටම කරන්න නම් හොදින් රේඩියෝව සුසර කරගත යුතුය. රෙඩියෝව ලිප
අසල තබාගෙන නිවේදකයාගේ මුවින් විධාන නිකුත් වන තුරු කාන්තාවන් ගිනිහුය අත
තබාගෙනය. ළිප ගිනි මෙළවීමේ චාරිත‍්‍රයට තව තප්පර තුනයි… දෙකයි.. එකයි..
කියා රේඩියෝවෙන් රතිඤ්ඤා පත්තු කරද්දී ඒ හඩ අසාගෙන ලිප ගිනි මෙළවීම සිදු
වන්නේය. ගණුදෙණු කිරීමද එසේමය. එදා ගණුදෙණු කිරීමට හා හා පුරා කියා
තෝරාගත්තේ ළිදය. කහ¥රු වැනි කුළුබඩු ස්වල්පයක් ගෙන කාසියක් උරගා පොට්ටනියක
බැද ගෙදරට ගෙනෙන වතුර ලබාගන්නා ළිදට හෝ පිහිල්ලට දමා ඉන් වතුර ස්වල්පයක්
බදුනකට දමා ඊලග සිංහල අවුරුද්ද ලබන තෙක් ගෙයි මුල්ලේ ආරක්ෂාවට තැබීම එදා
සිදුවිය. මේ අපූරු ගණුදෙනුව පැන් තොට ගනුදෙනුව නොවේ නම් ළිද ගනුදෙනුව නමින්
හැදින්වූහ. එසේම අද මෙන් නොව එදා ඔවුන් ගණුදෙනුවේදී මූල්‍ය වටිනාකමක් සහිත
දේ හුවමාරු කරගත්හ. එහෙත් අද ඒ ගනුදෙනුව සිදුවන්නේ වෙනස්ම ආකාරයටය. මේ
වෙද්දී ගනුදෙනු වෙලාවට මිනිසුන් පිරෙන්නේ බැංකුවල පෝලිම් වලටය. ඒ බැංකුවේ
වැඩි වැඩියෙන් තැම්පත් කොට අවුරුදු තෑග්ගක් ලබා ගැනීමටය.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වන මොහොතේදී එළැඹෙන නොනගතය
හෙවත් පුණ්‍ය කාලය තුළ කිසිදු වැඩක් කිරීම අකැපය. ඒ මොහොත වෙන් වන්නේ
පුණ්‍ය කටයුතුවලටය. එදා සූර්යයාගේ ගමන් රටාව අනුව ජීවිතය සකසගත් මිනිසුන්
මේ සංක‍්‍රාන්ති කාලය තුළ ජීවිතයේ සංක‍්‍රාන්ති සමයක් ලෙස සැලකූ නිසාම
අලූත් අවුරුද්දේ ජීවිතය වෙනස් කර ගැනීම සදහා සුදුසුම කාලය සැලකූවේ මේ පැය
කිහිපයයි. අලූත් අවුරුද්දත් නොවන පරණ අවුරුද්දත් නොවන මේ පැය කිහිපය තුළ
ගෙදර ලිපක් හෝ පත්තු නොවේ. කිසිදු ආහාරයක් ගැනීමද සිදු නොවේ. එහෙත් වත්මන
වන විට නොනගතය නිකම්ම නිකම් වචන හරඹයකි. නොනගතය යෙදෙන පැය ගණන නොකා
සිටියොත් හාමතේ මියැදේවි යි සිතා ඔවුහු රිසි සේ කෑම බීම අනුභව කරති. පරණ
අවුරුද්දේ දැල් වූ ළිප එලෙසමය එළැඹුන පුණ්‍ය කාලයේ පින් දහම් කරන්න යැයි
කියා විටින් විට ප‍්‍රචාරය කරන මාධ්‍ය ඒ මොහොතේත් සල්ලි විසි කරමින්
ශ‍්‍රාවකයා අවුරුදුවලට යොමු කර ගැනීමේ උත්සාහයේය.
අනෙක් අවුරුදු චාරිතවලටද ගිය කලද මීට වඩා නොවෙනස් නැත. එදා අවුරුදු කෑම
මේසයේ කිරිබතට ලූණු මිරිසක් හදන්නට උම්බලකඩ නැතිනම් බොණ්ඩි අලූවා ගෙනා
කත්කරුවන් අද නැත. අලූත් අවුරුද්දට පෙර සූදානමක් ලෙස ඇදුම් ආයිත්තම් පමණක්
නෙව වළං පිගන්, හට්ටි මුට්ටිත් ගෙදරට ආවේය. ඉස්සර එලෙසින් ගමට ආ චීන රෙදි
පොට්ටනි මුදලාලිලාත් අද නැත. වළං කත්කරුවන්ටත්, මණිබඩු පෙට්ටිකරුවාටත් ගම
අමතක වී ගොස්ය. ඒ වෙනුවට විසිහතර පැයේම විශේෂ අවුරුදු සේවාවන් වෙනුවෙන්
වෙළෙද සංකීරණ විවෘතය. වෙනදා මෙන් අවුරුද්දට දවස් ගණනකට පෙර සිටම රත්වන්
තෙල් ළිප දැන් දුම් මුල්ලේය. ඒත් නැත්නම් කුණු ගොඬේය. තෙල් තාච්චියට
රත්වෙමින් පැය ගණන් ළිප ලග සිටීමට ගෘහණියන්ට අවශ්‍ය නැත. වෙළෙදපොලින් මිලදී
ගත හැකි අවුරුදු කෑම මේසය නිසා ඔවුන්ට ලෙහෙසිය ගෙදර හැදෙන කැවුම් මෙන් නොව
ඒවායේ හැඩයද අපූරුය. ”බුරිය” පිපෙන්නට කැවුමක් හදාගත නොහැකි කාන්තාවන්ට මේ
තරම් සතුටට වෙනත් කාරණාවක් නැත.
