උපත් පාලන පෙති, උපකරණ මිලදී ගන්නේ 50%ක් ටියුෂන් ළමයි

උපත් පාලන පෙති, උපකරණ මිලදී ගන්නේ 50%ක් ටියුෂන් ළමයිගම්පහ නගරයේ තිබෙන ෆාමසිවලින් විකුණන උපත් පාලන පෙති සහ උපත් පාලන උපකරණ වලින් 50‍%ක්  මිලදී ගන්නේ උපකාරක පන්ති වලට එන වයස අවුරුදු 16ත් 24ත් අතර තරුණ තරුණියන් බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පවසයි.
‘ගම්පහ නගර සභා බල ප‍්‍රදේශයේ අනුමත ලැගුම්හල් 16 ක් තිබෙනවා. අලූතින් කිසිදු ලැගුම් හලකට අනුමැතිය දීලා නෑ.  ඕනෑම නගරයක මෙවැනි දේ තිබෙනවා. ඒවා රටට අවශ්‍යයි.  නමුත් ලැගුම්හල් මුවාවෙන් අපචාර සිදු කරන්නට ඉඩ දෙන්න බැහැ. එවැනි දේ විධිමත් පාලනයක් තුළින් අවම කරගත යුතුයි. පොලීසියේ උසස් නිලධාරීන් මේවායේ සිදුවන අපචාර මැඩලීමට විධිමත් ක‍්‍රියා මාර්ග යෝජනා කළත් ඒවා ක‍්‍රියාත්මක කරන පහළ නිලධාරීන් මන්දගාමී වීම නිසා මේවායේ සිදුවන අපචාර අඩුකරන්න අපහසු වෙලා තිබෙනවා.
බලපත‍්‍ර ඇති ලැගුම්හල්  වලට අමතරව අනවසරයෙන් මෙවැනිතැන් පවත්වාගෙන යන  නිවාසත් තිබෙන බව පිළිගන්නවා. නමුත් මේවා ගැන නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන තිබුණත් ඒවා නිසි ලෙස ක‍්‍රියත්මක නොවන බව පැහැදිලියි නගර සභාවට පමණක් මේවා සොය බලා ලැගුම්හල් වල සිදුවන සියලූ අපචාර අඩුකරන්න අපහසුයි.
අද ගම්පහ නගරය තුළ තිබෙන ෆාමසි වලින් විකුණන උපත් පාලන පෙති සහ උපත් පාලන උපකරණ වලින් සියයට පනහක් මිලදී ගන්නේ උපකාරක පන්ති වලට එන අවුරුදු 16ත් 24ත් වයසේ පසුවන තරුණ තරුණියන් බව ෆාමසි හිමියන් කියනවා. මේ අයට මෙවැනි දේ ලබාදීම ප‍්‍රතික්ෂේප කළ හැකියි. නමුත් රටේ සාරධර්ම මුදලට යටවෙලා’ යැයිද කී ගම්පහ නගරාධිපතිවරයා ගම්පහ ලැගුම්හල් වලට එන පුද්ගලයන් පිළිබද නිවැරදි තොරතුරු හා දත්ත දන්න අය අතර ගම්පහ නගරයේ ත‍්‍රීවිල් රියදුරන් මුල් තැනක සිටින  බවද කීය.


Click Here!

No comments:

post

How Central Bank Decisions Impact Your Gold Trades: A Macro Guide

  How Central Bank Decisions Impact Your Gold Trades: A Macro Guide   For retail traders, the gold market often appears to be driven by ...

Popular Posts ජනප්‍රිය ලිපි