දැන් ගමටද ගොස් ඇති ”සුපර් මාර්කට්” නිසා අවුරුදු නැකත් වෙලාවට වුවත්
ගොස් තමන් කැමති දේ අරගෙන එන්නට ගමේ මනුස්සයාටද පුලූවන. ”අලූත් අවුරුද්දෙත්
අපි විවෘතයි” කියා විශාල දැන්වීම් පුවරුවක් මේ අවුරුද්දේදීත් එවන් සුපර්
මාර්කට් ඉදිරිපිට ළෙල දෙනු ඇත. ඔවුනට අවුරුද්දක් නැත. නැකත් ද නැත.
පාරිභෝගික සේවය වෙනුවෙන් ඔවුන් ඒ තරමටම කැපවෙලාය.
සාම්ප‍්‍රදායික ක‍්‍රීඩාවලින් වත්මන් අවුරුදු උත්සව නම් තවමත් ගමේත්
නගරයේත් සංවිධානය වේ. සුද්දාගෙන් හොරාගත් ”ග‍්‍රීස් ගහ” ද තවමත් අවුරුදු
උත්සව වල විරාජමානය. එහෙත් නොබෝ කලකින්ම අවුරුදු උත්සව වලටත් තිත තැබිය
හැකි බවට දැන් දැන් ඉ`ගි සැපයෙන්නේ මේ මෙහෙත වනවිටත් ගෙදර දුරකතනය අසලට වී
අවුරුදු ක‍්‍රීඩා කිරීමේ ඉතා පහසු අවස්ථාවක් විද්යුත් මාධ්‍ය හරහා උදා කර
දී ඇති නිසාය. ඒ අනුව කණාමුට්ටිය බිදින්නත් ග‍්‍රීස් ගහේ නගින්නත් කැට
ගසන්නත් කඹ අදින්නත් අන්ධයාට කිරි කවන්නත් පමණක් නොව අලියාට ඇහැ තමන්නත්
මේ හරහා පුලූවන. ගමේ අවුරුදු උත්සව වලදී මෙන් නොව මේ අවුරුදු උත්සව වලින්
ලැබෙන සල්ලි නිසාම මිනිසුන්ද මේවාට කැමතිය ඔන්චිලි වාරමක්, රබන් පදයක්
ඇසෙන්නේද මාධ්‍ය අවුරුදු චාරිතයේදීය. අනෙක් අවස්ථාවලදීද අලූත්් අවුරුද්දට
අධිපති වී ඇත්තේ මාධ්‍යකරුවන්ය. මිනිසුන්ට අවුරුද්ද ආව කියා මතක් කරන්නේත්
අවුරුදු සීට්ටුව කියවන්නේත් දැන් අවුරුදු ඉවරයි වැඩට පලයල්ලා යැයි
කියන්නෙත් ඔවුන්ය. එසේම ඒ වෙනුවෙන් අවුරුද්දේ බරපැන අතට ගන්නේ වෙළෙද
දැන්වීම්කරුවන්ය. දැනටමත් ඔවුන්ගේ අණසකට ජනජීවිතය ගොදුරු වී හමාරය. දැන්
අවුරුද්ද මාධ්‍යකරුවන්ගේ අවුරුද්දක් බැව් පවසන්නෙ ඒ නිසාය.
එදා පොදු මහත සමාජයට නැවුම් අත්දැකීමක් එක් කළ මිනිසුන්ගේ ජීවිතවල
කොටසක් වූ අලූත් අවුරුදු මහා මංගල්‍යය කාලීන සමාජ පෙරළියත් සමග ක‍්‍රමික
අවසානයක් කරා ගමන් කොට ඇත්තේ එලෙසින්ය. ඊට හේතූන් මේ යැයි පවසමින් තාර්කික
කරුණු ගෙනහැර දැක්වීමට වඩා අවාසි වන්නේ එදා අවුරුදු මංගල්‍යයේදී සිදුකළ
චාරිත‍්‍ර පමණක් නොව ඒ හරහා මිනිසුන් බලාපොරොත්තු වූ සත් ක‍්‍රියාවන්
සමාජයට කාන්දු කරවීමය. ඒ සදහා අලූත් අවුරුද්දේදී අලූතින් සිතන පරම්පරාවක්
බිහිවිය යුතුය. එදිනට බක්මහේ අසිරිය සැබෑවටම විදින්නට කාට කාටත් හැකිවනු
ඇත. නැවුම්ව සිතන මිනිසුන් සමරන එවන් අලූත් අවුරුද්දකදී ගම හැරදා ගියද
කොවුලාද යළි ගමට එද්දී ඒ සතුටට එරබදු ගස් යළි දලූලනු ඇත. එදිනට රේඩියෝවෙන්
හඩන කොවුලා තම රාජකාරී නිමකොට ආපසු යනු ඇT